ශ්රී ලංකාවට කුඩු ගේන ලොකු ලෙක්කෝ කවුද?ඇල්ලූ කුඩු වලට මොකද වුණේ .ඒවා පාන්පිටි වෙනවා දැයි ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ වලව මිටියාවතේ ජනමාධ්‍යවේදීන්ගේ රැස්වීමකදී පැවසුහ.
‘‘දේශපාලකයන් සම්බන්ධ වුණා යැයි අතිශයින්ම බරපතල අපරාධ චෝදනා රාශියක් අද ජනතාව ඉදිරියේ තියනවා. කුඩු කන්ටේනර් ගණන් ගේනවා. රටේ සිදුවන මහා පරිමාණ ජාවාරම් දිහා, විශ්මිත ත‍්‍රාසජනක අපරාධ සිදුවන දිහා ලෝකය බලා ඉන්නවා. අද ලංකාව ලෝකයේ කුඩු මධ්‍යස්ථානයක් බවට පත්වෙලා.’’
ලංකාවේ කුඩු ව්‍යාපාරය පිටුපස දේශපානඥයින් ඉන්නවා කියන එක දේශපාලනඥයින්ම පිළිගෙන තිබුණා. පුංචි පුංචි හාල්මැස්සෝ අහු වෙනවා, කෝ තෝරුන් මොරුන් අහුවෙන තැන.’’
‘‘පොලිසිය මේ කුඩු අල්ලන එක හොඳයි. නමුත් අපි අහනවා ඇල්ලූව කුඩුවලට මොකද වුනේ. ඒවා පාන්පිටි බවට පත් වුණාද? ඒවා අළු බවට පත්වුණාද? කන්ටේනර් ගණන් අහුවෙච්ච ඒවාට මොකක්ද කලේ. ඒට චෝදනා ලද දේශපාලනඥයන්ට මොකක්ද වුණේ. ඒ ගොල්ලන්ගේ නිලධාරින්ට දීපු දඩුවම් මොනවද? මතු පරපුරේ ආරක්‍ෂාව පිණිස මේ ප‍්‍රශ්න මාධ්‍ය හරහා ඉදිරිපත් කළ යුතුව තිබෙනවා’’
‘‘ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජාත්‍යනතරයෙන් කරගෙන යන කොටු කිරිල්ලට මේ වගේ නොපනත්කම් නිසා අපි අහුවෙනවා. මේවා නිසා සාදාචාරමය, දුරාචාරමය, වශයෙන් අප රට කොටු කරගන්න ජාත්‍යන්තරයට හැකිවෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේලා මේ ප්‍රශ්ණ අපෙන් අහනවද මම දන්නේ නැහැ. ඔබ වහන්සේලාත් මේ ආණ්ඩුවේම කොටසක් නේද. එච්චර කැක්කුමක් ඇත්නම් ආණ්ඩුවෙන් ඉවත්වෙලා සටන් කලොත් නේද හරි.(අ)
අපේ හාමුදුරුවනේ මටත් තියෙනවා ප්‍රශ්නයක් අහන්න.(අ)
කරුණු නිවැරදිව ඔප්පු කල හැකි ආකාරයෙන් සොයාගෙන රටේ පවතින නීති රාමුවට යටත්ව කලයුතු දෙයක්.(අ)
මම හිතන්නේ සමහර පැතිවල හෝටල් වල වටලප්පන්,රොටි වගේ දේවල් හදන්න ගන්නවා ඇති. (නි)
ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ඇසූ ප්‍රශ්න පත්‍රයම තමයි අපිට අහන්න තියෙන්නෙත්. (නි)
අපිත් අහන්නේ මේ ප්‍රශ්නයම තමයි (නි)
මේවා කරන අයට වෙන දේ අපිට ඇස් පනාපිටම දකින්න ලැබේවි අපේ හාමුදුරුවනේ.(නි)
අනේ ස්වාමින් වහන්ස, මේ සත්‍යය අපිටත් වැටහෙනවා (නි)
