හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසමේ සභාපතිට දන්වන බව අධිකරණ ඇමැති තමාට දැන්වී යැයි කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අද යළි රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීන් ගැන කළැයි කියන ප්‍රකාශයක් ඉවත් කරගන්නා ලෙස විපක්ෂ මන්ත්‍රීවරු බල කළහ. එවැනි ප්‍රකාශයක් හැන්සාර්ඩ් වාර්තාවේ සටහන් වී නැති නිසා එවැනි ප්‍රශ්නයක් මතු නොවන බවද කථානායක කීවේය.
කරුණානායක මහතාගේ ඒ කථාව මාධ්‍යවේදීන්ට ඇසුණේ නම් එය තම වාර්තාවලින් ඉවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. යළිත් මිනිත්තු කිහිපයකට පාර්ලිමේන්තුව කල් තැබූ කථානායක පැවසූයේ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තීරණයක් ගන්නා ලෙසයි.
ජනපති සිරිසේන මහතා අද උදේ සිටම පාර්ලිමේන්තුවේ සිය කාමරයේ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා දැන් සිවිල් වැසියෙක්.ලඟට යන්නේ මොකටද.පොදුවේ සලකන්න. (ස)
නීතිය කාටත් පොදුයි , නමුත් 78 ව්‍යවස්තාව අනුව ජනාධිපති ට නඩු පැවරිය නොහැක , උසාවි ගෙන ආ නොහැකිය . අනෙක මෙතන ප්‍රශ්න කරන්න යන්නේ තිස්ස අතතනායකයට දුන් ඇමති කම අල්ලසක් යන්නලු , එය ජනාධිපති ගේ බලතල යටතේ සිදු වුවකි , එහෙම නම් 28 වතාවක් පාරද උන , ලජ්ජා නැති නායකයා කියා රුපවාහින්යෙන් පතුරු ගහපු කෙනෙක් කොහොමද අගමැති වෙන්නේ සුලුතරක් ඇතිව , සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් පදවියක් දෙන්නේ කොහොමද ? මේවා ඡන්දෙ දිනූ පසු , ඒවාට උදව් කරපු අයට දුන් ජනාධිපති ත්‍යාග . ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැ. 1948 ඉදන් ආපු ආණ්ඩු ගැන අහලා තියෙනවා , දැකලා තියෙනවා , මේ දින සියට පත් උණු සදාචාර විරෝධී ආණ්ඩුව තරම පොලගකු මෙන් එලෝ එලෝ පලි ගන්නා කුහක් ආණ්ඩුවක් නම් දැක්කේ නැ , දක්කිනත් එපා ආයේ . 17 වසරක එජාප් ශාපය අවසන් කර ලබා ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු මේ වගේ පලි ගත්තා නම් අද මේ එජාපයේ ඉන්න අයගෙන් හතරෙන් තුනක් ඉන්නේ හිරේ , කොටින්ම නායක එල්ලුම් ගස් . මෙතන යහපාලනක් ගැන හීන දකින අය 1987 - 1989 කාලයේ උන දේවල් දන්නේ නැති නිසා ඒ අයට සමාව දෙමු . කරුණාකර වැඩිහිටි අයගෙන් අහගෙන යාවත්කාලින වෙන්න .(ස)
විධායක ජනාදිපති කියන්නේ ඕකටනේ (ස)
