අයවැය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දැක්වීය.‘‘ජනාධිපතිවරණයකදී මුළු රටටම සල්ලි බෙදන බව අයවැය ලේඛනයෙන් කියා තිබෙනවා. මේක අයවැය ලේඛනයක් නෙවෙයි. ඡන්දය බලාගෙන දීපු අල්ලස් අයවැයක්. රට ගොඩනැගීම සඳහා වූ කිසියම්ම වැඩපිළිවෙලක් නැතිව ණය කන්දරාවක් ලබාගැනීම මත ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට ඉදිරිපත්කළ සංඛ්‍යාලේඛන විජ්ජාවක් විතරයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ අයවැයට විරුද්ධව ඡුන්දය දෙනවා. ඉදිරි දැක්මක් නැති සංඛ්‍යාලේඛන හරඹයකින් වගේ පොරොන්දු මල්ලකින් වැඩක් නැහැ.”
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ‘‘අල්ලස් දීලා පවත්වන යන ජනාධිපතිවරණය නීති විරෝධීයි. ඒ වගේම ඒ ජනාධිපතිවරණයට මහින්දට තුන් වරක් ඉදිරිපත් වෙන්න බැහැ. අවසාන විග‍්‍රහයේදී ගත්තාම තරඟයත් නීති විරෝධියි. තරඟකරුවාත් නීති විරෝධීයි. ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වෙන්නේ නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා කියන එකයි. මොන විදියකින් හරි රටේ මූලික නීතියට පයින් ගහලා මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිවරණයක් තියනවා නම් ඔහු පරාජය කරන්න හැකි උපරිමයෙන් මැදිහත් වෙනවා. නීති විරෝධී අපේක්‍ෂකයට විරුද්ධව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නවා.
මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍ය කමිටු සාමාජික, බස්නාහි පළාත් සභා මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය හරි කියලා. අය වැයක් යනු රටක අදායමට සරිලන වැයක් ඒ දේ සමතුලිත වෙන්න ඕනි බිලියන 521 නයක් අරගෙන ජනතාවට දෙන්න පුලුවන් සහන මොනවද? එතකොට රජය කොහොමද නය ගෙවන්නේ ? ජනතාවට යලිත් ඒ බර පටවනවා එතකොට තේරෙනවා මේක හුළං පුම්බපු ලියවිල්ලක් කියලා. (නදී)
රට හදන්න නම් ජනාධිපතිගේ ඉදල සුළු සේවකයා දක්වා වියදම් අඩු කරන්න ඕනා. ඇමති මණ්ඩලය 20ක් කරන්න අනවශ්‍ය සියලුම වියදම් කපා හැර සියල්ලෝම අවංකව රටට වැඩක් කරන්න ඕනා. මේක අය වැය ලේඛනයක් නෙමෙයි ඡන්දය බලාගෙන දීපු අල්ලස් අයවැයක්. රට ගොඩනැගීම සඳහා වූ කිසියම්ම වැඩපිළිවෙලක් නැතිව ණය කන්දරාවක් ජනතාවගේ හිස මත තියලා. (නදී)
සමහරුන්ට කොයි ආණ්ඩුවෙන් මොන දෙයක් කලත් පෙනෙන්නේ නරක. සමහර විට එයාලගේ පුරුද්දෙ හැටි වෙන්න ඇති. (නදී)
