අකුරණ ප්‍රදේශයේ පාසලක හයවන වසර සඳහා සිසුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් 7500 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ නියෝජ්‍යය විදුහල්පතිනිය හා ගුරුවරුන් දෙදෙනකු අද (23) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියයි.
මෙම විදුහලේ හයවන වසර පන්ති සඳහා ඇතුළත් වන සෑම ළමයකුගෙන්ම රුපියල් 7500 බැගින් ලබා ගැනීමට විදුහල් බලධාරීන් ක්‍රියාකර තිබෙන අතර ඒ සම්බන්ධව දෙමව්පියන් පිරිසක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ.
ඒ අනුව අදාළ පාසලට ගිය විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් නියෝජ්‍යය විදුහල්පතිනිය මුදල් ලබා ගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ අහවල් එක වගේ ලොකු ඉස්කෝලයක් වුණා නම් විදුහල්පතිනියට පුළුවන් වේවි මොකක්හරි ඉස්කෝලේ ලොකු උත්සවයක් තියලා ඔක්කොම ශේප් කරගන්න! (නි)
7,500 X 200 = 1,500,000.00 පාඩුවකුත් නැහැ බලපුවාම සුළු දෙයක් නේ.. කොහෙද ඇන්ටි කෙනෙක් කිවුවලු ඕක නම් මට සුළු දෙයක් කියල. (බ)
7500 ක් අරගෙන මොනවා කරන්ටද මේක සමහරවිට අරගෙන ඇත්තේ පාසලේ මොකක් හරි වැඩක් කරන්න වෙන්න ඇති. හැම පාසලකම සල්ලි එකතු කරනවා . මේක අල්ලස් එකට කියන්න තරම් දෙමව්පියෝ ඉක්මන් වුනේ (බ)
අර ඇමති නම් කියන්නේ දැන් හොරකම් කිසිවක් නැහැ කියලනේ ඒත් රට පුරාම තත්වය ඕක තමා (බ)
අකුරණ පැත්තෙ 7500 ගත්තට කොළඹ පැත්තෙ නම් ඔය වගේ විසි තිස් ගූණයෙන් තමයි අල්ලස් ගන්නෙ. ඒත් අහුවෙන්නෙ නැහැනෙ (නි)
අයියෝ, මේ අරන් තියෙන්නේ අර හිටපු ඇමතිතුමා කියපු ජීවත් වෙන්න අවශ්‍ය මාසික ගතමනාවනේ. පවු! (බ)
සුළු මුදලකට තමන්ගේ ආත්මය පාවාදුන්නා එහෙනම්? (නි)
අනේ මන්දා අද කාලේ ගුරුවරු? (නි)
ගාල්ල, කොළඹ, නුවර වගේ පළාත් වල ලක්ෂ ගණනින් දීපුවා අහුවෙන්නෙම නැද්ද? (නි)
අනේ පව්! වැරැද්දක් තමා. නමුත් 7500 මුදලක්ද. එ්ක අල්ලලා දීලා විදුහල්පතිනියගේ රැකියාව නැතිවෙනවානේ අන්තිමට. මම නම් එහෙම කරන්නේ නැහැ. විදුහල්පතිනියත් ඇයි දෙවියනේ ඔය වගේ සුළු මුදලකට රැකියාව උකස් තිබ්බේ? ගත්ත අයත් පව්. දුන්න අයත් පව්. රුසියානු නව කතාවක පාන්ගෙඩියේ සොරකම මතක් වෙනවා. (නි)
එතකොට මිග් ගනුදෙනුව,ක්‍රිෂ සමාගම එක්ක කරපු ඩීල්අ ල්ලන බැරිද? පව් අසරණ මිනිස්සු අල්ලනවා. (අ)
අකුරණ විතරක් නෙමෙයි, මේ කාලේ හැම පාසලකම ඔය වැඩේ වෙනවා. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අවුරුද්දකට සැරයක් පහසුකම් ගාස්තු විතරයි ගෙව්වේ. ඒකටත් එක්ක දැන් මොනතරම් වියදමක් කරන්න ඕනෑද ළමයින්ට. දුප්පත් දෙමව්පියන් හරියට අසරණ වෙනවා මේ කාලේ. (නි)
අයියෝ 7500ද? එතකොට යහපාලන රජය කෝටි ගණන් පගාව ගත් ප්‍රභූන් අල්ලන්නේ නැද්ද? (නි)
7500 මොකක්ද, සමහරු ලක්ෂ ගණන් ගන්නවා. ඒවා කවුරුත් අල්ලන්නෙ නැහැ
තම ආත්ම ගෞරවයේ වටිනාකම නොදන්නා මිනිස්සු. (නි)
මෙයාලා අල්ලන්නෙත් පොඩි පොඩි ඒවා විතරයි. අර ලක්ෂ ගණන් ගන්න අය නිදැල්ලේ ....... (නි)
මේක අල්ලසක් වෙන්න බැහැ. මොකද ඔක්කොම අයගෙන් අරන්නේ! (නි)
බමුණුආරච්චි පාන් ගෙඩිය හොකම් කරන එකා ගැන කියවන්නේ රුසියන් නවකතාවක නොවෙයි ප්‍රංශ නවකථාවක් තියෙනවා ද ලෙස් මිසරබල් කියලා. වික්ටර් හියුගෝගේෙ. සිංහලෙන් මනුතාපය කියලා තිබෙනවා (බ)
දෘශ්‍ය මානව විද්‍යාවට අනුව ගැහැණියට පෙනෙන දුර නොව වටපිටාවයි. එහි ලෝභය ඇත. මේ එවැනි අවාසනාවන්ත අවස්ථාවක් (බ)
රුපියල් 10 අල්ලස් ගත්තත් අල්ලසක්මයි දඩුවම සෑමටම පොදුවිය යුතුයි කොළඹ හෝ කොහේ හෝ (බ)