ශ්රී ලංකාවේ ඉතිරි වී සිටින පන්දහසක් පමණ වල් අලි හා මිනිසුන් අතර ගැටුම බේරුම් කැරගෙන මිනිසා සහ අලියා අතර සහජීවනයක් ඇති කැර ගැනීමේ අවශ්‍යතාව දැක්වෙන චිත්‍රපටයක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේදී ප්‍රදර්ශනය කැරිණි.
300 ක් පමණ වු පිරිසක් එම චිත්‍රපටය නැරැඹුහ.එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන පැවසුයේ වසර සියයකට පෙර ශ්‍රී ලංකාවේ වල් අලින් විසිදහසේ සිට හතලිස් දහස දක්වා පමණ සිටි බවයි.
ශ්‍රී ලංකාවේ ජනගහණ හා කෘෂිකර්ම වර්ධනය සමඟ එම සංඛ්‍යාව පන්දහස දක්වා අඩු වී ඇති බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකා වනජිවී සංරක්ෂණ සංගමයේ සභාපති රවි කොරයා කියා සිටියේ මිනිසා සහ අලියා අතර ගැටුමට විසඳුම් සෙවීම ඉතා අමාරු බවයි.තම සංගමය ඒ සඳහා වෙහෙසෙන බවද ඔහු කීය.
ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටින වල් අලින් ගැන ලෝකයේ අවධානය යොමු කැර ගැනීමේ අරමුණින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශන කිරීමට අමතරව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයයයේ ඡායාරූප ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකීය දුෂිත දේශපාලන ව්‍යුහය තුළ පරිසරයට ආදරය කළ හැකි, ඉතිහාසයට ආදරය කළ හැකි සහ අවසානයේ දෙපා-සිව්පා යන සියලු සත්වයන්ට ආදරය කළ හැකි අයෙකුගේ සෙවණැල්ලක්වත් පෙනෙන්නට නැත. සියල්ල ආර්ථික වටිනාකමේ මිම්මෙන්ම මනිනා දේශපාලන සංස්කෘතිය තුළ සියුම් හා සංවේදී කාරණා හෑල්ලුවී යන්නේය. (නි)
මොනවාහරි කරලා කමක් නැහැ මේ අහිංසක සතුන් රැකෙනවා නම් (නි)
සංවර්ධන කටයුතු වලදී අදින ලද අධිබල විදුලි රැහැන් වලින් එකම දවසේ අලි ඇතුන් 4 දෙනෙකු මියගිය හැටිත් අපිට මතකයි (නි)
මාතෘකාව එකපාරටම බලද්දී මම හිතුවේ දෙපා අලි රැකගන්න නිව්යෝක් ගියා කියලා.මොකද මේ දවස්වල ඡන්ද උණුසුම පවතින නිසා. (නි)
සියලුම දේට දේශපාලනය ඇඳගන්න එපා රජින්ද. (නි).
ඕකට නිව්යෝර්ක් එන්න ඕනේ නැහැ. ලංකාවේ අලි මොළයක් හොඳටම ඇති. (බ)
රජින්ද හරි. මීට වසර දහයකට පමණ පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය අලින් සංරක්ෂණය කරන්නට විශාල වැඩපිළිවෙලක් සකස් කොට සියලු රටවල් දැනුවත් කළා. ආසියානු සහ ඇෆ්රිකානු රටවල බොහෝ ක්‍රියාකාරී මැති ඇමතිවරු ඉන් ප්‍රයෝජන ගත්තා. අපේ රටේ මීට පෙර සියලුම රජයන් යටතේ පත්කොට සිටි කිසිම ඇමති කෙනෙක්වත් නියෝජිතයන් වත් මින් ප්‍රයෝජන ගත්තේ නැහැ . දැන් සර්පයාගේ වලිගයෙන් අල්ලාගෙන චිත්තර පටි ගහනවා. මෙහි සඳහන් ඇතැම් කරුණු පරස්පරයි. මානව දයාවවත් සත්වකරුනාව වත් නැති පාලකයෝ මේවාට වග කියන්න ඕනේ. දේසපාලකයන් නොවෙයි නම් කවුද මේවාට මුල්වී කටයුතු කල යුත්තේ ? (අ)
වල් අලි ඉන්න පැතිවල ජනතාවට වල් අලි නැති පැතිවලින් නිවාස හදලා දීලා ඒ ඉඩම් වල අලින්ට නිදහසේ ඉන්න ඇරියා නම් ඉවරයිනේ. (නි)
අලි රැකගන්න නම් හොඳ වැඩපිළිවෙළක් ඕනෑ. (නි)
ලංකාවේ වන අලි සම්පත රැකගැනීමට ගතහැකි සියළු ක්‍රියාමාර්ග ගතයුතුයි (නි)