නිමන්ති රණසිංහ
රුපියල් මිලියන 125ක අල්ලස් සිද්ධියේ ලේඛන කිහිපයක් සඟවා හෝ විනාශකර දමා ඇතැයි කියමින් හිටපු සහකාර රේගු අධිකාරිවරයකු පැවරූ නඩුවට කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන ජනවාරි මස පළමු වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් දෙදෙනකුට සිතාසි නිකුත් කළාය.
මෙලෙස සිතාසි නිකුත් කැරුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් වන පොලිස් පීක්ෂක ඒ. එච්. එම්. ජී. අබේසිංහ සහ පොලිස් කොස්තාපල් (71768) ඩබ්ලිව්. කේ. සදුන් පෙරේරා යන දෙදෙනාටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd