ඇමරිකා ජනපතිවරණයේ අලුත්ම ප්‍රතිඵල අනුව මේ වනවිට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 264ක් ලබා ඉදිරියෙන් සිටී. ඒ අනුව ජනපතිවරණයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ආසන 270ක් ලබාගැනීම සඳහා ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ආසන 6ක් පමණි.

ඩිමොක්‍රටික් පක්ෂ අපෙක්ෂිකා හිලරි ක්ලින්ටන් දැනට ජය ලබා ඇති ආසන ගණන 215කි.


පෙරවරු 11.30

ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණ ඡන්දයේ නවතම ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 244ක් ලබා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ලබා ඇති ආසන ගණන 215කි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.30 පමණ වනවිට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව ජයග්‍රහණය සඳහා ට්‍රම්ප්ට තවත් ලබාගත යුතුව ඇත්තේ ආසන 26කි.

ඇමරිකාවේ ජනපතිවරණ අපේක්ෂකයකු ආසන 270ක් ලබාගැනීමෙන් ජයග්‍රහණය තහවුරු කරගත හැකිවේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා, ඔහියෝ සහ උතුරු කැරොලිනා ප්‍රාන්තවල ජයග්‍රහණය තහවුරු කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

web_trumpUntitled-1