නිතිය හමුවේ කවුරුත් එක සමානයි නම් මෙයිට පස්සේ සාමාන්‍ය ජනතාව උනත් පොලිසි ගානේ රස්තියාදු වෙන්ට ඕනේ නැහැ, පොලිසිය උදවිය ගෙදරට ඇවිල්ල කට උත්තර ගනීවි. මෙම පහසුකම ලබදෙන්ට වක්‍රව හෝ දායකත්වයක් ලබාදුන්නට හිටපු ජනාධිපති මහින්ද මහතාට බොහොම පින්. (ස)
අමාලි,,, අන්ද මිනිස්සුන්ට පෙනීම ලබාදීම ඉතා දුෂ්කර කටයුත්තක් (ස)
ලංකාවේ ලොකුම අල්ලස-දූෂණය වන 30 වසරක යුද්දේ නතර කරපු එක ගැනත් හොයමුද (අ)
අමාලි එක කලේ අපේ හමුදාව එය නෙවෙයි ඔච්චර ජීවිත පරිත්‍යාගයෙන් ඕක දිනලා දුන්නේ අපේ හමුදාව ඒ වගේම කුරිරු ත්‍රස්තවාදීන්ව පරාජය කරයි කියල රට සූරන් කන්න දෙන්න බැහැ (අ)
මොකද කට්ටියට මහින්ද මහත්තයව. ඔච්චරටම හිරකරන්න තියන උවමනාව කියල අපි හොදට දන්නවා. මොනදේ වුණත්. මහින්ද මහත්තයව බලයට ගෙන එක කාටවත් නවත්තන්න බෑ. (අ)
ඔක්කොටම කලින් අල්ලස් කොමිසමට ගෙන යන්න ඕනා රනිල් සහ රවී කුමන්ත්‍රණ කරලා පිනට අගමැති කම සහ ආණ්ඩුව ගැනීමත් බටහිරින් ලබාගන්න ඩොලර් කුට්ටි ගැනත් සෙවිය යුතුමයි අනෙක සුදු හඳුන්වලට සල්ලි කොහෙන්ද? (බ)
සැමට කලින් අල්ලස් කොමිසම සුද්ද කළ යුතුයි. පක්ෂපාතී ගහලයින් පන්න දැමිය යුතුයි. රනිල් වහාම අල්ලස් කොමිසමට කට උත්තරයක් දෙන්න ඕන,(බ)
සුදු හදුන් කිලෝ එකක් කීයද ? (බ)
නහි වෙරෙන වේරානි කියාගෙන කදුළු සල සල මාධ්‍ය සංදර්ශන පාල දින 100න් ගෙදර යන්න පොරොන්දු දීල බලේට ආව බෝධිසත්ව චරිතවල සුදු රෙදි වලට යටින් තියෙන කඩු කිනිසි මේ රටේ ජනතාව මේ දින 100දි හොදින් දැක්ක..තමන්ට අයත් නැති මහජන මතයක් තමන්ට අකමැති වුනු මහජන මතයක් මංකොල්ලකාගෙන චිත්ත රෙදි ඇදගත් චරිත කීපයක පිහිටෙන් විධායක ජනපති පුටුව තම පාලන කාලය තුල රැක ගන්න මේ ගහන ගැට කරන කුමන්ත්‍රණ ඉදිරියේදී රටට හෙළිදරව් වේවි..එදාට යහපාලනයේ නමින් ආ යම පාලනයේ නිරුවත වගේම තමන් රැවටුන තරම අවංකව වෙනසකට ඡන්දය දුන් ටොයියන්ට පෙනේවි...යාම පාලනයේ ආයුෂත් ඒ සමගම ඉවර වේවි. 2002දි සිදු වුනු රටට අහිතරකර ක්‍රියාවලිය 2004 දී අවසන් කලා වගේ ඊට වඩා ඉතාමත් අඩු කාලයකදී රටට අහිතකර මේ ක්‍රියාවලිය අවසන් වී දේශප්‍රේමී පාලනයක් නැවත බිහිවේවි.. .(ස)
අවදියෙන් සිටීම ශුබයි. (ර)
නීතිය සැමට එක නෙමෙයිද? (නි)
තව ඉදිරියට හොද හොද සෙල්ලම් තියෙයි. (ත)
ඇයි ඒ එයාට විතරක් අමුත්තක්? (නි)
රට හරිමගට ගන්නනම් හරි නිතිය ස්ථාපිත කරන්න ඕනි එහෙම නොනොත් වෙන්නේ රට අගාදයකට ගමන්කරනවා. (ර)