අවසරයි අපේ හාමුදුරුවනේ, හාමුදුරුවන්ගේ දේශනය හරියට හරි. බිරිඳ, දයාබර දරුවන්,දෙමවුපියන්, වැඩිහිටියන්, ආගමක් දහමක් නොදන්නා තත්වයකට මත්කුඩු පත්කර හමාරයි. අවසාන මොහොතෙහි හෝ ඇත්ත තත්ත්වය ඔබවහන්සේට අවබෝධවීමත් කාන්තා අපිට සැනසීමක්. (නි)
රට පෙරට අපි වලට... අපිටත් තියන ප්‍රශ්නේ ඕකමනේ. අල්ලපු කුඩු ආයි දේශපාලුවන්ගේ අතටම යනවද දන්නේ නැහැ. පොලිසිය රටට හෙලිකල යුතු කරුණක් මේක. (නදී)
අපෝ! මේ අල්ලන කුඩු පාන්පිටි වෙනවා නම් ලංකාවට පාන්පිටි වෙනම ගෙන්වන්න උවමනා නැහැනේ. (නි)
අවසර හාමුදුරුවනේ , ඔය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා නම් හොඳයි නේද? (නි)
බරපතල විරෝධයක් පෙන්වනවා නම් යම්තාක් දුරට විසඳුමක් ලබාගන්න තිබුණා (නි)
ස්වාමින් වහන්සේ ඉතා කාලෝචිත ප්‍රශ්නයක් අහලා තිබෙනවා. මේ ප්‍රශ්නය සාමාන්‍ය ජනතාව තමයි ඇසිය යුත්තේ මොනවද අල්ලන කුඩු වලට වෙන්නේ කියලා. (නි)
හාමුදුරුවනේ, ගෙනා අයට සුරසැප වෙන්න ඇති. ඒත් අපි මොනවා කරන්නද? (නි)
ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ඇසූ ප්‍රශ්න පත්‍රයම තමයි ශ්‍රී ලංකාවාසි සමස්ත ජනතාවටම අහන්න තියෙන්නෙ (දිල්)
රජය ප්‍රසිද්ධියේ රස පරීක්ෂක ඉදිරියේ මෙවැනි දේ විනාශ කළ යුතුයි. නැත්නම් අල්ලපු වැල්ලපට්ට වගේ මේවාත් හොයාගන්න බැරි වෙයි. (නි)
බන්දුල පෙරේරා,චෝදනා කරන්න පුළුවන්. ඒ නීතියක් තිබෙන, නීතියේ ආධිපත්‍යය බිඳ නොවැටුණ රටක අපි හිටියා නම්.චෝදනා කරන්න ගිහින් අර කුඩු කිලෝ 285 ක් අල්ලපු ඉන්ස්පෙක්ටර්තුමාට වෙච්ච දේ කරගන්න කෙනෙක් ඉදිරියට එන්නේ නැහැ නේද? (නි)
අපි දැන් දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලගෙන ඉන්නවාද? රට බේරගන්න පෙරට එනවාද? (නි)
කාලයක සිට පාකිස්තානයෙන් සහ ඩුබායි වලින් අපේ රටට කුඩු එවලා මේක ජරාවාසයක් කරන්න උත්සාහ ගන්නා බවට සැක හිතෙනවා. (නි)
මේ ආදරණිය ලක් අම්මාගේ රත්තරන් පුතුන් ටික මේ උවදුරින් බේරාගනු මැනවි! (නි)
අපි ඔය කියන ප්‍රශ්නය අහලා බොහොම කල් වෙනවා.බැරිම තැන තමයි නිහඬව ඉන්නේ! මේ ගැන පුළුවන් නේද පාර්ලිමේන්තුවෙදී ප්‍රශ්න කරන්න? (නි)
අනේ අපේ හාමුදුරුවනේ, මේ අපිටත් තිබෙන ලොකු ප්‍රහේළිකාවක් තමා ඔය අල්ලන කුඩු වලට වෙන දේ. අනික රේගුවෙන් අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ කියන එක. බහිරවයෙක්වත් ගිලිනවද? (නි)
