අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇත.
ජයමාන්න මහතා අද(10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
වසර 25 කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සරත් ජයමාන්න මහතා මෙම ධූරයට පත් කෙරෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළේය.
වෝහාරික විද්‍යාව පිළිබඳ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇති සරත් ජයමාන්න මහතා ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර ශී‍්‍ර ලංකාවේ නීතිමය කි‍්‍රයාවලිය සඳහා ඩී.එන්.ඒ සහ දුරකථන සාක්ෂි හඳුන්වාදීමට ද මූලික වී කි‍්‍රයා කළ අයෙකි.
සරත් ජයමාන්න මහතා මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විදුහලේ ආදි සිසුවෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු වුණත් අපිට වැඩක් නැහැ. මොකද මහජන සල්ලි වලින් ජීවත්වන රජයේ සේවකයෙක්. එකම රාජකාරිය. කවුරු වුණත් හොරු අල්ලලා නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්න. එපමණයි. (නි)
අපි බලමු එතුමාගේ වැඩ කොහොමද කියලා (නි)
මෙතුමා ගැන කියන්න තවම ඉක්මන් වැඩියි. අපි බලමු (නි)
අල්ලසට දුෂණයට මේ රටේ ඇදක් තියන්න එපා තරාතිරම නොබලා එවැනි හැම කෙනෙකුටම නිසි දඩුවම් දෙන්න නොඑසේනම් මේ රටේ බල පරපුරට රටක් ඉතිරිවෙන්නේ නෑ හැමදේටම කෑගහන්නේ හොරකම් කරන කරපු කරන අය නීතියට ගරු කරන සමාජයක් ඇතිකරමු (අ)
රාජ්‍ය නිලධාරීන් නිලයේ ගෞරවය රකින්නේ නම් එය රටෙත් ජනතාවගෙත් වාසනාවකි. හිටපු හොරුත්, වර්තමාන හොරුත් හිරගෙදර යැවීමේ නීතිගරුක ජනතාවගේ බලාපොරොත්තුව ඉටුවීම තවදුරටත් සිහිනයක් වී ඇත. උගත්,දක්ෂ, පළපුරුදු, අවංක නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය නිසිලෙස පවතින්නේ නම් රටේ මෙපමණ වංචා සහ දූෂණ පවතින්නේ නැත. නිලයේ වගකීම අවංකව ඉටුකිරීමට මෙතුමාට අපි සුබපතමු. (නි)
ඔබට අපේ සුබ පැතුම් මැතිතුමනි! (නි)
මැතිතුමනි, රටේ සල්ලි, විදේශ විනිමය කාපු හොරුන්ව වහාම අල්ලන්න. දඬුවම් දෙන්න. අයථා ලෙස රැස්කළ ධනය නැවත අයකරගන්න වැඩ කටයුතු සම්පාදනය කරන්න. පරික්ෂණ ක්‍රියාවලිය ඉක්මන් කරන්න. ජනතාව පාට පක්ෂ භේදයකින් තොරව බලාපොරොත්තු වන්නේ එයයි (නි)
ඔබගේ අධ්‍යාපන සුදුසකම් ගැන තර්කයක් නැත. හොර ඇමතිලා, ඇමතිලාට වන්දිබට්ටකම් කළ හොර නිලධාරියෙක් දෙන්නෙක් අල්ලලා පෙන්වන්න. ඊටපස්සෙ තමයි ඔබ රාජකාරියේ දක්ෂයෙක්ද නැද්ද යන්න ජනතාවට තීරණයක් දියහැක්කේ. (නි)
පරීක්ෂණ කඩිනම් කරන්න. තරාතිරම නොබලා දඬුවම් දෙන්න. කොමිස් ගහපු, ආයතන වල සල්ලි කාබාසිනියා කළ අය අල්ලලා පෙන්වන්න. කලින් කට්ට්ය දඟලන්නේ "කෝ ඇල්ලුවද" කියලයි. (නි)
හොරු නම් ටිකක් බයවෙලා ඇති. දැන් මෙතුමාගේ යාළුවන්ව අල්ලාගන්න මාන බලනවා ඇති, කෙනහොමද අපේ ෆයිල් එක යට ගහන්නේ කියලා බලන්න. මහජන මුදලින් යැපෙන ඔබ ධනයට බලයට යටනොවි කොන්ද කෙළින් තබාගෙන රාජකාරිය කර ආදර්ශයක් වන්න. (නි)
ඒ කාලේ රූපවාහිනියේ පෙන්නුවා කොටි අඩවියෙන් රත්තරන් ඇල්ලුවා කියලා. ඒවත් හොයන්න පුළුවන් නම් අපි ගොඩ තමා. (නි)
කැපුවත් නිල් පාට වෙලා හිටිය නමුත් රජය පෙරළුනු විලස නව රජයට ආවඩන නිලධාරින් සහ හිටපු ඇමතිවරුන් ගැන විශේෂ අවධානය යොමු කරන්න. මන්ද ඔවුන් එසේ හැසිරෙනුයේ වසාගැනීමට කුණු, හොරකම්, වංචා ඇති බැවින් බව අප අත්දැකීමෙන් දන්නා නිසයි. (නි)
