එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඔවුන් ආණ්ඩු බලය ලබාගතහොත් පොලිසිය සම්බන්ධ නව පනතක් ඇති කරන්නේ ඔවුන්ගේ ආණ්ඩුවට විරුද්ධව රටේ විරෝධයක් ඇතිවුවහොත් එය මර්දනය කිරීමට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (06) ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
එක්සත් ජාතික පක්ෂය යළි පාලන බලය ලබාගතහොත් ඔවුන් පොලිස් බලතල අසීමිතිව යොදවන පොලිස් රාජ්‍යයක් ඇති කරන බව දැනටම පෙරනිමිති පළ කර ඇතැයි ද අලහප්පෙරුම මහතා පැවසීය.
දකුණු පළාත් බස් රථ ඩිපෝ සේවකයන් 200ක පිරිසක් නිවාඩු දමා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර හිටපු අය පොලිසිය පමණක් නොවේ මුළු හමුදාවම යොදා ගත්තේ. (නදී)
තිබුනේ සුදු වෑන් මිනීමරු රාජ්ජයක්නේ, ඉතින් මොකෝ පොලිස් රාජ්ජයක් ආවාම. (බ)
ඒ ඒකාධිපති පාලන යුගය අපිට අමතක නැහැ.අමතක කරන්නෙත් නැහැ.නැවත එහෙම පාලනයක් ඕනෑම නැහැ. (නි)
පහු ගිය කාලේ නිවාඩුවට ලංකාවට ඇවිත් ඉන්නකොට ගේ ඉස්සරහ "පාසැල් සුදු වෑන්" එක නතර කලත් හදවතට පුදුම බියක් දැනෙන්නේ. කවුද දන්නේ අතුරුදහන් කරන්න එවලද කියලා. එකම වරද අපි සත්‍ය අදහස් පල කරන එක විතරයි.(නදී)
මෙතන තිබෙන අදහස් දැක්කම හදවතට ඇත්තටම සතුටුයි. ඒ 95% දෙනාව බොරුවෙන් අන්දන්න හැදුවට අන්දන්න බැරි බව ඔප්පු කරලා තිබෙනවා. (නදී)
ඒ කියන්නේ එතුමාලගේ කාලේ තිබුණු හමුදා රාජ්‍ය ක්‍රමය වෙනුවට ද ඔය කියන පොලිස් රාජ්‍ය ක්‍රමය එන්නේ ? (බ)
නැවත අපේ දුප්පත් රටට අවුරුද්දකට මහජන මුදලින් රුපියල් කෝටි 10,450ක් වියදම් කරලා රජවරු,බිසෝවරු,කුමාරවරු නඩත්තු කරන යුගයක් ඕනේ නැහැ. (නදී)
අපෝ ..බුලත් කොලේ නෙමෙයි ...මොකෙන් මහින්ද අාවොත් ...මැරයින්ගේ රාජ්‍යයක් තමයි කියල අපි දන්නවා ..මහින්දත් කියනවනේ එයා අාවොත් විරුද්ධ පක්ෂයේ අයට වැඩේ දෙනවා කියල (බ)
එ්ක හොදයි ගිය ආණ්ඩුව හොරු පාතාල එතනෝල් හා කුඩු රාජ්‍යයක් ලෙස පවතී නිසා දැන් පොලිස් රාජ්‍යයක් පැමිණ රට පිරිසිදු කරන එක ගොඩක් වටිනවා (බ)
අපිට ඔය වැඩක් නැති දේවල් කියන්නේ නැතුව කොටින්ගෙන් අල්ලාගත් ධනස්කන්දයට මොකද වුණේ කියනවද? රනිල් මහත්තයාගෙන් අපි ඉල්ලන්නේ එයාලා පිටරට පටවපු කළු සල්ලි කොහොමහරි ඉන්ටර්පෝල් සහය ඇතුව අල්ලාගෙන ලංකාවට ගෙනෙන්න කියලයි. ඉස්සර ගුවන් තොටේදී ප්‍රභූ ඇතුළුවීමේ දොරටු කිසිම පරීක්ෂාවක් කළේ නැහැ. ලොක්කන්ගේ ළමයි රට පටවලා, අපේ දුප්පත් මිනිසුන්ගෙන් හොරකම් කළ සල්ලි වලින් ප්‍රකෝටි ගණන් දේපල අරගෙන දුන්නා. (නි)
අනේ මන්ද මේ මිනිස්සු හීනෙන් ඇවිත් කතා කරනවද කියලා. වෙලාවකට කොටි නැගිටිනවලු, වෙලාවකට පොලිස් රාජ්‍යයක්ලු. (බ)
මහින්ද අවොත් මැර රජයක් (නදී)
නුඹලා ගෙන ගියේ දැහැමි රජයක්ද ? (නදී)
තමන්ගේ ඇසේ පරාල පෙනෙන්නේ නැති අය අනෙක් අයගේ පොල් කෙඳි ගැන කියවීම ජුගුප්සාජනකය. (නි)
අපි නම් හරි කැමතියි (නි)
ඈයි බයද? (නි)
නලින්ගේ අදහස දැක්කහම මට මේ දේ හිතුනා. ලංකාවේ නීතියට අනුව මිනීමෝරු ඇති කරන්න බැහැ. එහෙම ඇතිකළ විත්තිය කෙනෙක් පිළිඅරගෙන තියෙද්දිත් ඔහුව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? (නි)
ඔය තියෙන්නේ අලුත් සින්දුවක්. දැන් කොටි එන එක නවතී මගෙ හිතේ (නි)
ඩලස් මහත්තයෝ මං දන්නා තරමින් පොලිස් කියන වචනයට හොඳ තේරුමක් තියෙනවා ඒ විදියට බැලුවම ඒක කොච්චර හොඳද (බ)
ඒ අයගේ කාලේ ආවේ "කෙලියා"නේ. (බ)
පසුගිය ආණ්ඩුවේ මැර දේශපාලනය සහ හොර තක්කඩි කොමිස් කාක්කෝ, කුඩුකාරයෝ පගාමරුවෝ,බාර්කාරයෝ කැසිනෝකාරයෝ ,මිනීමරුවෝ නීතිය හමුවට ගෙනෙන්න පොලිස් හමුදාවක් නැතුව පුලුවන්ද? අනික මේ අය දැන් නන්දොඩවන්නේ ඒ අයගේ කුණු හෝදාගන්න මොනවාහරි බේගල් කියලා අහිංසක මිනිස්සු අමාරුවේ දාන්නයි (නි)
බොරුකීමේත් සීමාවක් තිබීම වැදගත්. 17 වැනිදාට ජනතා තීන්දුව බලාවත් ඔය දේශපාලනය ගැන ඉගෙනගන්න (නි)
ආසියාවේ මිණිපහන ලෙස හැදින්වෙන රනිල්ගේ මොළෙත් එක්ක ඕගොල්ලන්ට හැරෙන්නවත් බැහැ.(ම)
සමහරුන්ගේ මුහුණ දැක්කහම සසර කළකිරෙනවා. (නි)
යුද, නාවික,පොලිස් හමුදා ඇත්තේ රාජ්‍යවිරෝධී රැලි මැඩපවත්වන්න නේන්නම්. (නි)
කුඩු එතනෝල් රාජ්‍යයකට වඩා පොලිස් රාජ්‍යයක් හොඳයි. (නි)
කට්ටියක් පොලිස් රාජ්‍යයකට කත් අදිනවා. තවත් කට්ටියක් සුදු වෑන් සහ හමුදා රාජ්‍යයකට කත් ඇද්දා. අපේ මේ මෝඩ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එකතුවෙලා කරන්නේ රටට වැදගත් වන යමක් නොවේ. ඔවුනට අවශ්‍ය තමන්ගේ පිල රජ කරවන්නයි. මේ කිසිම කෙනෙක් රට, ශ්‍රී ලාංකික( ජාතිය), මහජන බලය කියන ඒකීයබව නොසිතනතාක් අපි සියලු දෙනාට ජීවත්වන්නට වෙන්නේ ඇමරිකාවටත් යුරෝපයටත් ඉන්දියාවටත් ඕනෑ විදියට කියන එක නම් පැහැදිලියි.මෙය මහජන මතයක් ගොඩනංවන්න මිස අනුන් කෙටවීමට නොවේ. (නි)
