බටහිර රටවල මුදල්වලින් යැපෙන අන්‍යාගමික මූලධර්ම වාදි පිරිසක් සත්ව සංවිධාන කිහිපයක් හදාගෙන අලියා නමැති පුජනීය සම්පත විනාශ කරන්නට යන බව අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් ප්‍රකාශ කළ බව හීලෑ අලි ඇතුන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති මාගල් කන්දේ සුදත්ත හිමියෝ කීහ.
‘‘රටේ බිලි පූජා තියනවා. හරකුන් මරනව. ඒවට පිළියමක් නොදී පංසලක හෝ කිසියම් කෙනකුගේ යම් ලියවිල්ලකට හෝ මෙම අලි ඇතුන් සදා ගැනිමේදි අලි ඇතුන් වඳවන්නේ කෙසේද‘‘ යන්න මහත් ගැටලුවක් බවත් සුදත්ත හිමියෝ කීහ.
හක්ක පටස්, අධි බලැති විදුලි රැහැන්, වෙඩි හා කෝච්චියට හැපීමෙන් මිය යන අලි ඇතුන් සම්බන්ධව පිළියමක් නොසොයා ගෘහස්ථව හා පංසල්වල හැදෙන වැඩෙන අලි ටික අත් අඩංගුවට ගෙන පෙරහර සංස්කෘතිය කඩාකප්පල් කරන්න විනාශ කරන්න හදනවනම් එය අන්‍යාගමික මුලධර්ම වාදින්ගේ ක‍්‍රියාවක් හැටියට දකින බව හීලෑ අලි ඇතුන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති හිමියෝ පවසති.
සියලු වැටලිම් නවත්වා ස්ථිර විසඳුමක් ලබාදෙන්නට අමාත්‍යවරයා එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සති අන්තයේදි කරන්නට සුදානම්ව සිටි උද්ඝෝෂණය නැවැත්තුවත් පොරොන්දුව කඩ කර නැවත වැටලිම් සිදුකළහොත් ලංකාවේ සියලු ප‍්‍රදේශවලින් අලි ඇතුන් 75 ක් 100 ක් කොළඹට ගෙනැවිත් ඇත්ගොව්වන් හා හාම්පුතුන් සමග ලොකු අරගලයකට යන්නට සුදානම් බවද සුදත්ත හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා කියන්නේ හොඳට මොළය තිබෙන බොහෝකල් ජීවත්වෙන සතෙක්. උන්ට පාඩුවේ කැලයට වෙලා ඉන්න දෙන්නේ නැත්තේ ඇයි? කවුරුත් කැමති තමුන්ගේ අම්මා එක්ක ඉන්න (නි)
පෙරහරේ අලි ගෙනයාමද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? පාරම්පරික බොදු අයිතීන්ට අත නොතබනු! (නි)
පුෂ්පාගේ නියම නම හෙළිකරනු! අපිට ලංකාදීපය හැමදාමත් බලන්නට අවශ්‍යයි (නි)
ඇයි මේ අලි විතරක් සොයමින් යන්නේ? දවසකට ගවයන් කොපමණ මරනවද? ඒ ගැන සොයන්නේ නැත්තේ ඇයි? (නි)
අලි පැටවු ගෘහාශ්‍රිතව ඉන්නේ කොහොමද? කැලයෙන් අල්ලාගත් අය නොවේද මේ?ඇතින්නකට පැටියෙක් බිහිවීමට මාස 18ක් ගැබ්බරව සිටින්නට ඕනෑ. හීලෑ අලියෙක් වැඩනොගෙන මාස 18ක් තියාගන්නවාද ? හීලෑ ඇතින්නකට පැටියෙක් හැදීමේ පහසුකම තිබෙනවාද? පින්නවල පවා පසුගිය කාලය තුළ බිහිවූ පැටවුන් ගණන කීයද?හීලෑ අලින්ට ඔවුන්ගේ චර්යා රටාවන් වලට ඉඩ පහසුකම් තිබෙනවාද? මේ ගැන සිතාබලන්න (නි)