මෙතුමා කාගෙවත් යාළුවෙක් එහෙම නෙමෙයි වෙන්න ඇති නේද? (නි)
කෙනෙකුගේ නමින් හෝ ජාහැඅ. පරිගණකයට ඇතුළත් කළ විගස එකී පුද්ගලයා සතු දේපොළ, යානවාහන බැංකු ගිණුම් මොනවාද යන්න සොයාගත හැකි වන පරිදි ක්‍රමයක් හදන්න. හොරුන් විවිධ තැන්වල විවිධ අයගේ නමින් විවිධ දේපොළ රැස් කරනවා. මේවා හොයන්න කඩදාසි ෆයිල් පෙරළ පෙරළා බලලා බැහැ. (නි)
සජී, ඔයා මාර කතාවක්නේ අහන්නේ. මෙතුමා අඟහරු ලෝකෙන් වගේ ආවා නම් කාගෙවත් යාළුවෙක් නොවෙන්න තිබුනා. මෙතුමත් යාළුවෙක්, දරුවෙක්, තාත්තෙක් වෙන්න ඇති. නමුත් අප බලාපොරොත්තු වන්නේ රාජකාරිය අපක්ෂපාතිව කරයි කියා පමණයි. (නි)
අපි ඉන්නේ මරුකතරේ. අපි දහදුක් විඳලා එවපු සල්ලි වලින් බාල්නටපු, කාබාසිනියා කළ සහ හොරකම් කර තම මඩිය තරකරගත් අයට වහාම දඬුවම් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ සල්ලි වලට එහෙම කළා නම් එය හෙණගහන අපරාධයක්. (නි)
අතේ පත්තුවෙලා තියන මහා බැංකු මගඩියෙන්ම පටන්ගන්න සර් (නි)
වැඩක් කර පෙන්වන්න. ඔබ රටට ණයද නැද්ද යන තීරණය ඉන්පසු ජනතාව දෙයි. (නි)
මෙබඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ මේ ගැන වැඩ කොළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියැවේ... (නි)
ඉටුකොට කළයුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන්නම් නුඹයි රටේ පුතා උතුම්.... (නි)
අපි බලමුකෝ ඉදිරියට වැඩ කොහොමද කියලා (නි)
ඇමතිලාගේ සහ ඉහළ නිලධාරින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගන්න. ඒවා ඇත්තද නැත්තද යන්න සොයන්න. බිලියන ගානක් රජයට මුදල් සොයාගත හැකිවේවි. බොරු කරපු අය අහුවුණොත් දඬුවම් මාරු, අනිවාර්ය නිවාඩු නෙමෙයි කෙළින්ම ගෙදර යවන්න (නි)
මහා බැංකු මගඩියට වෙනම පරීක්ෂණ පවත්වනවනේ. ඒක අතිවිශේෂ සිද්ධියක් නිසා ඒවා වෙනම යයි. ඒක කරන්න කියන්නේ අනෙක්වා යට ගහන්න ඕනෑ අයයි. පහුගිය කාලේ හොරකම වංචාව කොමිස් ගැහිල්ල නීතිගත කරගෙන ටයිකෝට් දාගෙන ලස්සනට කරපු අය හොර පූසෝ වගේ ඉන්නවා. (නි)
අපක්ෂපාතී සහ කර්යක්ෂම සේවාවක් ජනතාව බලාපොරොත්තු වෙයි (ම)
සමාෂි මම කිව්ව කතාවේ තරෙුම දන්නෝ දනිති ඔයා නොදන්නවා වුණාට (බ
මහා පරිමාණ හොරු අල්ලයි කියා මම නම් විශ්වාස කරන්නේ නැහැ. අරය මඩු වලිගෙ තියාගෙන ඉන්නවනේ (බ)
රාජිත ඇමතිතුමා මාධ්‍ය හමුවකදී සදහන් කළා මහාපරිමාණ වංචා හා දූෂණ පිලිබඳ ක්‍රියා කිරීමේදී විශේෂ පරීක්ෂණයක් හැටියට එය සලකා බලන නිසා ටිකක් ප්‍රමාද වෙනවා පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට කියා. අපි යෝජනා කරනවා අල්ලස් හා දූෂණය කියන්නේ දඬුවම් ලැබිය යුතු වරදක් එහි වංචා කරන ලද මුදල් ප්‍රමාණය සලක බැලිය යුතුයි නමුත් ඒවා මහා පරිමාන හා සුළු පරිමාන කියා බෙදා වෙන් නොකර. (බ)
වෙනසක් විය නොහැක ජනාධිපති පත් කිරීම් කොහොමත් වැඩක් නැත.(ම)
ඉන්දියාවේ පෙරෙයිදා ඉඳලා කිසිම ප්‍රසිද්ධියක් නොකරම රුපියල් 500 සහ රුපියල් 1000 නෝට්ටු ඉවත් කරලා, අලුතින් රුපියල් 500 සහ 2000 නෝට්ටු ඉදිරිපත් කළා. දුෂිතයන් සල්ලි මලු ගණනින් හංගගෙන හිටියත් දැන් සියල්ලම එළියට දාන්න සිද්ධවෙලා. අපේ රටෙත් පුළුවන්නේ මේ ක්‍රමය යොදා ගන්න. (නි)
කොපමණ කලක් ඉන්න දේවිද? ඉන්න ලැබේවිද? මෙතැන හැමදාම සුළි සුළං. අපි බලමු (නි)
ධූරයේ වගකීම, අපේක්ෂාව නිසිලෙස ඉටුකරන්නට ලැබේවා තමයි කියන්න තියෙන්නේ. හොඳ තොරෙක් මෝරෙක් ඇල්ලුවදාට චරිත සහතිකයක් දෙන්නම් (නි)