නවගත්තේගම අන්දර වැවේ අසාධ්‍යව වැටි සිටි වල් අලියකු ගම්වාසින් විසින් ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා වන ජීවි පශු වෛද්‍ය දොස්තර චන්දන ජයසිංහ මහතාට බාර කළහ.
වයස අවුරුදු හතක් පමණවන අඩි හයක් උසැති මේ අලියාට අධික විෂ සහිත කෘෂි රසායනයක් ආහාරයකට මිශ්‍ර කර දි ඇති බවත් ඉන් පසුව ආමාශය දරුණු ලෙස තුවාල සිදුව නැවත ආහාර ගැනීමට නොහැකිව කුසගින්නේ කාලයක් සිට ඇති බවත් ප්‍රතිකාර කළද සතාගේ ජීවිතය අවදානමක් ඇති බවත් ජයසිංහ මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක සතා (නි)
ලංකාවේ ඉන්නේ මේවාගේ පව් වැඩ කරන අයද ? (ම)
මේවා අහස පොලොව නුහුලනා වැඩ ... මේවට අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනෙවා පොලියත් එක්කම ... (ම)
සත්ව හිංසනය කරනවා. අලි ආරක්ෂා කර ගන්න ඕනෑ වනජිවි නිලධාරින් මේ පිළිබඳව සොයා බලා කටයුතු කළ යුතුය (ම)
අහිංසක සතාට කරලා තියන අපරාදයක්....!මොන තරම් නම් දුකක් විඳලා මිය යන්න ඇද්ද......?අපොයි දෙවියනේ.......! (බ)
සමාවෙන්න,වැරදීමක් වුනේ.ඉක්මන් සුවය පතමි,අසරණ සතාට. (බ)
උපතින් පමණක් ආගම වැළඳගත් අය තමයි මේ වගේ වැඩ කරන්නේ. නාමල් කිව්වා වගේ මේවට පොලිය ගෙවන්න වෙන්නේ නෑදෑයන්ටත් එක්කම තමයි (අ)
සතුන් මැරීම ජාතික අපරාදයක් ඇමති තුමා අලි මිනිස් ගැටුමට ඉක්මන් සාධාරණ විසඳුමක් ලබාදිය යුතයි .(අ)
කරපු අයට බඩවල්වල පිලිකා වගේ ලෙඩ හැදිලා පොලියත් එක්ක ගෙවාවී. (අ)
සිංහල බෞද්ධකමටත් ලජ්ජාවක්.(ම)
මිනිසුනේ ඇයි මෙතරම් නපුරු. තිරිසන් සතුන්ද අප සම ජීවත්විය යුතුයි නේද? (ම)
මේවා කරන අය හුඟක් කල් දුක්විඳලා තමයි කවදාහරි මියැදෙන්නේ (නි)