ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධරයන් සිව් දෙනෙක් අල්ලස් ගැනීමේ චෝදනාව මත සැප්තැම්බර් 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (2) නියෝග කළේය.
සුමිත් නිශාන්ත, හර්ෂණ තුෂාර, ලසන්ත රාජපක්ෂ, චරුන්ද ප්‍රසාද් එම නිලධරයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම මෙවැනි වැටළීම් කරන්න (නි)
චෝදනා තවම ඔප්පුවී නැද්ද? (නි)
නම් පළකළ එක ඉතා හොඳයි. අල්ලස ලංකාවෙ පිළිලයක් වෙලා තියෙන්නේ. පසුගිය කාලේ අල්ලස් ගත් ලොකු පුටුවල සිටි අය, අදටත් සිටින අායතන/කාර්යාංශ තිබෙනවා. මේවා කවුද සොයන්නේ? (නි)
ලොකු අල්ලස් ගත් අය ඒවායින් ලැබෙන මුදල් තැන්පත් කරන්නේ වෙන වෙන අයගේ නම් වලින්. මෙය මැඩළීමට ක්‍රමයක් තිබිය යුතුයි. (නි)
දැන් යුද්ධයත් ඉවර එකේ පොලිසියට ලොකු වැඩක් නැහැනේ. ඇයි බැරි උපාය දූතයෝ යොදවලා අල්ලස් ගන්න අයව, ගැහැණුන්ට පාරේ කරදර කරන අයව සාක්කිත් එක්කම නීතියේ රැහැනට අසු කරගන්න. රටට අවශ්‍ය මේවයි අද. (නි)
සමහර හිටපු නිලධාරින්ට ගෙවල් 2-3, ඉඩම් 3-4 තිබෙනවා. නමුත් අරන් තියෙන්නේ යාළුවන්ගෙ නම් වලට. (නි)
අල්සල් ගත් බව ඔප්පු වුණොත් දෙන දඩය සහ දඬුවම ඉතා වැඩි කරන්න. නම් ගම් ප්‍රරසිද්ධ කරන්න. එතකොට නම් අල්ලස් ගන්න නිලධාරින් ටිකක්වත් බයවෙයි ඕවා ගන්න. එහෙම නැතුව අල්ලස නැති කරන්න බැහැ අපේ රටේ. පහුගිය කාලේ අල්ලස නීතිගතවෙලා තිබුනේ. (නි)
අල්ලස් නැතුව වැඩක් කරගන්න බැරි බවට ප්‍රසිද්ධ තැන් අපේ රටේ තියෙනවා. ඇයි පොලිසි නිලධාරින් මේවට මාසෙකට එකක් හරි උපාය දූතයෙක් යොදවලා අල්ලාගන්නේ නැත්තෙ? (නි)
අල්ලස් පිළිබඳ පැමිණිලි කළහැක්කේ අල්ලස් හා දුෂණ එකට විතරද? වෙන තැන් මොනවද? මේවා ගැන මහජනතාව දැනුවත් කරන්න. එක හොරෙක් හරි අල්ලාගන්න පුළුවන් වෙයි. (නි)
සමහර පාසලකට දාන්න ගියත් අල්ලස, පොලිසියකට ගියත්, රට යන්න ගියත් අල්ලස, රට යන ඒජන්සිකරුවන්ගෙනුත් සමහරු අල්ලස. අහෝ රටකට ගිය කලක්! දැන්වත් මේවා නැවැත්වුයේ නැත්නම් කලින් අයට වුණදේම තමයි මෙයාලටත්. (නි)
ගම්පහ පාරිභෝගිකයින්ට දෙවියන්ගේම පිහිටයි (නි)