දැනට පුටුපාටියෙ ඉන්න ප්‍රබල චරිත තුනක් විතර අලි පාටියට ඉව අල්ලමින් ඉන්නවා කියලා කුරැණෑගල පක්ෂ සමුළු වේදිකාවෙ පිටිපස්සෙ පොඩි කසුකුසුවක් තිබුණලු....
මේ කසුකුසුවට සම්බන්ධ වුණේ ආණ්ඩුවේම කැබිනට් සයිස් තුන් හතර දෙනෙක්ලු...
මේ විදියට අලියට ඉව අල්ලන තුන් දෙනාගෙන් කෙනෙක් කුරැණෑගල පැත්තෙලු... උන්නැහේ පසුගිය දවස්වල නිතර නිතර අලිපාටියෙ මැති ඇමැතිල එක්ක රට සවාරි ගිය කෙනෙක් කියලත් කියවුණා. වැඩි දේශපාලන ගායක් නැති බව පෙන්වන මුන්නැහේගෙ ආසනේ බහුතරේ හිටපු ලොක්කට සැට්වීම නිසාලු මේ විදියට කරන්න යන්නෙ....
ඊළඟට අලි පාටියට කොක්ක ගහන්න යනවය කියන්නෙ ගිය ඡන්දෙන් පැරදිලා ජාතික ලැයිස්තුව සරණ ගිය උඩරට පැත්තෙ කටකාර පොරක්ලු.... උන්නැහේ මීට කලිනුත් අලිපාටියෙ හිටියා කියලත් කියනවා... ඊළඟට පාර තමන්ට කවුන්සිලේට යන්න නම් අලියා පිට නගින්න ඕන කියන එකලු මෙයාගෙ මතේ....
මේ පක්ෂ මාරැ කතාවෙ තුන්වැනි චරිතෙ කොළඹ පැත්තෙ මහත්තයෙක්. ලොකුම ආසනයක් බලාගන්න එයාට තිබුණත් ඡන්ද %ලොස්^ වෙච්ච නිසා කලකිරිලා ඉන්න මෙතුමා දැන් අලිපාටියෙ ඉහළ තැන් එක්ක හුඟක් කිට්ටුලු. අලිපාටියට "ප්‍රේම" කරන මුන්නැහේ දැන් කරන්නෙ එතෙන්ට යන්න "පරිසරය" හදාගන්න එක කියලයි තතු දත් අයගෙ මතේ....
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අලියා වෙන්න යන තුන් දෙනෙක්