නව රජය පොරොන්දු වූ පරිදි වංචා දූෂණවලට චෝදනා ලත් සියලු දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණය පැවැත්වීය.
පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන්ට නව රජය මගින්ද ඉන්ධන දීමනා, නිල වාහන ඇතුළු දීමනා ලබාදීම හොරුන්ට අල්ලස් දීමක් යැයි ඔවුහු කියති.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ටිල්වින් සිල්වා, විජිත හේරත්, කේ.ඩී.ලාල්කාන්ත, වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් ඊට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂණ වංචා වලට කතා කරන්න ඉන්නේ මේ අය. අනිත් හැමෝටම මොනා හරි වරදානයක් දුන්නම කට වහගෙන ඉන්නවා. වංචා දුෂණ වලට කතා කරන එකේ වරදක් නෑ (නදී)
දිගටම ඔබේ සටන ගෙනයන්න. ජනයාට කවදාහරි ඇත්ත තේරෙයි (නි)
මමත් අපරාදේ නිදිමරාගෙන යහපාලනය වෙනුවෙන් අදහස් දැම්මේ.අපරාදේ කරගත් මෝඩ වැඩේ! මහින්ද මහතා නැවත පැමිණියේ නැත්නම් රටම අනතුරේ. (නි)
පිටිගල අහල තියනවා නේද රොබින් හුඩ් ගැන . එයා හොරෙක් , නමුත් එයා වීරයෙක් . එක කොට්ඨාසයක් එයාව ප්‍රතික්ෂේප කළා .තව කොට්ඨාසයක් එයාව අනුමත කළා ආදරය කළා.(දිල්)
මට දැන් දැන් ඇත්ත තේරෙන්නේ. අපේ රට අනතුරේ. (නදී)
අපි රැවටිලා වගේ දැනෙනවා. මහා මැතිවරණයේදී තීන්දුවක් ගන්නවා. (නදී)
දැන් දැන් ඔය තේරුම් යමින් තියෙන්නේ. ඉරිඟු දීලා මිරිස් ගත්තා වගේ කියල අපි කිව්වේ කට කහනවට නොවේ. කොහොමටත් ජේ.වී.පී එකට ඕන කලේ වෛරී හවුලක් හදාගෙන මහින්දව පරද්දවන එකනේ. (නදී)
ලිබියාවේ ගඩාෆිට වගේ පැය 24 රෙන් උත්තර නුදුන්න වරදට කවදා හරි දවසක අපිට විද වන්න සිද්ද වෙනවා. නැවත අපේ රටට කාලකන්නි යුගය එන්නට ඉඩ තිබෙනවා. (නදී)
අසරණ මිනිසුන් පරම්පරාවෙන් හිටිය ඉඩම් වලින් බලහත්කාරයෙන් පන්නල එම ඉඩම් වල හෝටල් සංකීර්ණ ගහල, රටේ වටිනා කියන මර්මස්තාන සියල්ලම තමන් සතු කරගෙන,රටේ රක්ෂිත වනාන්තර වල හෝටල් සංකීර්ණ ගහල දැන් බෝදිසත්වයෝ වගේ ගෙදරට වෙලා ඉන්නවා. සමහරක් ඇමරිකාවට වෙලා සිද්ද වෙන්නේ මොනවද කියල නැවත එන්න බලන් ඉන්නවා. ලෝකයේ හිටිය කිසිම පාලකයෙක් මෙවැනි විනාසයක් රටට රටේ අනාගත දරු පරම්පරාවට කරලා නැහැ. (නදී)
දුප්පත් කමට පාසල් යන්න සපත්තු දෙකක් ගන්න මුදල් නැතිව අල්ලපු වත්තේ පොල් ගෙඩියක් හොරෙන් අහුලපු අසරණ දරුවට පවා ලංකාවේ අධිකරණයෙන් හිර දඩුවම් දෙනවා. එ්ත් රටේ මහා බන්ධගාරයෙන් රත්තරන් "ටොන් කිලෝ සිය ගණනින්" පන්නල විකුනපු "මෙගා හොරුන්ට" අද වෙනකම් කිසිම දඩුවමක් නැහැ. මේකට ද "යහ පාලනය "කියල කියන්නේ? (නදී)