මේ විරුද්ධ මත දරන දේශපාලන පක්ෂයක මතයක් විතරනේ. ඕනෑම මතයක් දරන්න ඕනෑම අයෙකුට අයිතිය තියනවා. මේ අයවැය සාමාන්‍ය මිනිස්සුන්ට ඒ වගේම නිෂ්පාදකයින්ට(සුළු ,මධ්‍යම ,විශාල) ආයෝජකයන්ට බලපාන්නේ කොහොමද කියල ඒ අය තව ටික දවසකින් නිර්වචනය කරගනීවි. විරුද්ද මතයක් තියනවා නම් කරුණු සහිතව පෙන්නලා එ්ක සනාත කරනවා හැරෙන්න මේ විරුද්ද දේශපාලන පක්ෂ මේ දේශපාලන මඩ ගොඩේ එරිල ඉන්නේ මේ මතවාද ඉදිරිපත් කරන ක්‍රමය නිසා. වෛරී මතවාද වලට කන් දුන්නු මිනිස්සු අද ලංකාවේ ඉන්නවා කියල මම හිතන්නේ නැහැ . අමතක කරන්න එපා රටක් (රජයක්) කියන්නේ ජනාධිපති හා ඇමති මණ්ඩලය විතරක් නෙවේ මුළු රටේම සමස්ථ යාන්ත්‍රනය බව. (නදී)
බලය තකා රට නය උගුලක පැටලවීම සදාචාර සම්පන්න නැහැ. (නදී)
කාටහරි කියන්න පුලුවන්ද ඇයි මීට කලින් ඔය යතුරුපැදිය බෙදුවේ නැත්තේ කියලා. ඒ මිනිස්සු එතකොට ඒ කාලේ වැඩ කළේ කොහේද? හිටිගමන් උසස් පෙළ සමතුන්ට ගුරු පත්වීම් දෙනවලු. එකපාරටම උසස් පෙළ සමත් වූ පමණින් උගන්වන්න පුලුවන්ද? දැන් මිනිස්සු කියාවි අනේ අර ළමයින්ට ගුරු පත්වීම් ලැබෙනවාට ඊර්ෂ්‍යාවේ කියලා. අපේ ළමයින්ට එහෙම අයගෙන් ඉගෙනගන්න අවශ්‍ය නැහැ. (නි)
මෙතෙක් කාලයකට විරුද්ධ පක්ෂය එකඟ වූ අයවැයක් මා අසා නැත. (නදී)
දුන්නත් වැරදියි, නුදුන්නත් වැරදියි. පාරවල් ගානේ උද්ඝෝෂණ කර කර ඉන්නේ නැතුව රටට බැරි නම් තමන්ටවත් වැඩක් කරන්න. එතකොට ඉල්ලන්න ඕනෑ නැහැ නිකම්ම ලැබෙනවා. (නි)
ඔන්න ඕස්ට්‍රේලියාවෙත් ඡන්ද අල්ලස් දෙන්න පටන් අරන්ලු. අපේ කෙනෙක් ඔය රැස්වීමට ගිහිල්ලා ඇවිල්ලා දෙකොනින් හිනාවුණා. (නි)
බොහෝ දෙනෙකු ප්‍රතිචාර දමන්නේ ලොකු ආර්ථික විසේෂකයන් ලෙසින් , කවුරු බලයේ සිටියත් ඔය ආකාරයට තමා කරන්නේ , විරුද්ද පාක්ෂිකයන් එය හෙලා දැකීම කරනවා , විශේෂයෙන් හරියට අධ්‍යාපනයක් නොලැබූ ජේ වී පි කාරයන් සේම දෙයකට විරුද්දව කතා කිරීම අතීතයේ සිටම තිබුනා , අපේ රට ලෝකෙට ණය වන්නට පටන් ගත්තේ 1977 පසුව ,1977 ට පෙර අපි ලෝකයට ණය නැති රටක් , 1977 පසු ආ සියලුම රජයන් මේවට වගකිව යුතුය , අපි ගොලිකරණයට අසුවී සිටින්නේ හැම පැත්තකින්ම , බේරෙන්නට ක්‍රමයක් නෙහැ , එසේ වන්නට අපි තනිවනවා (බ)
මෙච්චරකල් නොතිබුන රැකියා අවස්ථා දැන් හිටිගමන් මතු වුණේ කොහොමද? මේකත් ආශ්චර්යයේ කොටසක්ද? (නි)
මේ අය නේද මොර ගැහැව්වේ පඩි වැඩි කරපියව් කියල. එතකොට කිව්වද නයට අර ගෙන නම් පඩි වැඩි කරන්න එපා කියල. (බ)
ධම්ම ගේ කතාවට එකඟ වෙනවා හැරෙන්න වෙන විකල්පයක් නැත. (බ)