ඒ කියන්නේ මොනවගේ පොලිස් රාජ්‍යයක්ද? (නි)
මොනවද මේ කියවන්නේ? (නි)
ඒක ඉතින් හොඳයිනේ! (නි)
පොලිස් රාජ්‍යයට අපි කැමතියි (නි)
ඩලස් මරබියෙන් දොඩවනවා ! කව්රුත් ගණන් ගන්න එපා !(නදී)
මිනීමෝරු , සුදු වෑන් වලට වැඩිය පොලිස් රාජ්‍යය ඉස්තරම්. (නි)
මහින්දගේ ආණ්ඩුව ආවොත් පොලිස් නිලධාරීන්ට ගල්ගසා මරණ බව අර කෙනෙක් කිවුවේ නාමලුත් ළඟින් තබාගෙන. පොලිසියට එහෙමනම් සාමාන්‍ය ජනතාවට කොහොම වෙයිද? (නි)
පොලිස් රාජ්‍ය කාටත් සාධාරණ නම් කමක් නැහැ.දැන් මෙයාලා කතාකරන්නේ හරියට තාපසයෝ වගේ. රටම කාලා තවත් කන්න හදනවා. (නි)
පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවිට මොවුන් හොල්මන්වෙලා. මොකද එහෙම අත්දැකීමක් මෙතෙක්කල් මොවුන්ට නොතිබුන නිසා. (නි)
ඉතින් හමුදා රාජ්‍යයට වඩා පොලිස් රාජ්‍යය හොඳයි නේද? (නි)
අපි පොලිස් රාජ්‍යයට කැමතියි. ඔබ කැමැති නැද්ද? රට කන්නැතිව ඇමරිකාවට යන්න (බ)
ඒකතමයි. පසුගිය ආණ්ඩු කාලේ කළා වගේ කට්ටිය පඩි පිට ඡන්දෙ කරන්නේ නැතුව, නිවාඩු අරගෙන වැඩ. වැඩිපුර නිවාඩු ඔක්කොම නෝපේ යවන්න තියෙන්නේ. (නි)
මොනවාද මේ කියවන්නේ? (නි)
අලි බබා සහ හොරු 40 ට වැඩි රැල මට්ටු කරන්න පිරිසිදු,ස්වාධීන කොමිසමක් යටතේ හොඳ පොලීසියක් නියත වශයෙන්ම ලබන 17 න් පස්සේ එනවා . (නි)
ඒකාධිපති නොහොත් පවුල් රාජ්‍යයක් හොඳද? නැත්නම් පොලිස් රාජ්‍යයක් හොඳද? ඩලස් මහත්තයම අපිට පහදලා දෙන්නකෝ. (නි)
ඒ කාලේ තිබුණේ ඉතින් එතනෝල් රාජ්‍යයක්නේ! (නි)
මොනවා මොනවා හරි කියලා බලය ගන්නයි බලන්නේ. හැබැයි දවසකට හරි බලය ගත්තොත් එදාට රටම ඉවරයි. මේ නඩේ කුපිතවෙලා ඉන්නේ. සදාකාලික ඉන්න හිතාගෙන් හිටියා. නමුත් නොදැනීම බලය නැතිවුණා. (නි)
වන්දිබට්ටයො කියන ප්‍රශස්ති දැන උගත් ජනතාව අහන්නේ නැහැ. දූෂණය ඔප්පුකළා හෝ නැතුවා අපි දන්නවා එකල මේ නඩේ වැජඹුනු හැටි. ඒවා නැහැ කියන්න බැහැ. (නි)
බලය නැතුව නින්ද යන්නේ නැහැ වගේ. නැත්නම් මොනවා නැතුවද මේ දඟලන්නේ? මේ අයට කප්රුක පහළ වෙලානේ තිබුනේ අවුරුදු 20 ක් විතර තිස්සේ. (නි)