මාදුලුවාවේ සෝබිත හාමුදුරුවෝ විතරක් නෙමෙයි රෑ එලි වෙනකම් කි බෝර්ඩ් එකේ අකුරු මැකෙන කම් අදහස් දාපු,යහ පාලනයක් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයෙන් කරපු අපි දුෂිතයන්ට දෙන දඩුවම මොකක්ද කියල බලන් ඉන්නවා.(නදී)
හොද වෙලාවට අවරුදු දෙකකට කලින්ම රාජපක්ෂලා ගෙදරටම යැව්වේ. තවත් අවරුදු 6 ක් රට කන්න දුන්න නම් අපිටත් හිගා කන්නම සිද්ද වෙනවා. ඒක ඉර හද වගේ විස්වාසයි. (නදී)
පසු ගිය අවරුදු කිහිපයේම සෑම දවසකම ගුවන් තොටුපොලෙන් අල්ල ගත්තු රත්තරන් "ටොන්" ගානට මොකද වුනේ? (නදී)
"නයෙක් " වුනත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ. නැතිනම් හිතන්නේ පන බයේ දුවන "ගැරඩියෙක්" කියලයි. (නදී)
වික්ටර් අයිවන් "චෞර රැජින" කියල ලිව්වේ එක පොතයි. මට "චෞර රජවරු" කියල පොත් සියයක් වුනත් ලියන්න පුළුවන් කරුණු කාරණා ෆොටෝ සහිතවම තියෙනවා. (නදී)
“දියුණු රටවල ජනයා පොලිසියට බය නෑ නමුත් නීතියට බයයි: ලංකාවේ ජනයා නීතියට බය නෑ, පොලිසියට බයයි" හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක (බ)
හිටපු රජවරුන්ගේ "රාජ බිසවුන්" කිලෝ මීටර්10 ගියෙත් හෙලිකොප්ටෙර් එකෙන්.ආරක්ෂක රථ පිරි වරාගෙන අස්පයෝ පුරුදු වෙන්න කියල කාර් එකේ ගියොත් පැය ගානකට කොළඹ පාරවල් වහල.අපි චාටර් වේවි බලන් ඉන්න ඕනේ පාරවල් අරිනකම්.කාට කියන්නද? (බ)
තිලක් ඩුබායි, ඔය ප්‍රශ්ණ වලට උත්තර දෙන්න දැන් කව්රුවත් නැහැ. දැන් ඒ ගොල්ලන්ට තියෙන ප්‍රස්නේ ඊලඟ ආණ්ඩුවේ අගමැතිකම, ඇමතිකම්, හොරකම් කල ගජ මිතුරන් ආරක්ෂා කර ගන්නයි. කොහොමද, තමන්ගේ පක්ෂය දිනවන්නේ කොහොමද, ඔන්න ඕවා. නැත්නම් ආණ්ඩුවේ ඇමතිවරු කනස්සල්ලෙන් ලු. පරීක්ෂණ පමා වෙන්නේ අැයි කියලා පොලිස්පති ගෙන් අහනවලු. හොරුන්ගේ තහනම් කල පාස් පෝට් ඇමතිවරු ආපහු දෙනවලු. හොරුන් ගෙන් පගාව ගන්න කැබිනට් ඇමතිවරු ඉන්නවලු, ජනාධිපති තවමත් විධායක බල තල ඇති ජනාධිපතිලු. ඉතින් මොකක්ද ප්‍රස්නේ. ඇමතිවරු ජනාධිපති. මේ අයට මොනවද කරන්න බැරි. මේ නයා පෙනේ පුප්පන්න වත් පුළුවන් නයෙක් නෙවෙයි, අපි මහන්සි වෙලා නයා කියලා රැවටිලා වගේ මට පේන්නේ. (නදී)
දැන් වෙලා තියෙන්නේ ගලේ පහරපු පූසට වෙච්ච දේ. දැන් ඉතින් වහගන්න බැරිව ගා ගනියවූ හත්පොලේ. (අ)
යන්තම් කෑගහන්න එකක් හොයාගෙන (අ)
ඉස්සර මේ අයට යන එන මන් නැතුව හිටියේ එකට තමයි මහින්දව ගෙදර යවමු කියුවේ දැන් පර වහගෙන කෑ ගහනකොට විදවපල්ලා ඡන්දෙ දීපු අයම (අ)