මීට පස්සේ මේ ක්‍රමය හැමෝටම ක්‍රියාත්මක කරනවද? මට එන්න කිව්වොත් මටත් කියන්න පුළුවනි නේ මා ළඟට එන්න කියල. (අ)
නිමල් , යසස් , සුනිල්, බණ්ඩාර, කොයි රටේද අනේ නිතිය සැමට එක වෙලා තිබුණේ? අඩු ගානේ අර රතු සහෝදරයන්ගේ පරමාදර්ශී සමජවාදී රටවල වත් එහෙම තිබුණලු ද? රට රටවල් මට්ටමින් බැලුවත් අර අනිත් රටවලට චන්ඩිකම් පාන ලෝක පොලිස්කාර ඇමරිකාවට මොන නීතිද? ඔක්කොම නීති හාල්මැස්සන්ටම තමයි. අඩු ගණනේ ඕගොල්ලන්ගේ ගෙදරවත් හැමට ම හැම අතින්ම සමාන සැලකුම් ලැබෙනවයි කියලා හොඳටම විශ්වාසද? මේක කිව්වයි කියලා දැන් ඉතින් මාව හපාකන්න එන්න එපා මේ මගේ නිරීක්ෂණයක් විතරයි. (ස)
නිමල්, සුනිල්, යසස්,බණ්ඩාර, ඕගොල්ලෝ කොයි රටේද ජනාධිපති වෙලා හිටියේ? මතුරටේ ද?... ඒ රට කොටින්ගෙන් බේර ගත්තෙත් ඔයගොල්ලොද? (ස)
ඇයි එයාට විතරක් ලගට යන්නේ.? (ර)
මම යහපාලනයට ඡන්දය දුන් කෙනෙක්. නමුත් මීට කලින් ඇස්පනාපිට හොරකම් කල අය, ඇස්පනාපිට කුඩු ගෙන්නපු අය ඇලුලුවා නම් තමයි හොඳ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ දේවල් මිස මේ දේවල් නෙමෙයි. (ර)
අනේ මන් කරගත්තු මෝඩකමක් කියලා හිතිනවා ඇති අර මැඩම්ගේ ලනු කාලා .(ස)
නිමල්, යසස්; ඇයි මතක නැද්ද එයා රටේ හිටපු ජනාධිපතිබව. එම ධුරයේ ගරුත්වය රකින්න සැමදෙනාම වගබලා ගන්න ඕනා. (ස)
මීලග ආණ්ඩුවක් පත්වූ විගස අල්ලස් කොමිසමේ සභාපතිව දුෂණ මර්දන ඒකකයට හෝ අල්ලස් කොමිසම හමුවට පමුණුවා මෙවැනි පහත් වැඩ කිරීමට ගත් අල්ලස ගැන විභාග කල යුතුයි. ඊයේ පාර්ලිමේන්තුවේ අගමැතිතුමා පැහැදිලිව කියනවා, අල්ලස් කොමිසමේ සභාපති එයාගේ සමීපතම හිතවතෙක් බව. (ස)
යසස් එයා විතරනේ අමුත්තක් කලේ. මොකද හැමෝම ඉවර කරන්න බෑ කියපු යුද්ධය එයා විතරනේ ඉවර කලේ. (ස)
ඇයි මගේ ප‍්‍රතිචාර පළ නොවෙන්නේ (බ)
ඇයි එයට විතරක් අමුත්තක්. සිංහල ජාතිය ශ්‍රී ලංකාව බේරාගත් නායකයා නිසා. සිංහලයන්ට ඒ බව තේරෙනවා ද්‍රවිඩ කලවමුන්ට තේරෙන්නේ නැහැ. උතුර උන්ගේ ජාතිය රැක ගන්න ජිවිතේ උනත් දෙනවා අපේ උන් රට බෙදල දෙන්න පොරකනවා. කිසිම ජාතික හැගීමක් නැති ජාතිය කලවම් සිංහල. (බ)
මේක මහා හතර බීරි කතාවක් , තිස්ස අත්තනායක පොදු පෙරමුනට අරගෙන අමැති තනතුරක් දීම ගැන මහින්දගෙන් ප්‍රශ්නකරන්න ඕනලු , එතකොට සිරිසේන කාගෙන්වත් අහනේනැතිව රනිල්ට අගමැති කම දීම ප්‍රශ්නයක් නෙමේද හිරුනිකා, සෝලංගලාට ශ්‍රී ලං නි ප යෙ මධ්‍යම කාරක සභාවට දැමීම ප්‍රශ්නයක් නෙමේද (ස)