
(සුජිත් හේවාජුලිගේ)
තමා ජනතා විමුක්ති පෙරමුණේ කිසිම වැඩ පිළිවෙලකට තමා කිසිම අවස්ථාවක සම්බන්ධ වී නැතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය .
නන්දන ගුණතිලක මහතාගේ ප්‍රකාශය කිසිම පදනමක් නැති එකක් බවද ඔහු ප්‍රකාශ කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලද විමර්ශන කඩාකප්පල් කිරීමේ කිසියම් උත්සාහයක් පවතින බවද හෙතෙම සඳහන් කරයි. මේ කාරණය සම්බන්ධයෙන් කොමිසමේ අවධානයට යොමු කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා බලාපොරොත්තු වෙයි.
ඔහු මේ බව පැවසුවේ පුවත්පත් සංවාදයකදීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වොයිස් කට් ඕන නෑ....උසාවි ගිහින් ඔප්පු කරන්න....නැත්නම් ඉල්ලා අස්වෙන්න...සරලයි..
න. ගු.ව ර.වි. කඩේ යවනවා. ලඟදීම පි.බ. බේත් විදින්න වෙනවා.
නන්දනත් ප්‍රකාශයක් කරන්න ඇත්තෙ වගකීමක් දරාගෙන වෙන්නෙ ඇතිනේ එහෙමනම් අපහාසයට වන්දි ඉල්ලා නඩුවක් පැවරුවොත් නරකද ප්‍රකාශවලින් සත්‍ය සොයාගන්න අමාරුයිනේ
බල්ලෝ බිරුවට කදු පාත් වෙන් නැහැ කියලා කියමනක් අප කවුරුත් අසා ඇත... ඔහොම යමු...
ඔය පළාත් සභාවල කට්ටිය ගැන විශේෂයෙන්ම සොයල බලන්නග ඇතිවෙන්නම ගහගෙනයි තියෙන්නෙ.විශේෂයෙන්ම දකුණු පළාත් සභාව. ඉහළ පුටුවල කට්ටිය වැඩිපුර පඩිත් අරගන්නවලු.මේගොල්ලෝ වරක් නොවෙයි දෙතුන් වතාවක් හිරේ යන්න ඕන කට්ටිය. විගණන විමසුම් තිබියදී කල් ඇතිවම විශාම යවනවා.ලැබුණු පැමිණිලි මත අද හෙටම විමර්ශන පටන් ගන්න.
කරුණාකර මේ කොමිෂන් වලට සහ ගරු අධිකරණයට , අධිකරණ සේවා කොමිසමට කරන අපහාස නතර කිරමට නීතිය ක්‍රියාත්මක කරන්න. බියෙන් බියට පත්වූවන්, නන්දන වැනි අය මෙවැනි කටයුතුවලට පාවිච්චි කරන බව පෙනේ.
හල්ඔලුව අංක දෙක, ජනාධිපතිට මඩ කතාවක් කීවේ අනුන් වෙනුවෙනි, ඔප්පු කල නොහැකිව තවත් නැටුමක් නටා රිමාන්ඩ් ගතවිය. නන්දනත් ලේකනයක් ඇතැයි කීවද මාධ්‍යවෙත නොදී සිටී, තිබේ නම් එය පෙන්විය යුතුය. පැටලීමක් වී ඇතැයි කීවද මඩ කරියන් එය කර තබාගෙන ඇඟ බේරාගෙන මාධ්‍ය හමු තබයි. සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.
මෙවැනි රජයේ ඉහළ වගකීම උසුලන නිලධාරියෙකුට එරෙහිව නොසැලකිලිමත් ලෙස , වයිරී ප්‍රකාශ නිකුත් කර, කීර්ති නාමයට හානි කරන අයව තරාතිරමක් නොබලා අත්අඩංගුවට ගෙන සුදුසු නීතිමය පියවරක් ගත යුතුයි
සජබ පොහොට්ටු අලි හවුලේ හොර නඩය දැන් අපක්ෂපාතී රාජ්‍ය සේවකයන් ඉලක්ක කර අපහාස, චරිත ගාතන හා අබූත චෝදනා නගමින් තමන්ගේ අපරාධ වසන් කරන්න අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටිනවා.
වටේ යන්න දෙයක් නෑනේ .මහත්තයෝ එයා කෙලින්ම චෝදනාවක් කලේ ඔයාටනේ නැතුව කොමිසමට නෙවේ නේ.පොලීසි ගියා, පැමිනිල්ලක් දැම්මා.ස්වාධීන පොලීසිය යටතේ නිතීය ක්‍රියාත්මක කෙරුවා. ඉවරනේ.
නන්දන ඔය දෙය කීවේ ප්‍රිසිද්ද රූපවාහිනී ජාලයක. අනික නන්දන ප්‍රසිද්දියෙ කීවා එයා කියන එක බොරුවක් නම් ඕනම තැනකට ගිහිල්ලා නඩු දාන්න කියලා. ඒ නිසා ඔබතුමා බබා උකුන් වෙන්න හදන්න එපා.
කයිවාරු නැතුව නන්දනව උසාවි ගේන්නකෝ. එයා ඉල්ලන්නෙත් ඒකයි.
දැන් විපක්ෂය නන්දන ගුණතිලක භාවිතා කරනවා මඩ ගහන්න. ඊළඟ ජනාධිපතිවරණෙ දි විපක්ෂයේ පොදු අපේක්ෂකයා නන්දන ගුණතිලක. දැන් ඉඳල ජනප්‍රිය වෙන්න හදන්නේ ඒ නිසයි.
මේ අධ්‍යක්ෂක ජනරාල් තුමාගේ පිළිතුර හරියට බන්ඩක්කා වගේ .බරපතල ප්‍රකාශයක් කරලා තිදේදිත් කිසිම ශබ්දයක් නැතුව ඉන්නෙ හරියට මොකවත් කරතියාගන්න බැරිව ඉන්න ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ
දැන් මෙතන කොටන සජබ පොහොට්ටු අලි බයි නඩය වැලෙලෙන්න හදනවා රංග දිසනායකට උසාවි යන්න කියලා, උසාවි යන්න මෙතන අපහාසයක් වෙලා නැහැ. ඒ නිසා තමයි දේශපාලන මළ සිරුරක් වුණත් කතා කරවන්නේ. ඒ කොහොම වුණත් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ කමිටුවේ හිටියා කියන්නේ කොහොමටවත් අපහාසයක් නොවෙයි.
විපක්ෂයට බය නැත්නම් කෙලින් පාරෙන් එන්න. නිකන් නන්දනලාවගේ හාල් කෑලි ඉස්සරහට දාන්න එපා..