දහම්, සයිමන්, ඉන්දික,අනුර - ඔබලාගේ දේශපාලන දැනුම ගැන දැනෙන්නේ කණගාටුවක්. ජවිපෙ හිටියේ නැතිනම් මෙලහකට මේ රටට වෙචච දේ හොයා ගන්නත් බැරිවෙලා. තීරණාත්මක අවස්ථාවල දී ඉතිහාසේ ඉඳලා ගත් තීන්දු තීරණ රටක් ලෙස ලොකු වටිනාකමක් තිබුනා. රටට අවශ්‍ය හොරුද නැත්නම් හොරකම් නොකරන රට හදන්න සැබෑ අවශ්‍යතාවයක් තියෙන ඒ සඳහා දැනුම කැපවීම ශක්තිය හා දහිරිය ඇති මිනුසුන්ද? මේවා දේශපාලනික දැනුමකින් විශ්ලේෂණය කලයුතු දේවල්ම පමණයි. අාවට ගියාට කුහක කමට කතාකරන්න එපා. රටෙන් යමක් අපට නොව අපෙන් යමක් රටට විය යුතුයි. එය ඔවුන්ගේ දර්ශනයයි. ජයවේවා ! (නදී)
දහම්, සයිමන්, ඉන්දික, මේ මිනිස්සු මේ විදියටවත් කෑගැහුවේ නැත්නම් ගලේ පහරපු බළල්ලු වගේ ඉන්න වෙන්නේ අපි තමුන්ලටමයි කියලා මතක තියාගත්තොත් හොඳයි. (නි)
කොතරම් වැඩ කරන්න තිබෙනවද?යමු,යමු, ඔහොම යමු. (නි)
ජේවීපීය ගන්නා ක්‍රියාමාර්ගය නිවැරදියි (නි)
ලෝකයේ සිටින/සිටිය මොන රාජ්‍ය නායකයාද තමන්ගේ දරුවන්ට කියල මහජන මුදලින් ලම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ කාර් 7-8 ගුවනින් ගෙනත් දීල තිබෙන්නේ?(ගුවනින් සැපත් වුන කාර් ගුවන් තොටුපොලෙන් ගොඩ බානකොට ගත්තු ෆොටෝස් මගේ ලග තිබෙනවා). (නදී)
හදපු අධිවේගී පාරවල් වල එක අඩියකට රුපියල් ලක්ෂ 28ක්. හරියට රත්තරනින් හැදුව වගේ. කවද්ද මේවට විරුද්දව පෙළ ගැසෙන්නේ? (නදී)
පහු ගිය කාලයේ රටේ ගසා කාපු දනස්කන්දය නැවත ජනතා සතු කරන්න පුලුවන්නම් තව අවරුදු 20 කට බදු සහන යටතේ ලංකාවේ ජනතාවට සහන මිලට කන්න,අදින්න,පොදු පහසුකම් දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ජවිපෙ කරන සටනට ජය වේවා. (නදී)
මෛත්‍රී ජනාධිපති වුනාට පස්සේ ඇයි වැඩිය පේන්න නැත්තේ? (නදී)
රටේ කරුමෙට, රටේ ජනතාවගේ කරුමෙට කියන දේ කරන, කරන දේ කියන ජාතික වීරයෙක් වෙන ජෙනේරල් ෆොන්සේකාව ජනාධිපති කරවන්න බැරි වුනේ.(නදි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
නඩරාජා [බන්දුල පෙරේරාට] ජයවේවා !(නදී)
අර කැබිනේට්ටුවටත් ඉහලින් තියන උපදේශක මණ්ඩලේ ඔය ගොල්ලත් ඉන්නවා නේද? ඉතින් එතන කථා කරල විසඳුමක් නැත්තම් පාරට බහින එක හරි. දැන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න අහන්නේ, කලින් දෙගොල්ලෝ කතා කරල බව අපි දන්නවා. (නදී)
සයිමන් බන්දුල පෙරේරාට ජයවේවා......!(නදී)
අලුත් කොස්සේ කොහු දැම්මම ගැලවෙන්න අරන් වගේ නේද? (නදී)
තිලක්-ඩුබායි කියල ලිව්වට කොහේ ඉදගෙනද මේවා ලියන්නේ? එ්ත් ලියන ඒවායින් පෙනෙන්නේ නම් මොලේ උඩ ඉදගෙන වගෙයි. ෆොන්සේකාව ජනාධිපති කරවන්න බැරි වුනේ අපේ පුරුවේ වාසනාවටයි කියල මටනම් හිතෙන්නේ. (නදී)
ජනතා විමුක්ති පෙරමුණේ අය කලින් අවදිවෙනවා අනිත් අය අවදි වෙනකොට පෙරහැර ගිහින් වැඩේ අනාගෙන. මේක තේරුන් ගන්න දැන් දසක තුනක් ගියා. ඒත් බැරිවෙලා. (නදී)
ඔයලානේ මේ ආණ්ඩු පත්කළේ. ඕවා කතාකරලා බේරාගන්නකෝ. බොරුවට අව්වේ වේළෙන්නේ නැතුව. (නි)
