පොලිසියේ අසතුටු දායක පරීක්ෂණ නිසා ත්‍රිකුණාමල සිරගෙදර ප්‍රධාන ජේලර් විජේසේකර ජයතිලකට පැවරූ අල්ලස් නඩුව ඉල්ලා අස් කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද දැනුම් දුන්නේය.
මුලින් පොලිසියට ද පසුව පොලිසියට ද කළ කටඋත්තර වල බොහෝ පරස්පර තැන් ඇතැයි කොමිසමේ නිලධාරී සී චන්ද්‍රසිරි අධිකරණයේ දී කියා සිටියේය.
රුපියල් 5000ක අල්ලසක් හා රුපියල් 6900ක් වටිනා ජංගම දුරකතනයක් අල්ලස් වශයෙන් ගත්තැයි ජයතිලකට එරෙහිව මේ නඩුව පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වුණේ මොකද දන්නෙ නැහැ (නි)
අසතුටුදායකව පරීක්ෂණ කරන අය ගැන තීරණය කුමක්ද? බොහෝ දේ වල අවසානය මෙයයි. විනිසුරුතුමන්ලා පොලිසියට දොස් පවරන අවස්ථාද එමටයි. කවදාද හරියට සේවයක් වෙන්නේ? පුහුණු පාසලක්වත් දමා හැමෝටම පිළිවෙලකට පුහුණුවක් දී වැරදි කරන අයට දඩුවම් කරන ක්‍රමයක් ඇතිකළොත් නරකද? (නි)
මුලින් දෙන කට උත්තර පස්සේ වෙනස් වෙන්න නොයෙකුත් හේතු තිබෙන බව අපි අසා තිබෙනවා. (නි)
ගැටළුව විසඳාගෙන වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
ඇති යන්තම් මේක මෙහෙමවත් බේරාගත්ත එක ! (නි)