(මනෝප‍්‍රිය ගුණසේකර)
ඖෂධ පනත යටතේ ලියාපදිංචි භාණ්ඩ අවසර පත‍්‍රයේ මුල් පිටපත නොමැතිව ඡායා පිටපතකින් ගෙන යෑමට අවසර ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මට්ටක්කුලිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (19) නියම කළේය.
විත්තිකරුට නියම කළ සිරදඩුවමට අමතරව රුපියල් 50,000 ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවුවහොත් මාස 18 ක සිරදඩුවමකටද ඔහු යටත් කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ මට්ටක්කුලිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල් ලියනගේ ශාන්තප‍්‍රිය විජේසුරිය නමැත්තාටය.
2011 ජුනි මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මට්ටක්කුලිය කදිරාන පොලිස් මාර්ග බාධකයේදී වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයේ යොදවා සිටියදී ඖෂධ පනත යටතේ ලියාපදිංචි භාණ්ඩ රැගෙන යෑමට අවශ්‍ය අවසර පත‍්‍රයේ මුල් පිටපත නොමැතිව ඡායා පිටපතකින් ගෙන යෑමට අවසර ලබාදීම සදහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා අටක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා අටෙන් 6 ක්ම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන් 6 න් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
ඉතිරි චෝදනා 2 ක පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන් දෙකට ඔහු වරදකරු කළේය.
එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
8 වසරකට පසු තීන්දුව ලැබෙනවා.. ඉතින් හිතාගන්න පුලුවන් නේද ඇයි දේශපාලනය කරන අයගේ හොරකම් අහුවෙන්නේ නැත්තේ කියලා...
දඬුවම හොඳයි. එත් දුක ඔය දියවන්නාවේ නැව් ගිලපු අය සැපෙන් ඉන්නවා දැක්කහම .
දියවන්නාවේ 225 ටත් මෙම දඬුවම් ලැබෙන දිනට ලක්මව සතුටු කදුළු හෙලනු ඇත. එදින ඉක්මනින් ලඟා වේවා !!! අපගේ ජීවිත කාලයට එ් නිසා ලක්මව සතුටු කදුළු හෙලනු දැකීමට වාසනාව අපට උදාවේවා.. !!!
අනේ අහිංසක රාළහාමි. ඡායා පිටපත නෙමෙයි මොනම පිටපතක්වත් නැතුව ඔයිට වඩා භයානක දේවල් පාස් කරලා යවන කට්ටියත් ඉන්නවා කිසිම අසනීපයක් නැතුව...
රාලහාමිලා සුළුමුදලට හිරේ ගියා... නෙළුන්දෙණියේ 25000ක් අල්ලස් ගත් කෙනා ජනාධිපති සමාව ලැබුණා. ජනාධිපතිතුමට බැරිද, මේ රාළහාමිලාටත් සමාව දෙන්න. මේ රාළහාමිත් ගත්තේ 25000යිනේ... මම බලාගෙන ඉන්නේ ජනාධිපති කාර්යාලයේ අල්ලස්ගත්ත කෙනාට මොන ආකාරයක දඬුවමක් ලැබේද කියලා. හය මසක අත්හිටවූ සිර දඬුවමක් ලැබේද?