හාමුදුරුවනේ ඔබ හරි .අපේ අතීතය සමහරු වෙනස් කරන්න හදනවා. මොකද දැන් පාසල් වල ඉතිහාසය විෂය නැනේ. ඒ නිසා මේ ලියන අය අපේ අතීතය නොදන්නා මිනිස්සු. සිංහලයට කෙලවෙන්නේ මුල අමතක වෙන නිසා ,ච්රාත් කාලයක් අපේ පන්සල් වල අලි හිටියා. ඔය එන්නේ අපේ බුද්දාගම නැති කරන්න (බ)
මේ වෙලාවේ කට ඇරියොත් පව් සිදු වෙන නිසා මම කසාය බීපු ගොළුවා වගේ ඉන්නවා. (බ)
සතුන්ට හිංසා කිරීම බුදුදහමට උචිතද? (නි)
මේකේ ලියන බොහෝ දෙනෙක් පොඩිකාලේ අම්මගෙන් උදුරාගෙන ළමයි අරන් යනවට කැමතිද?විවාහයක් නොකරගන්ට කැමතිද?තරුණකල ඇතිවන හැගීම් යටපත්කර ජීවත් වන්න කැමතිද ?තමාට දෙන දෙයක් කාල ඉන්න කැමතිද? නෑදෑයන්ගෙන් ,දෙමව්පියන්ගෙන් වෙන්ව කාලෙට ගොස් ජිවත්වන්න කැමතිද?පිළිතුර එතන ඇති (ස)
ගෙවල් වල බල්ලෝ පුසෝ ඇති කරන්න හොඳයි.ඉතිහාසයේ ඉඳලා පන්සල් වල ඇතිකරන අලි තමයි තියාගන්න බැරි. කවුරු කොහොම කිවුවත් හාමුදුරුවෝ කියන කතාව ඇත්ත. (නි)
ස්වේච්ඡාවෙන්ම පෙරහැරේ යන්න කැමති අලි සොයගනිමු. කොට අදින අයටත් අවස්ථාවක් දෙමු (නි)
තුන්වේලටම මොකෙක්ගේ හරි සතෙක්ගේ ජීවිතයක් නැති කරන, ගාව ඝාතනය නතර කරන්න කියල ඉන්ද්‍රරතන හාමුදුරුවෝ ජීවිතේ පූජකරලා ඉල්ලනකොට එක එක තුප්පහි කතාකියපු, අපේ හාමුදුරුවරු ලංකාවේ වටේම සේරෙප්පුත් නැතුව පාගමනින් ගිහින් ගව ඝාතනය නවත්තන්න කියල ඉල්ලනකොට කටේ හරක් ගාත් පිටින් හිර කරගෙන හිටපු උපාසක අම්මල, සාන්තුවරු දැන් අලි ප්‍රශ්නෙදි සංවේදී වෙලා. පන්සල්වල පෙරහැර වලට අලි තියාගත්තේ මරාගෙන මස්කන්න නෙමෙයි. අනික අලින්ට තියෙන වනාන්තර අල්ලාගෙන මිනිස්සු අලින්ට වෙඩි තියනකොට හක්කපටස් තියල මරනකොට පන්සලේ ඉන්න අලියෝ අවරුදු 80ක් විතර ජීවත් වෙන්න පින තිබ්බා. අක්‍රමවත්ව හොරෙන් ගෙනල්ල ඇති කරන තැන් අල්ලන්න ඕනේ තමයි. නමුත් ලියකියවිලි සහිතව හීලෑ අලින්වත් මේ මුවාවෙන් අල්ලන එකයි වැරැද්ද (නදී)
පන්සලක අලියෙක් ඇතිකරන්න ඕනෑමද අපේ හාමුදුරුවනේ? (නි)
කැලේ සතුන්ට කැලේ ඉන්න දෙන්න ඕනෑ (නි)
අපි උත්සාහ කරන්නේ අපිට දායාදවුණ අපේ උරුමය රැකගන්න. අපිට අනාදිමත් කාලයක සිට සිංහල බෞද්ධ උරුමයට අලියා සම්බන්ධයි. සත්ව සංවිධාන ගව ඝාතනය නවතන්න කටයුතු නොකරන්නේ මන්ද? (නි)
පුෂ්පා කියා ඇති දේ මමත් අනුමත කරමි. ඔය බටහිර කුමන්ත්‍රණ පදය අහලම එපාවෙලා ඉන්නේ. දැන්වත් කණක් ඇහිලා ඉන්න තියෙනවා නම් හොඳයි. (නි)
සල්ලි වලට හොරෙන් කැලේ ඉන්න අලි අරගෙන කරන්නේ ජාවාරමක් කියලයි අපි නම් හිතන්නේ (නි)