අපිට මතකයි 1977 ට පෙර සලාක පොත අරගෙන ගිහින් හාල් තුනපහ ගත්ත හැටිත් , අම්මාට "අඳින්න පෙර සිතා බලනු " මතක් කල බටර් නයිලෝන් සාරියත් , නංගිට ගවුම් මහන්න ගත්තු භූමිතෙල් ගඳ ගහපු සලාක චීත්ත රෙදිත් . චන්ද්‍රා මහත්මිය ඉපදෙන්න ඇත්තේ 1977 ට පසුව වෙන්න ඕන.(බ)
අයවැයක් උනහම ඒක ජනතාවට පැහැදිලි විය යුතුයි. ජනතාවට සහන දෙනවා නම් ඒ සහන දෙන සල්ලි හොයන්නේ කොහොමද කියන එක පැහැදිලි විය යුතුයි. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්වත් ජනතාව යවල තියෙන්නේ ඒ ගැන කතා කරන්න (නදී)
අය වැය කියන්නේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලබන මුදල් ප්‍රතිපාදන සඳහා වූ නීති කෙටුම් පතකි.එය මැතිවරණ ප්‍රකාශයක් මෙන් පොරොන්දු සමුහයක් නොවේ(දිල්)
ජනතා පෙරමුණේ නිගමනය හරි. අයවැය හිගය බිලියන 521. ණය වලින් පියවන්නේ. රජයේ වියදම් අධිකයි .ණය වලට ඉහළ පොලි අනුපාතයක් ගෙවීමට සිදුවේ රට තුළ උද්දමනය වැඩිවීමෙන් බඩු මිල ඉහළ යනවා . (දිල්)
මොකද්ද අල්ලසක් කියන්නේ ? (දිල්)
මම දන්නා ආර්ථික විද්‍යාවක් වත් ගොලීකරණයක් වත් නැහැ, ගෙදර උන්දැ කුස්සියට ඉල්ලන බඩු ටික ගේන්න පඩිය මදි. ඉතින් හැම පුංච් පුංච් ඡන්දයක් ගානේ මොනා හරි දෙන්න පොරොන්දු වෙනවා. ඡන්දෙ දිනුවාට පස්සේ මොකුත් නැහැ. ඉතින් මේවාට ඡන්ද ගුණ්ඩු කියලා කියන්න ආර්ථික විද්‍යා හෝ දේශපාලන විද්‍යා උපාදි ඕනද චන්ද්‍රා නෝනේ (නදී)
ජනතා විමුක්ති පෙරමුණ කවදද හොඳක් කියන්නේ. හැමදාමත් වැරදි සොය සොයා ඉන්නවා. (නදී)
ගමගේ මහත්තයෝ, ඒ අය කිව්වේ ආණ්ඩුවේ නාස්තිය අඩු කරලා එමගින් ලැබෙන මුදලින් ජනතාවට සහන දෙන්න කියලයි. නැතුව තව තවත් ණය අරගෙන නෙමෙයි. ඔබ තුමත් දන්නවනේ ගන්න ණය ගෙවන්නේ ජනාධිපති තුමාවත් බර ගානක් ඉන්න ඇමති මණ්ඩලයවත් නෙවෙයි කියලා. මේක හරියට අපේ සාක්කුවට විදලා එ්කෙන් ගානක් එයාල තියාගෙන පොඩි ගානක් අපිට දීල මහා ලොකු ගානක් දුන්න වගේ කෑගහනවා. ඇත්තටම වැදගත් වෙන්නේ ඔය ඉලක්කම් හරබයද නැත්නම් එදිනෙදා ජිවත් වෙද්දී අපට දැනෙන අමරුකම්ද? එම අමාරුකම් විසදීම මෙම අයවැයෙන් අරගෙන ඇති පියවර මොනවද කියලා පොඩ්ඩක් කියන්නකෝ. (නදී)
දුන්නත් වැරදියි නොදුන්නත් වැරදියි (නි)
චන්ද්‍රා නෝනේ, ඔය ලබපු අධ්‍යාපනය මොකක්ද? ඔයා කොහොමද කියන්නේ ජේ.වී.පී එකේ ඉන්නේ අධ්‍යාපනයක් නැති අය කියා (නදී)
