(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මත්කුඩු අල්ලන නමුත් ඒ කුඩු වලට කරන්නේ කුමක්දැයි නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසු ගිය වසර හතරේ අල්ලන ලද කූඩු වලට කළේ කුමක්දැයි ඇසූ හිටපු ජනාධිපතිවරයා එම කුඩු පුච්චන්නේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසූයේ මත්කුඩු පුළුස්සන යන්ත්‍රයක් වනාතවිල්ලුවේ ස්ථාපිත කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග සඳහා සාම්පල ලබාගෙන එදිනෙදා අල්ලන කුඩු එදිනෙදාම පුළුස්සා දැමීමට දැන් හැකියාව ඇති බවයි.ඒ වැඩ පිළිවෙළ පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතමන් ශ්‍රී ලංකාව කියන රටේ සිද්ධ වෙන මහා අමුතු අත්භූත වැඩ ගැන හිතන කොට නම් අත්අඩංගුවට ගන්න කුඩුත් නැවත කුඩු ජාවාරම් චක්රයටම ආපහු වැටෙනවද කියලා සාධාරණ සැකයක් ඇතිවෙන්නේ නැද්ද? දැන් සමහර ආයතන වල හොරකම් දුෂණ සුලබව සිදුවන බව රටේම මිනිස්සු දැන ගත්තත් මිනිස්සු ඒ ආයතන වටලලා කෑ ගැහුවත් ඒවා හොයන්න තියෙන අයතන වල බලධාරී මිනිස්සු කියන්නේ අනේ අපි නම් තාම එහෙම එකක් ගැන අහලාවත් නැහැ , දන්නෙත් නැහැ, අපිට කවුරුවත් පැමිණිලි කලෙත් නැහැ, පැමිණිල්ලක් කලොත් අපිට හොයල බලන්න පුළුවන් නැතුව නිකම් අපිට ඕවා හොයන්න බැහැ, වගේ එලොවටත් මෙලොවටත් නැති කතා. මොකද ඔය ලොරි ගණන් අල්ලන කුඩු පුච්චනවනම් ඕක කාටත් සැක ඇති නොවන විදියට ඕනි මාධ්‍යකට බලා ගන්න පුළුවන් විදියට කරන්න පුළුවන් නේද?
කුඩු කියන්නේ සල්ලි නේ? හොර පාරෙන් යනවා ඇති.
කිව්වත් වගේ අල්ලන තොගේ හැටියට රොටී කන්න පුලුවන් ඒවාගෙන්...
අල්ලන කුඩුවලට වෙන්නේ මොනවද කියලා බලන්න තිබුණේ තමුන් ජනාධිපති වෙලා ඉන්නකොටනේ...!
අල්ලන කුඩු පුච්චන්නේ නැහැයි කියන එක බොරුවක්. ඒවා හොර පාරෙන් විකුණුවාම, කුඩු කාරයෝ ඒවා ඊයම් කොලයක් උඩ තියලා පුච්චනවා...
ඉන්දියාවට අපනයනය කරන්න බැරිද?