බණ දෙසන්න ඉන්න අයගෙන් දැන් අසන්න ලැබෙන්නේ මොනවාද අපිට? (නි)
ඉතාමත්ම වැදගත් එමෙන්ම කාලෝචිත කාරණයක්. අපිත් අනේක වාරයක් දුක්වෙනවා ඔය සතුන්ට වෙන කෘතීම උපද්‍රව නිසා. පව් මේ සත්තු. (නි)
තුන්වේලට මස් මාලු නැතුව කෑම කන්න බැරි අය අලියට බොරු ආදරය දක්වනවා.පුෂ්පා මහත්මිය, ඔයාලා වගේ අයට මිනිස්සු කියන්නේ ''හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්'' කියලා.ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඉඩ මදි (නි)
ගව ඝාතන වලට, ආගම් වල විශ්වාස අනුව සතුන් ඝාතනය කරනවිට කිසිම සද්දයක් නැති අයට පන්සල් වල ඉන්න අලි ගැන මොකද මේ කැක්කුමක් එකපාරටම? පන්සලේ අලි ඉන්නේ මසට නොවෙයිනේ! ඒ සත්තු දශක ගණනාවක් ඉන්නවා. පුෂ්ප, ඔයා දන්නා බෞද්ධකම? මේ හාමුදුරුවෝ කතාකරන්නේ අපේ සංස්කෘතිය රැකගන්න. අපි දන්නවා ඒක ඔයාලට වැඩක් නැහැ කියලා. (නි)
අමා කියන්නේ අනුන්ගේ දේවල් හොයන එක අතහරින්න කියලා? කුඩු කිලෝ ගානක් ළඟ තියාගෙන හිටියත් ආණ්ඩුවට නොදැක්කා වගේ ඉන්න කියලද එතකොට කියන්නේ? (නි)
පෙරහැර කරන්න අලි නැති එක වෙන කතාවක්. කැලේ ඉන්න අලි හොරෙන්, බලහත්කාරයෙන්, නීතිවිරෝධීව අල්ලාගැනීම තව එකක්. පසුගිය රජය සමයේ දේශපාලන බලපුලුවන්කාරකමට නීතිවිරෝධීව අලි තබාගත්තා. ලංකාවේ ප්‍රධාන පෙරහරවල් කරන, විශාල ඉඩම් තිබෙන පන්සල් වල නීත්‍යානුකූලව අලි හිටියාට කමක් නැහැ. අලින්ට අවශ්‍ය ඉඩකඩ, ජලය, කෑම, බෙහෙත් සැපයිය හැකි අයට නීත්‍යානුකූලව අලි තියාගන්න දුන්නාට කමක් නැහැ. නමුත් පසුගිය කාලේ වුණේ දේශපාලන බලයට බලහත්කාරයෙන් අලි තියාගෙන රටේ බදු මුදල් වලින් නඩත්තු කළ එක. (නි)
කියන්න අපහසුයි. ඒත් කියන්න ඕනෑ. අලි ඇතිකරන එක බුද්ධ ධර්මයට ගළපන එක වැරදියි නේද? අනෙක් අයට අපහාසයෙන් කියන කතාවල මෛත්‍රියක් නැහැ. බුදුන්ගේ හැසිරීම ගැන හිතන්න. (නි)
මම මේ කල්පනා කරන්නේ අපේ රටේ මේ කියන බිලි පුජා තොවිල්-පවිල් ප්‍රවණතාවය පටන්ගත්තේ මොන සමයේද කියලා. හරියටම මතක නැහැනේ. (නි)
මේ ගැන කතා කරන්න ගිහින් නැති පවු පිරෙන නිසා මොකුත් ලියන්න බැහැ. (නි)
අනිච්චේ දුක්ඛේ සංසාරේ! බුදුබණේ කොහෙද කියලා තියෙන්නෙ අලි අල්ලා පන්සල් වල ගැටගහගෙන වදදිදී පෙරහර කරන්න කියලා? අලියාගෙ තිබෙන පූජනීයත්වය මොකක්ද කියා මම දන්නෙ නැහැ. අසරණ සතාට කැලේ ඉන්න දෙන එක නෙමෙයිද හොඳ? (නි)