කොන්දක් නැති නායකයෙකුට වඩා කොන්දක් ඇති හොරෙක් හොඳයි කියලා හිතෙනවා මේ යන හැටි දැක්කම. ලැජ්ජයි !(දිල්)
පිටිගල, ඔබ හරි. (ර)
එකම විකල්පය, ඉදිරි මැතිවරණ වලදී, ජනරල් ෆොන්සේකාව සහ ජවිපෙව දිනවීමට කරන්න පුළුවන් උපරිමය කිරීමයි. වැඩි බලයක් ජවිපෙට ලබා දීමයි. (ර)
අනේ හැබෑට! රටේ ගසාකෑ ධනස්කන්දය වියදම්කළ"කම්බා හොරුන්ට"දෙවියනේ කියලා ගෙදරට වෙලා කාලා ඇඳලාවත් ඉන්න දෙන්නේ නැහැනේ. (නි)
අපි රෑ වෙනතුරු නිදිමරාගෙන අපේ අදහස් දැම්මේ යම් වෙනසක් බලාපොරොත්තුවයි.දැන් බලාගෙන යනකොට කම්බා හොරු ඉස්සරටත් වඩා හොඳින් වැඩේ කරගෙන යනවා.හෙට අනිද්දාට රට පැනපු කම්බා හොරු ටිකත් ලංකාවට සැපත්වෙයි (නි)
රජය යන ගමන/යන්න හදන ගමන ගැන ඉතාම පැහැදිලියි. (ර)
කෝ අර "සිංහයෝ වගේ කෑගහපු" කට්ටිය ? (ර)
පෙළපාලි යන්නේ මොකටද ? ඔය නායකයා ඉන්න මණ්ඩලයට බැරිද ඕවට විසදුමක් දෙන්න. මෙතෙක් පෙළපාලි ගිහින් රටේ ජනතාවට ලබාදුන්නේ මොනවද ? (නදී)
මෛත්‍රීව දිනවන්න උපරිමයෙන් කැප වුන අපිට නම් දැන් ඇදුමක් ඇදගෙන පාරේ බැහැල යන්නත් ලැජ්ජයි. (නදී)
රටක් උනහම, රටක නීතියක් කියල දෙයක් තියෙනවා නම් හොරුන්ව අල්ලන්න කියල බෝර්ඩ් කෑලි අවුස්සන් ඉන්න ඕනෙද? (නදී)
යන එන මන් නැති මේ අයට කෑ ගහන්නත් දැන් දෙයක් තියෙන්න එපායැ. (නදී)
රටේ වාසනාවට,ජවිපෙයක් තිබ්බේ.එහෙම නැතිනම් මොකද්ද වෙන්නේ රටට (දිල්)
මේ රට බ්රා ගැනීමට ජනරාල් සරත් ෆොන්සේකා වටා අපි හැමෝම එක්විය යුතුයි (දිල් )
වීරවංශ නෝනාව ඇප දීලා ගෙදර යවලා. අන්තිමේ ඔක්කොම හොඳ බලලා රටේ සාමාන්‍ය මිනිස්සු තමයි වැරදි කාරයෝ. (දිල්)
දැන් ඉන්න පාලකයන්ට හොරු අල්ලන්ඩ අවශ්‍ය නැහැ . (දිල්)
කිව්වා වගේම පවතින රජය ගෙදර යැව්වා තමයි. එහෙත් කාටවත් ඕනෑ ඕනෑ විදියට නටන්න ලැබෙන්නේ නැහැ ජවිපෙ ඉන්නකම්. (නි)
රට දැන් තියන තත්වය අනුව ජනාධිපති තුමා සහ නීතියට පට හැනිව පත්වී සිටින අගමැති ඉල්ලා අස්විය යුතුයි (දිල්)
ලොකු ලොකු අයට විස්කි.අහිංසකයන්ට කොත්තමල්ලි (නි)
අපිත් කියන්නේ ඕක තමයි, වංචා දුෂණ පරීක්ෂණ විධිමත් කර දඬුවම් දෙන්න ඕනෑ කියලා.අපිට පෙනීයනවා දේශපාලන බලය ලබාගෙන මේ කළ දුෂණ යට ගසන්න වලිකන සැටියක් (නි)
මම දේශපාලන ගැත්තෙකු නොවේ. කුමන පක්ෂයේ සිටියත් හොරා හොරාම තමයි.පාර්ලිමේන්තු යන්නෙත් ජනතාවට බොරු කියලනේ. අනිවාර්යයෙන් දඬුවම් දියයුතුයි. (නි)
මෙතන අදහස් දාන අය කියන්නේ එතකොට වැරදි දේවලට ඇස් වහගෙන ඉන්න කියලද? අනේ මන්දා මෙහෙමත් මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ! (නි)
අනේ මන්දා! මෙහෙම ගියොත් නම් රට ගෙනියන්න බැහැ. (නි)