(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ අවන්හලකින් වෙළඳ බලපත්‍ර අලුත් කිරීම සඳහා රුපියල් ලක්ශ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවන කියන චෝදනාවක් යටතේ ගලේවෙල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල සම්ත්රූත් ජෙහාන් මහත්මිය අද (15) දින නියෝග කළාය .
මෙසේ බන්ධනාගාර ගත වූයේ ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වු එම්.ජි.සුසන්ත ඉසුර බණ්ඩාර නමැති අයෙකි.
ඔහු රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා සිටින බව හෝටල් හිමියා අල්ලස් කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.
ඒ අනුව අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් සංචාරක හෝටලය ආසන්නයේ රැඳී සිටිමින් 14 දින රාත්‍රී අත්තඩංගුවට ගෙන ගලේවෙල පොලිස් ස්ථානයේ රඳවා සිට සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන දාහත දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදිනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා වගේ කඩිනමින් ඔයා අල්ලනවා කිව්ව හොරු අල්ලන්නකෝ... දැන් සෑහෙන කාලයක සිට පැවැතුණු ඡන්ද පොරොන්දුවක් වුණේ හොරු අල්ලන එකනේ...