
( නිමල් ජයරත්න )
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින් පසු අලියා සිදුකළ පහරදීමෙන් එම වෑන් රථයේ රියැදුරු මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව පළුගස්දමන අංක 103 සේවාගම, ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එස්.ඩී. දිනේෂ් සඳුරුවන් යන 28 වියැති තරුණයෙක් බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බකමුණ පොලිසිය සඳහන් කරයි.
මාර්ගය හරහා මාරු වෙමින් සිටි වන අලියා වෑන් රථයකට එල්ල කළ ප්‍රහාරයෙන් එම වෑන් රථය යෝධ ඇළ දෙසට පෙරළී ඇති බවද පරීක්ෂණ සිදුකරන බකමූණ පොලිස් ස්ථානාධිපති උපුල් බොලුකඳුර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
විනෝද චාරිකාවකට සහභාගි වූ පිරිසක් ඔවුන්ගේ නිවාස වෙත ගෙනගොස් ආපසු, ඔහුගේ නිවස වෙත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලියාගේ පහර කෑ තරුණයා මරුට