මෙම කුඩු සංචිත ඉතාමත් සුරක්ෂිතව තබාගත යුතුයි. මොකද අනාගත කුඩු හිඟයක් ඇතිවුණොත් ඊට අතිසාර්ථකව මුහුණදිය යුතුයි (නි)
බන්දුල පෙරේරා මහත්මයා කියන දේ හරියටම හරි. නම් ගම් ඇතුවම කියන්න! හැමෝම දැනුවත් වේවි නේද එතකොට? වැරදි කරන්නත් බය වේවි. (නි)
කුඩු පාන්පිටි වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ, ඒවාට වෙන්නේ වෙන දෙයක් (නි)
මසුරන් වටිනා කතාව අපේ හාමුදුරුවනේ. මේ ගැන කතිකාවතක් පටන්ගන්න දැන් කාලය ඇවිල්ලා (නි)
හෙළ උරුමයට ඇයි ස්වාදීනව දේශපාලනය කරන්ඩ බැරි. ජනතාව වෙනුවෙන් ස්වාදීනව, දේශපාලනයට එන්ඩ අපේ හාමුදුරුවනේ. ගරු සෝබිත හාමුදුරුවන්ගේ අදහසුත් ටිකක් හිතට ගතහොත් හොඳ මදිද. (නදී)
ඉතින් හාමුදුරුවනේ, මොකද මේ හරියට අපි කළා වගේ අපෙන් අහන්නේ මේවා? (නි)
අපේ හාමුදුරුවනේ, පෙරට විත් යමක් කරන්න (නි)
වගකිවයුත්තන්ට කිසිම ගානක් නැහැ. නිකන් ඇස් කන් නැහැ වගේ ඉන්නවා. හරිම ලැජ්ජයි, ඒ වගේම කණගාටුයි (නි)
හිමියන්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව දෙන පිළිතුරු මොනවාද කියා අප බලා සිටිමු . මේ අසා ඇති ප්‍රශ්නය ලංකාවේ සියලු දෙනාටම තිබෙන ප්‍රශ්නයක් (නි)
ඇත්තටම කාගේද මේ කුඩු? (නි)
ඔබ වහන්සේලාත් ඒ ගැන දන්නේ නැත්තම් සාමාන්‍ය මිනිස්සුවන අපි මොනවා කරන්නද? (අ)
අපි කාටත් තියෙන ප්‍රශ්ණේ ඕකම තම හාමුදුරුවනේ? එත් කවුද මෙවලට උත්තර දෙන්නේ? (අ)
පාන් පිටි ,පොල් කුඩු කතා වැඩක් නැහැ .....(අ)
ගරු අපේ හාමුදුරුවනේ දැන්වත් මේ ගැන මහා ජනය දැනුවත් කළොත් හොඳයි. අර ගම්මන්පිල මහත්තයට මෙහෙම ප්‍රශ්නයක් ලංකාවේ තියෙන විත්තිය අමතක වෙලාවත්ද. අපි හෙළ උරුමයෙන් ,දුෂණයට,කුඩුවලට, පගාවට සහ රටේ අක්‍රමණය වී ඇති නීති පදතිය සක්‍රිය කිරීමට දායකත්වයක් තවමත් බලාපොරොතු වෙමු. ඔබ වහන්සීගේ අවදානය මේ ගැන යොමු වීම හොඳයි. මේ ගැන ගැමි ජනතාව දැනුවත් කරන්ඩ, මේ කුඩු උවදුරෙන් ඔවුන් බේරා ගන්න. (අ)
ඒවායින් පිට්ටු හදනවා ඇති සමහරවිට (නි)
මසුරන් කතා පොඩ්ඩ අපේ හාමුදුරුවෝ කාලෙකින් මෙවන් දේශනාවක් කෙරුවේ . (අ)
ඔය වගේ ප්‍රශ්ණ පාර්ලිමේන්තුවේදී නිර්භීතව ප්‍රශ්ණ කරන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා පමනයි.ඔය හාමුදුරුවොත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද?ආණ්ඩුවේ කෙනෙක් නේද? ඇයි අපෙන් අහන්නේ.(අ)