කවුරුහරි දන්නා කෙනෙක් කරුණාකර අපිව දැනුවත් කරන්න, මෙහෙම දේවල් වලට සම්බන්ධ වෙන එක භික්ෂුන් වහන්සේලාට කැපද කියලා? මේකට අලි ඇතුන් ඉස්සූ වලව්වේ හාමුලා වෙන්න හදන කට්ටිය සියල්ලටම කලින් කලබල වුණා නම් අපිට අන්න ඒක නම් තේරුම් ගන්න පුළුවන්. (නි)
පැවිදි සමාජයේ උද්ඝෝෂණ වගේ දේවල් බුදු බණට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දැන් මේකට මහනායක ස්වාමින් වහන්සේලා මොකද කියන්නේ? (නි)
එහෙනම් අමාටත් පුළුවන්නේ අලියෙකු පිටේ නැගලා මේ උද්ඝෝෂණයට සහභාගි වෙන්න. (නි)
පුෂ්පා,මම ඔබේ අදහසට එකඟවෙමි. ගරුකරමි (නි)
ඇහුවට තරහවෙන්න එපා අමා මහත්මිය. ඔබතුමිගේ ගෙදර එහෙම බැරිවෙලාවත් අලි පොතේ නැති අලි ඇත්තු එහෙම නැහැනේ? කලබලවෙලා බව පෙනුන නිසා ඇහුවේ. (නි)
සුමිත් , පන්සලක වුණත් අලි නවත්වා ගන්න එක මේ ඇබිත්තයෙක් නවත්ත ගන්නවා වගේ වැඩක් නෙමෙයිනේ. ඒකට නිසි ක්‍රමවේදයක් තිබෙනවා. එහෙම නැතුව මේ එක එක බලවතුන් විසින් දේශපාලන බලය යොදා උස්සාගෙනවිත් පන්සල් වලට පුජාකළ ඇතුන් අලි පැටවුන් ඉන්නවා නම් ඒ ගැන සොයාබලන්න ඕනෑ නේද ? (නි)
අනේ පුෂ්ප, නිකන් බහුබූත දොඩවන්න එපා. දළදා මාළිගාවේ පෙරහර ඉතිහාසය ඔයා දන්නේ නැද්ද? සතුන්ට හිංසා කරනවා කියන්නේ එකක්, පන්සලක තියාගෙන පෙරහරේ ගෙනියනවා කියන්නේ තව දෙයක්. (නි)
දඬුවැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා... පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා... සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයලා.... අවිගත්තු පින්වත්තු දාගැබට විදලා… පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න හාමුදුරුවනේ!!! (නි)
අලියා කියන්නේ දිනකට කිලෝමීටර් 50-60 ක් ඇවිදින සතෙක්. ඒ සත්වයන් ගෙනල්ලා ජිවිත කාලෙම විලංගු දාලා බැඳ දාගෙන ඉන්නා එක පාපයක්. (ර)
ප්‍රශ්න තියෙද්දී බොරුවට මොකක් හරි දෙයක් ලොකු කරගෙන අවදානය යොමු කර ගන්න හදනවා. (ර)
මව් ඇතින්නගෙන් කිරිබොන අලි පැටියාව උස්සාගෙන ඇවිල්ලා 'අපේ හාමුදුරුවනේ' කියමින් පුජාකරලා. පන්සලට පුජාකළත් ඒක සත්පුරුෂ දානයක්ද නැද්ද කියලා නුවණැත්තන් තේරුම් ගනීවි. සත්ව හිංසාව ගැන මීටවැඩිය මට යමක් කියන්න නැහැ. (නි)
අලුත් ආණ්ඩුවට දැන් පොරොන්දු මතක නැහැ වගෙයි. අලි බොදු පෙරහරේ රැගෙනයාම, යුද්ධ වලට යොදාගැනීම දුටුගැමුණු රජ කාලේ සිටම පැවතෙන සිංහල සිරිතක්. (නි)
ප්‍රභාත් එක එක අයට තියෙන්නේ එක එක ප්‍රශ්න. එව්වා හෑල්ලු කරන්න එපා (නදී)
සුරිය, එතකොට නිසි බලපත්‍රයක්වත් නැතුව,අලි පැටවුන් තියාගෙන ඉන්න ගෙවල් වලත් පෙරහැර පවත්වනවද ? අපි අදමයි ඇහුවේ. (නි)
බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තුළ පෙරහර ගැන කළ එක ඉගැන්වීමක් හෝ ඇත්නම් කවුරු හෝ පින්වතෙක් පැහැදිලි කර දෙන්නකෝ. (නි)
අපිත් සැබෑ බෞද්ධයෝ. අනිත් මිනිස්සු වැරදි වැඩ කලාට අපි එසේ නොකළ යුතුයි. පෙරහැරේ තියන්න අලින් ඕන නැහැ. අලින්ට දවසකට දුර ඇවිදින්න ඕනා. නිදහසේ රැල සමග කාලය ගත කරන්න ඕනා. අලි ඉන්නේ බෞද්ධ අපේ පෙරහැරවල් වල දක්කන්න නොවෙයි. උන්ට සලකන හැටි, උල් වලින් අනින හැටි අපි හොඳට දන්නවා. ඔය වැඩේ පාප කර්මයක්. අනේ අපිට හාමුදුරුවන්ට බන කියන්න උනානේ. පුදුම රටක් මේක. අනික රජයක් උනාම කශේරුකාවක් ඇතිව වැඩ කරන්න වෙනවා එක එක්කෙනා සතුටු කරන්න බලන්නේ නැතුව. අපි කියන්නේ කැලේ ඉන්න සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න. ජාවාරම් කාරයෝ අලි අම්මල මරල පැටවූ ගන්න එක ආදිමත් කාලයක සිට කරන දෙයක්. නියම බෞද්ධයෝ තමන්ගේ උවමනාවන් පිරිමසා ගැනීමට තව සතුන් ගේ ජීවිත පරිත්‍යාග කරන්නේ නැහැ. අපිට ඔබේ පෙරහරුත් එපා, වැදි බණත් එපා. (නදී)
නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා ඇරෙන්න දේශපාලන පලිගැනීම් නම් අනුමත කරන්න බැහැ. නමුත් මේ වගේ වන සතුන් පුනරුත්තාපනය කරන්න තැන් තියෙද්දී බලපත් නොමැතිව තම තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදා ගෙන තියෙනවා නම් එ්කත් ලොකු වරදක්. (නදී)
සාමාන්‍යයෙන් වනාන්තර තුල ඉන්න අලියෙක් දිනකට කිලෝමීටර් 20-30 ක් වගේ ඇවිදිනවා. ඒ වගේම ඒ ප්‍රමාණය කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකියි. ඇතැම් රටවල වනාන්තර වල සිටිනා අලින් දිනකට කිලෝමීටර 300 කට වඩා වැඩි දුරක් ඇවිද ඇති බවටද හෙළිව තිබුනා. අලියා අඩුම ගානේ දිනකට කිලෝමීටර් 15-20 ක් වත් ඇවිදින්න ඕනි. එතකොට තමයි උගේ ශරීරය නිරෝගිව පවත්වාගෙන යන්න පුලුවන්. දිනකට කිලෝ මිටර 50 ක් වත් ඇවිදින අලින් ඉතාම නිරෝගී බවයි පරීක්ෂණ වලින් හෙළිව ඇත්තේ. ඉතින් මෙහෙම තත්වයක් තියෙද්දී ඒ සතුන් ගෙනත් විලංගු දා ජිවිත කාලෙම බැද තබා ඔවුන්ගේ නිදහස අහිමි කිරීම යුක්ති සහගත කරන්නේ කෙසේද? (නදී)
මටත් අහන්න ඕනෑ, මේ පෙරහැර වලට අලි ඕනෑ කියන අයගෙන්. හරි. රජ කාලයේ වුණත් අලි හිතුමතේට හැම ගෙදරකම ඉඳලා තිබෙනවද ? අලි ඇත්තු බලාගන්න පරම්පරාගත රාජකාරී නියම වුණ උදවිය ළඟයි අලි ඇත්තු හිටියේ. පරම්පරාගත අලි හාමුලා ළඟ මිසක් අලුතෙන් හාමුලා වෙන්න දඟලන උදවිය ළඟ අලි තියාගන්න ඉඩදුන්නේ නැහැ. (නි)