ගමගේ, මේ ගොල්ලන්ම තමා ආණ්ඩුව නරකයි කියන්නෙත් ඡන්දයක් තියන්න යනකොට එපා කියන්නෙත්. මේ අය දන්නවා ජනතාවට සහනයක් නම් තමන්ට අවසානයක් බව. (නදී)
බිමල් 1977 පෙර සලාක පොතට සත 25 ට සහල් සේරු දෙකක් ගත් කතාව සැබෑය. රෙදි පිලි ලංකාවේ නිෂ්පාදිත සමහරවිට ගඳ ගහපු ඒවා වන්නට බැරි නැත. එහෙත් අප ලෝකයට නය නැතුව අපේම රටේ නිෂ්පාදන වලින් අප නොමැරී ජිවත් උනා. 1977 පසුව බටර් නයිලෝන් සාරි අඳින්න, චීස් බටර් හැම් බේකන් කන්නට, සුපිරි දේ පිටින් ගෙන්වන්නට තමා අද වනතුරු සියලුම රජයවල් ලෝකයට නය වන්නේ. (නධී)
.බල්ලා පිදුරු කන්නෙත් නැහැ වගේ කතාවක්. හැබැයි ඉතින් මේ ගොල්ලන් නම් අය වැයක් තියා පාර්ලිමේන්තු ආසනයක් වත් දිනනවා බොරු (නදී)
මේ ගොල්ලන්ට 100000 වැඩි කලත් ඕකට විරුද්දයි (නදී)
දාලා තියෙන අදහස් බැලුවම ඔලුව කචල් වෙනවා (නදී)
ඊයේ පෙරේදා වෙනකන් පාරේ බැහැල හිටිය සහන දියව් කියලා. දැන් සහන දුන්නම කියනවා අල්ලස් දෙනවා කියලා. මේ වගේ අය හිතනවද දන්නේ නෑ මිනිසුන් මෝඩයෝ කියලා. (නදී)
දෙනකොට මෙහෙම කියනවා. වැඩි කරන කොට අරම කියනවා. (නදී)
විවිධ වර්ගයේ මොළ නැති මිනිසුන් මම දැක ඇත...... එවන් මිනිසුන් මෙතන සිටි .. මට පෙනෙන්නේ රටේ බුද්දීමතුන්ගේ අඩුකම සහ රට හැරයාම මෙයට හේතුව වී ඇත (බ)
චන්ද්‍රා කොට්ටව්ච්චි එතකොට මේගොල්ලෝ ගෙන්වන ලම්බෝජිනි කාර් වල නය කොහොමද පියවන්නේ? ඒවා ගෙන් වන්නේ මාසේ පඩිය එකතු කරලද ?ඔබ නොදන්නවාවට 2005 ඉදල තමයි මේ රට විශාල නය උගුලක පැටලුනේ. (නදී)
ජේ.ආර් ජයවර්දන මහත්තයත් වසර 17 හිටියා නේද. රාජපක්ෂ මහත්තය හිටියම මොකෝ (නදී)
දැන් ලංකාව වටේ මෝටර් සයිකල් බෙදනවා ඡන්දෙ ගන්න. රටේ මුදල් බාවිතා කරනවා තමගේ බුදලේ වගේ. මෙවැනි අක්‍රමවත් වැඩ මුළු රටේම ආර්ථිකයට බලපානවා කොහොමද මේ මුදල් පිය වන්නේ? (නදී)
කවුරු කෑගැහුවත් අපි ගණන් ගන්නේ නැහැ. අපි අපේ ගමන යනවා (නි)
චන්ද්‍රා කොට්ටච්චි බන්දුල පෙරේරාගේ නෑ කෙනෙක් වගෙයි. එකම අදහස් තියෙන්නේ. (නි)
අක්‍රමවත් පරිපාලනය තමයි හැමදේටම මුල. ජනතාව උගස්කර බඩ වඩාගන්න නරකයි. අපිට ඕනෑ රටේ ආර්ථිකය හරියට හසුරවන්න පුලුවන් ආණ්ඩුවක් (නි)
අපේ රටේ දේශපාලනය මඩ වගුරක් වගේ. කවදාකවත් හරි තීරණ ගන්නේ නැහැ. බොරු පටු දේශපාලන වාසියට තාවකාලික පැලැස්තර දානවා. ඒකෙන් වෙන්නේ රට තවත් පිරිහීමයි. ලංකාවේ ආර්ථිකය ස්ථාවරව ගොඩ නැඟීමට නම් හරි තීරණ ගන්න ඕනෑ (නි)
අය වැය පියවන්න පිට රටට නය වෙනවට සතුටින් රතින්ඝා පත්තු කරපු එකම රට මේ අපේ ලංකාවද. (බ)
මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය හරි කියලා. මේ පාලනයේ ඉන්න කවුද කැපවීම් කරලා තියෙන්නේ ජනතාව වෙනුවෙන්? ඒගොල්ලෝ සියලුම වර්ප්‍රසාද ලබනවා (නි)
මේ ගොල්ලෝ මොනවා කළත් විරුද්ධ වෙනවා. යුද්ධ කාලයේ කොටි ත්‍රස්තවාදය සහමුලින්ම නැති කළයුතුයි කියලා කෑගැහුවා.කොටියාට ගහනකොට අයවැය පරද්දලා බේරගන්න දැගළුවා.මෙයලා ප්‍රශ්න විසඳනවාට කැමති අය නෙමෙයිද? මෙයාලා සංඛ්‍යා හරඹ කරන්නෙ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණාමනේ. (නි)
හඳ මෝරනකොට බල්ලෝ උඩුබුරලනවා.ඕක නතර කරන්න බැහැ. පුන්සඳ ආයෙත් ජනවාරියේ අහසේ දිදුලනවා. අපි ජනවාරියේ නව සඳ බලනවා (නි)
ඔව් කසුන්, මේවා ඔක්කොම 1977 පසු වෙනස්වූ ආණ්ඩු ක්‍රමයේ වරද. එදා ඉඳලා අද වෙනතුරු රටට හිතැති නායකයෙක් මට නම් දකින්න ලැබුනේ නැහැ. එකම දෙය මෙම රජය රට එක්සේසත් කළා. කවුරු ආවත් අපිට විපත් , ඔවුන්ට සැපත් ලැබේවි. පක්ෂ වලට ගැති නොවී මධ්‍යස්ථව තමාගේ කටයුතු කිරීම තමයි වටින්නේ. දේශපාලනය කියන්නේ තනිකර වෙළදාමක් (නි)
මෙයාලට සහන දුන්නත් වැරදියි..නොදුන්නත් වැරදියි.කමක් නැහැ අපේ ජීවිතකාලය තුලනම් ජේ වී පි රජයක් බිහිවෙන්නේ නැහැනේ.ඉතින් මොනවා කියන්න බැරිද? (අ)
දීමනාත් වැඩිනොකර, පඩිත් වැඩිනොකර, සහනත් නොදී, බඩු මිල තවත් ඉහළ දැම්මා නම් මොනවා කියයිද? (නි)
ආණ්ඩුවේ වැඩ එයාලා බලාගනීවි. ඔයාලා තමන්ගේ වැඩක් බලාගන්නකෝ. අනෙක් අයත් එයාලගේ වැඩ බලාගනීවි (නි)
අයවැය හිඟය රු. බිලියන 521ක්.මේක පියවන විදිය හැමෝම දන්නවනේ. ආශ්චර්යට යනකොට එහෙම වෙන්න ඇති.අපි ඉතින් ඕවා දන්නේ නැහැනේ. ආණ්ඩුවේ ,පාර්ලිමේන්තුවේ ඉන්නේ අපිට සේවය කරන්න සැදී පැහැදී ගිය උත්තමයෝනේ.ඉතින් මේ අයවැය අපිට හොද ඇති නේද? අනේ මන්දා! (නි)
ලාංකිකයන් වන අපි තුන් වන ලෝකයේ රටක් තවම , සංවර්ධනය වන රටක් තවම , යුරෝපය හෝ ඇමරිකාව සමග සමාන කරන්න බැහැ. , අනික් කරුණ අපිට තිබෙන්නේත් 3 වන පන්තියේ මානසික තත්වයක් , පක්ෂවලට බෙදිලා , ආගම් වලට බෙදිලා , කුලමල වලට බෙදිලා , දියුණු රටවල මේවා නැහැ , ඡදයක් ආවම තමාගේ වැටහිම අනුව ඡන්දය දීම , අපි වාගේ මරා ගන්නේ බැන ගෙන දොස් කියා ගන්නේ නෑ, වෙනස එ්කයි , දියුණු රටවල සහ අප වාගේ රටවල. (අ)
ණය වෙන එක නෙමෙයි ප්‍රශ්නය . මොකටද ණය වුණේ කියන එක. අත්‍යවශ්‍ය අවස්ථා වලදී ණයවෙන්න සිද්ධවෙනවා.හැබැයි ගත් ණය බොරු වැඩ වලටයි, ප්‍රමිතියක් නැති සංවර්ධන ව්‍යාපෘති වලටයි වියදම් කරලා අමාරුවේ වැටෙනවා නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. (නි)