බෞද්ද භික්ෂුන් වහන්සේලා කොටසක් මේවා ගැන ප්‍රශ්න කරද්දී මහා පරිමාන කුඩු කාරයන්ට උදව් දෙන අයට දෙශපලනයට එන්න ඉඩ දෙන දෙශපාලන නායකයොත්, ඔවුන්ට ඡන්දය දෙන ජන්ද දායකයන් වැඩි පිරිසකුත් ඉන්නවනේ.(අ)
හැමෝම කියනවා දේශපාලකයෝ සම්බන්දයි කියල.ඒ වුණාට බය නැතුව චෝදනාව ඉලක්කව එල්ල කරන්න එකෙක් නැහැ.ඔය නම් දන්නවා නම් කියන්නකෝ අපිටත් දැන ගන්න. අනෙක පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයින්ට හයියක් නැද්ද නමක් නොකිය එල්ල වන චෝදනාවට තමනුත් ලක් වෙනවා ..ඒ නිසා සත්‍යය හෙළි කල යුතුයි කියන තීරණය ගන්න..ඔවුන් මේ දේශපාලකයින් ගැන නොදැන ඉන්න විදියක් නැහැනේ.කෝ ඔය අනුර කුමාරලා නමකින් චෝදනාවක් ඉලක්ක කරලා කරලා තියෙනවද? අනෙක් හැම කුනක්ම ඇද ඇද එලියට දාන එකේ මේකට හයියක් නැද්ද? අල්ලපු කුඩු නඩු භාණ්ඩ..ඒවා මහජන ප්‍රදර්ශනයට තියන්නේ නැති බව හාමදුරුවෝ නොදැන ඉන්නනම් විදියක් නැහැ. චෝදනාවක් එල්ල කරනවානම් නම් ගම් ඇතුව එල්ල කල යුතුයි.ඒ වගකීම දරන්න බැරිනම් ටෙලි නාට්‍ය රග දක්වන්නේ නැතුව නිහඩව සිටිය යුතුයි.දේශපාලකයින් මේවට සම්බන්දනම් ඔවුන්ගේ නම් හෙළි නොකිරීම මුළු ජාතියටම කරන ද්‍රෝහී කමක්. තමන්ගේ අය කියල ආණ්ඩුවේ කට්ටිය නිහඩ වෙනවනම් එකට තමයි විපක්ෂයක් ඉන්නේ.කෝ සද්දේ දාන එකෙක්වත් මේ ගැන කටක් හොල්ලන්නෙ නැහැනේ. ඔක්කොම පුස් වෙඩි විතරයි. මේ රජයට පහර දෙන්න මෙයිට වඩා හොද ආයුදයක් තියෙනවද ? මොකද මේ ළඟ ඉදල සුන්නද්දුලි වෙලා යන්න ගහන්න පුළුවන් ආයුධය හැතැම්ම ගාණක් දුර ඉදන් නොදන්නා ඉලක්කෙකට මානන්නේ. (අ)
මේ රටේ අනන්තවත් ප්‍රශ්න වල මහා අයිති කාරය දේශපාලකයා. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔවුන් සියල්ල කොටස්කරුවෝ. එ්ත් ඒ හා සමානවම එහෙත් කිසිම දවසක කවුරුත් මොකුත් නොකියන කාලකන්නි චරිතයක් මේ වැඩවලට සම්බන්දයි. කවුද ඒ... එ් තමා නිලදාරියෝ.... මොවුන් ඉන්නේ තිරේ පිටුපස. (නදී)
කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරනවා තමයි. මේක අපේ වැඩක් නෙමෙයි වෙන්න ඇති. මම හිතන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයන්ගෙ වැඩක් (නි)
ඇයි අපේ වගකිවයුත්තන් මේවා ගැන කතා නොකරන්නේ? (නි)
ඔයගොල්ලන් දැක්කද එක්කෙනෙක් මේකේ අපි හැමදෙනාම කියන දේවල් වලට විරුද්ධව අදහස් දක්වනවා (නි)
මේගමන කුඩු ගෙනාවට අහුවෙලා තියෙන්නේ මොන පළාතේ කෙනෙක්ද? (නි)