(ඩී.ජී.සුගතපාල)
කසිප්පු ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් හය දහසක අල්ලසක් ලබා ගත් බෙන්තොට පොලිසියේ නිලධාරින් තිදෙනෙකු කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අද (17) සවස අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උප පොලිස් පරික්ෂකවරයෙක්,සැරයන්වරයෙක්, සහ පොලිස් රියදුරෙකි.
අල්ලස ලබාදුන් පුද්ගලයා අල්ලස ලබාදෙන අයුරු ඔහුගේ ජංගම දුර කතනයෙන් විඩියෝ කර ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට යොමු කර ඇති අතර ඒ අනුව පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් අනුව කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස් නිලධාරින් තිදෙනා හෙට (18) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් බෙන්තොට පොලිසියේ තුනක් අත්අඩංගුවට
Likil Sunday, 18 August 2024 07:27 AM
මීගමුව රෝහලේ ඉන්න පොලිසියේ ගෝතයින් මිනිය විකුණන් කනවා. මිනිය රිලීස් කරන්න සල්ලි ගන්නවා. පොලිස් පරීක්ෂණයට එන එකත් 2500-3000 ඉල්ලනවා... කාලකණ්ණි...!
Oscar Sunday, 18 August 2024 08:07 AM
ඵල කිරි