වීරසිංහ, දැන් තිබෙන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලට වැඩිය දේශපාලකතුමන්ලාගේ ඉගැන්වීම්. ඒවා දැන් ආගමට සම්බන්ධ කරගෙන ආගමයි දේශපාලනයයි ඔක්කොම පටලවාගෙන. (නි)
කතාව ඇත්ත. ලංකාවේ වැඩිම කාලයක් ජීවත් වන්නේ වනයේ අලි නෙමෙයි. පන්සල් වල හදාගන්න අලි. මෙතන කුමන්ත්‍රණයක් තියෙන බව පැහැදිලියි. (නදී)
බොහොම හොදයි හාමුදුරුවනේ. ඡන්දෙන් දිනල රට යහ මගට ගන්න දේවල් කරන්න බොහෝ දේ තිබෙද්දී අනුන්ගේමොනාද තියෙන්නේ සොයනවා. හැමෝම කරන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩනේ. මේ ඉන්න අය හතර පෝයට සිල්ගත්ත අය වගේනේ කතාව (නදී)
පළමුවෙන්ම සත්ව ඝාතනය තහනම් කළයුතුයි. අලියෙකුට කන්න බොන්න කොපමණ වියදමක් යනවාද? (නි)
අපේ හාමුදුරුවනේ කියන්න තියන දේවල් කියන්න අපහසුයි. (නදී)
පුෂ්පා, ආසියාතික රටවල අනාදිමත් කාලයක සිට විවිධ කාර්යයන් සඳහා අලි ඇතුන් යොදාගත්තා. යුරෝපා රටවල අලි නැති නිසා ඒ වෙනුවට අශ්වයෝ යොදාගත්තා. පසුගිය වකවානුවේ බොහොමයක් අනාථ අලි ඇතුන්, පැටවූ පන්සල් වලට දුන්නා. මිනිස්සු ළඟත් අලි ඇතුන් ඉන්නවා. ඒ අතර නීතිවිරෝධීව ළඟ තබාගන්නා සතුන් අත්අඩංගුවට ගතයුතුයි. නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රශ්නයක් නැහැ. විවිධ හේතුන් මත නිකරුනේ මියයන අලින් ආරක්ෂා කර ගතයුතුයි. නමුත් පුෂ්පාට පෙරහැර එපා වුණාට අති බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ට පෙරහැර අවශ්‍යයි. ඒක අපේ සංස්කෘතිය. (නි)
සංස්කෘතිය,සදාචාරය, ආගම් වැනි දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසාගේම යහපතටයි. ඒ තුළ සතුන් කෙරෙහිද අප්‍රමාණ කරුණාව දැක්විය යුතු බව තමයි අපේ විශ්වාසය. අලියා, ඇතා,ගවයා මිනිසාගේ හිතමිත්‍රයින්.අලියා සම්බන්ධයෙන් ගත් කල ඔහුගේ පැවැත්මට භූමි සම්පත හිඟවීම බරපතල ප්‍රශ්නයක්. එහිදී ක්‍රමානුකූල නියාමනයක් තුළ පහසුකම් ඇති අයට එවැනි සතුන් නඩත්තු කිරීම පැවරීම වැරදි නැහැ. අපේ රටේ ඉඩකඩම් ඇති විහාරස්ථාන හරහා රජයේ මැදිහත්වීම මත නියාමනයක් තුළ අලි ඇතුන් ලබාදීම වැරදි නැහැ. අනික මේ රටේ අලි ඇතුන් සඳහා රක්ෂිත වන භුමි තුළ ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය ආරක්ෂා කිරීමෙන් සහ වනාන්තර තුල ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමෙන් රජයට මේ සඳහා මැදිහත්විය හැකියි. පියවර ගන්න ඕනෑ අය නෑසු කන් ඇතුව සිටිද්දි අපි මෙහෙමවත් කතාකරමු. (නි)