රුවන්වැල්ලේ සිට රැගෙන එමින් සිටි අලියෙකු අවිස්සාවේල්ලේ සීතාවක දී වේල් පෙරහැරක කාවඩි නැටුමකට කලබල වී ලොරියෙන් පැන කිලෝ මීටර දෙකක් පමණ මහපාරේ දුවද්දී මෙල්ල කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අලියාට හෝ මහජනයාට කිසිඳු හානියක් වී නැතැයි පොලීසිය කියයි.