එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජය වීමට හේතුවත් රජයේ අදිසි බලවේග ඔස්සේ එජාප ශක්තිය හීන කිරීම හෝ දේව කෝපයක් වීම හෝ විය හැකියැයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා රත්තොටදී පැවසීය.
ජනතාව රජය සමඟ කළ කිරී ඇති බව ඡන්දට පෙර පෙනුනත් ඡන්ද ප්‍රථිපල වලින් එජාපය පැරැදී ඇති බවත් ඔහු කියයි.
ශ්‍රී ලංකාවේ නම ගිය තක්කඩියන් පිරිසක් එජාපයට කැර ඇති අන ,වින හදි හුනීයම් ,වැල් පැන්නුම් ,ඉරි පැන්නුම් අකා මකා දැමීමේ ශාන්ති කර්මයක් මාතලෙන් අරඹන බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන කොඩිවිනේ අවුරුදු ගණනක ඉදලා තියෙන දෙයක් බව නම් මහජනයා දැනගෙන හිටියට පක්ෂය ඇතුලේ ඉන්න අය දන්නේ නැතුවා වෙන්නත් පුළුවන්. (නි)
බොහෝ දේවල් සදහා ජාත්‍යන්තරයටම යන්න හැදීම තමයි හූනියම (නි)
මහත්තයෝ, අදහස නම් හොඳයි. හැබැයි ඔය වැඩේට නම්දරාපු කට්ටඩි රොත්තක්ම ඕනෑ වෙයි. තනියෙන් කරන්න ගියොත් නම් හුනියමකට අහුවෙලා නැති බංගස්තාන වෙනවා ෂුවර්. (නි)
අරයා තමයි ලොකුම කොඩිවිනය. (නි)
නිහාල් මහතාගේ අදහස්වලට මමද එකග වෙමි. කුහක කම් අතහැර දා කල යුතු වන්නේ එයයි..(නදී)
2002 සටන් විරාමෙත් එක්ක අලවගත්තු දේශද්‍රෝහී ලේබලය යුද්දය පැවති සමයේ රජයේ කකුලෙන් ඇදල තව තවත් ශක්තිමත්ව අලව ගැනීමේ ප්‍රතිපල යු එන් පී එක අද බුක්ති විදිනවා.මේකට හූනියම් කපල හරියන්නේ නැහැ..කල යුත්තේ ඔය මතවාදය වෙනස් කර ගැනීම පමනයි,,ඒත් නොවෙන්නෙත් ඒකමයි... (ස)
මහ දැනමුත්තා තමයි අපේ උගත්තා. ඒ උනාට අනේ වැඩේ අනාම ගත්තා.කොඩිවිනේ ඉතින් කපන්නේ කොහොමද මුත්තා. මුත්තාමයි කොඩිවිනේ අපි දැන ගත්තා. (ස)
ජාතික ප්‍රශ්නයකදී රජයත් සමඟ කොන්දේසි විරහිතව එක්වී, රජයේ හොඳ දේවල්වලට හොඳයි කියා සහයෝගය දී, වැරදි දේට වැරැද්ද පෙන්නා විරුද්ධවී, දුෂණයක් සිදුවෙනවා නම් කරණු ඇතුව ඔප්පු කරදී,මහජනතාව පීඩා විඳින ප්‍රශ්න වලට ඔවුන් සමගම එක්වී ඉදිරියට ගියොත් ඔය බන්ධන, හදිහූනියම් ඉබේම විනාශ වෙලා යාවි. (ස)
කාලයට ඉඩ දෙන්න.දැන් මොනවා කලත් හරියන්නේ නැහැ. (ස)
කෘත්‍යාධිකාරී මන්ඩලයේ ඉන්න මලික් සමර වික්‍රම, කපුකොටුව වගේ මහ පොළවේ ජීවත්නොවෙන කණ්ඩායමක් එක්ක රනිල් මහතාට ඡන්දවලින් දිනන්න පුලුවන්ද..(නදී)
කොඩිවිනේ කපන්න ඕනෑ තැන් හතරක් ඇත. කිලිනොච්චිය, පාමංකඩ, මැදවච්ච්ය සහ අලිමංකඩ. කරපු වැරදි වලට සමාව ගන්න. (නි)
දෙයියෝ නොවෙයි අනේ, මිනිස්සු කෝපවෙලා (නි)
අරයව පන්නපු දාට කොඩිවිනය ඉබේටම කැපිලා යනවා. (නි)
අපොයි මිනිස්සු ඡන්දෙ දුන්නේ මේ වගේ විශ්වාස අදහන අයටද..? (නි)
එහෙනම් ඒකවත් කරන්න බලන්නකෝ (නි)
කට්ටඩි ගෙන්වා තොවිල් නැටුවාට වැඩක් වෙන්නේ නැහැ. එජාපයේ සිටිනා නිකන් සාමාජික මුදලින් යැපෙන අය ටික පන්නා දමන්න (නි)
මේ වගේ විශ්වාස අදහන අය පැරදුන එක පුදුමයක්ද ? (නි)
ඔය පක්ෂෙට කොඩිවින කළේ වෙන කවුරුවත් නොවේ, අරයා. දැන් වෙලා තියෙන්නේ හැම විනයක්ම රනිල්ගේ පිටින් යවන එක අනිත් කට්ටිය. (නි)
කොඩිවිනය අරහේ ඉන්න එක්කෙනා (නි)
හොදට නරකට දෙකටම කටමය කියනවනේ. (නි)
පිල්ලි එලවන්න මංගල සුත්‍ර හරියන්නේ නැහැ. (නි)
කොඩිවිනේ කපනකොට මතක ඇතුව ඔය පෙරේතයෝ ටිකයි කුම්බාන්ඩයෝ ටිකයි හොඳට බැඳලා වතුරෙන් එහාටම දාන්න (නි)
බලයේ ඉන්න රජය රටට අවශ්‍ය හොද වැඩක් කරනවා නම් පැරදුනු අය ඊට විරුද්ධ වෙනවා. වෙන රටවල් රටට යහපතක් වෙන දෙයක් මොන රජයෙන් කළත් ඒක විවේචනය කරලා අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගෙනියනවා. (නි)
කට්ටඩියන්ද තක්කඩියන්ද යන්න පැහැදිලි නැහැ. ලංකාව ඉතා අවාසනාවන්ත ලෙස මිත්‍යා විශ්වාසයන්හි ගිලී යමින් පවතී. මෙය ඉහළ සිට පහළ දක්වා සෑම ක්ෂේත්‍රයකම සිදුවෙමින් පවතී. (නි)
නායකත්ව වෙනසක් අවශ්‍යයි
පක්ෂයට කොඩි වින කරලා නැහැ පක්ෂ නායකත්වය වෙනස් කරන්න
මුල් පුටුව වෙනස් කරන්න (දී)