ජනතා ව්මුක්තියේ කට්ටිය කවදාද මුහුණට සිනහවක් අරන් ජනතාව අතර පෙනී හිටියේ සෑම දෙයකම අඩුවක් දකින හීනමාන කාරයෝ. 88/89 කලේ අපට හොදට මතකි.(බ)
කියන ඇත්ත තේරෙන්න මොළය කළඳක්වත් තියෙන්න ඕනෑ. (නි)
අල්ලසක් වුණත් අපිට ඒක හොඳයි (නි)
දැන් ඔය කඩේ යන කට්ටිය හෙට උයන්න තියෙන්නේ මොනවද කියලා බැලුවද? (නි)
හඳ මෝරන කොට පිස්සන්ගේ පිස්සු වැඩි වෙලා කියවන්න පටන් ගන්නවා. බන්දුලටත් පිස්සු තද වෙලා කියවනවා. මෙයාව පිස්සන් කොටු යවන්න කාලේ ඇවිත් වගේ. පවු අහිංසක දෙමව්පියන්ට බැනුම් අස්සන්නේ නැතුව හිටියොත් නේද හොඳ? (නදී)
බලාගෙන ජනවාරියේදී ලොකු චන්ද්‍ර ග්‍රහණයක් වෙන්න නියමිතව තිබෙන බව නැකත් කරුවන් පවසනවා. මෝරාගෙන එන සඳ ග්‍රහණයට හසුවෙන්න පුළුවන්. (නදී)
මේ ප්‍රශ්නය තේරුම් ගන්න ජ.වී.පෙ අයගේ උගත් කම සෙවීමෙන් හෝ මේ අදහස් ලියන අයට ආර්ථික විද්‍යාව පිලිබඳ උපාධි තියෙනවාද කියා ඇසීමෙන් වැඩක් නැහැ. කළ යුත්තේ මහින්ද රජය විදේශ රටවලින් ගත් සමස්ත ණය ප්‍රමාණය ට පොලී අනුපාතයත් එක්කොට ලැබෙන එකතුව රටේ ජනගහන සංඛ්‍යාවෙන් බෙදා අඩු ආදායම් ලාබී පිරිසගේ ඒක පුද්ගල ආදායමට (-x y) එය එකතු කිරීමයි. අන්න ඒ මුදල තමයි ඇත්තටම අසරණයින් අතට (ඉතුරු උනොත්) පත්වෙන්නේ. ඕක තමයි ඇත්ත (නදී)
අර හන්දියේ මේ හන්දියේ උද්ඝෝෂණය කරන්නේ අරක වැඩි කරව්..මේක වැඩි කරව්..අරක දියව්..මේක දියව් කියලා.මොනවා හරි දීපු ගමන් දුන්නේ කොහොමද කියලා අහනවා. අල්ලස් දීලා කියනවා.කලිනුත් කිව්වා වගේ ඕක නතර කරන්න බැහැ. පුන්සඳ ආයෙත් ජනවාරියේ අහසේ දිදුලනවා. ඒක වළක්වන්න කෑගහලා වැඩක් වෙන්නේ නැහැ (නි)
නිර්මලා ඉරිසියාවේ පුපුරනවා. මෝටර් සයිකල් ගත්ත කට්ටියට අහුවුනා නම් නිර්මලාගේ මයිල් ගහක් හොයන්න ලැබෙන්නේ නැහැ. මම රජයේ සේවකයෙක් නෙමෙයි. මට කිසිම දෙයක් මේ අයවැයෙන් නැහැ. නමුත් කාට හරි දෙයක් ලැබෙනවා නම් අපිට ඒ ගැන සතුටුයි. ඔවුන් කරන ක්ෂේත්‍ර සේවය වෙනුවෙන් ඔවුනට ඒ දේ හිමි වෙන්න ඕනා. නිර්මලා වගේ සමහර ගැහැනුන්ගේ ඔය අනුන්ට ඉරිසියා කිරීමේ ජන්ම ගතිය අරින්න මහින්ද මහත්තය නෙමෙයි මහා බ්‍රහ්මයා ඔතනට ආවත් බැහැ. (නදී)
මම හිතුවා අඩුම ගනනේ ලංකාවේ හැම නගරයකම ගුවන් තොටුපොල ගානෙ හදන්න සල්ලි වෙන් කරාවී කියලා. ජාතික මට්ටමින් රටපුරාම කට්- අවුට් ගහන්නත් බිලියන හත අටක් තිබුනා නම් තමයි හොඳ (නදී)