පොලිස් රාජ්‍යයක් කියන්නේ නීතිය රජයන සමාජයක් නෙමෙයිද? (නි)
සුදු වෑන් බලකායට වැඩිය පොලිස් බලකාය හොඳයි. (නදී)
හොර රාජ්‍යයකට වඩා හොඳයිනේ (නි)
නලින් කියන දේ සහතික ඇත්ත. සුදු වෑන් එකේ ගිහින් මිනි මෝරෙකුට කෑමක් වෙනවට වඩා පොලිසිය, නීතිය රජයන යුගයක ජීවත් වෙන්න ලැබීම කොච්චර වාසනාවක්ද? (නදී)
පොලිසිය දැන්තමයි කොන්ද කෙළින් තියාගෙන තම රැකියාව කරන්නේ (නි)
මේගොල්ලන්ට ඕනෑ හොරුන්, තක්කඩින් රකින රාජ්‍යයක්. අපිට ඔබතුමන්ලාගේ පාලනයෙදී පොලිසියේ හමුදාවේ තත්වය හොඳට මතකයි. (නි)
අලි නාවොත් රාජ්‍ය පොලිසියක් නේද? (බ)
දේශපාලනයකට කඩේ යනවා නෙමෙයි. හැබැයි දැන් ඉස්සරට වඩා පොලිසිය හරියට අකුරට වැඩ කරනවා. කාගේ කාගේත් පෝස්ටර් ගළවනවා. මට පෙනෙන්නේ වැරදිලා නිවාඩු කතාව කියලා තියෙන්නේ. ඒකෙන් වාසිය තියෙන්නේ එජාපයටනේ. රටට ගමට වැඩක් කරලා නම් පොලිස් බැරි නම් ඕනෑ රජයක් බිහිවුණාම මොකෝ. ජනතාව තමන්ගේ පැත්තේ ඉන්නවනේ. ඒක නොකර දැන් බයිලා කියවනවා. (නි)
වතුර ඉල්ලුවහම කොහොම සළකයිද දන්නෙ නැහැ (නි)
සමහරු හීනෙන් දොඩවනවා (නි)
මට පෙනෙන හැටියට මේ සෙට් එකටම කරපු කියපු දේ අමතක වෙන රෝගය හැදිලා. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන්න එපා. ගියොත් ලොකු විනාශයක්. (නි)
පොලිස් රාජ්‍යයන් වල සුදු වෑන් වලින් මිනිස්සු උස්සගෙන යනවද දන්නේ නැහැ නේද? කරුණාකරලා ඒකත් කිවුවා නම් තමා හොඳ? එතකොට කාටද ඡන්දය දෙන්නේ කියලා තීරණය කරන්න තිබුණා. ලංගම සේවකයින් නිවාඩු දාලා තමන් කැමති දේශපාලන පක්ෂයක මැතිවරණ ව්‍යාපාරයකට සහය දක්වන එකේ වරද මොකක්ද?ඒක ඔවුන්ගේ අයිතිවාසිකමක්. ඩලස් මහත්තයලගේ ආණ්ඩුව කාලේ වගේ පඩිත් ගෙවලා මැතිවරණ කටයුතුවල යෙදෙව්වා නම් තමයි වැරදි.මම හිතන්නේ මහත්තයා නිදාගෙන ඉඳලා අවදිවෙලා වගේ. (නි)
බලන්නකෝ කට්ටියගේ මුහුණු වල හැටි (නි)
යුද්දේ දිනන්න කලින් 30 වසරක් හදිසි නීතිය තිබුන පොලිස් පාලනයක් නේද ? (නදී)
එතකොට සන්දානය ආවොත් හොරා පොලිස් රාජ්‍යක්ද ? (නදී)
මොන බොරුද සර්, දැනුයි රාළහාමිලා නිදහසේ රාජකාරී කරන්නේ. පහුගිය දවස් වල රාළහාමිලා කි දෙනෙක් දේශපාලන හෙන්චයියලාගෙන් ගුටිකෑවාද ? කී දෙනෙක් දේපල අහිමි කරගත්තාද සමහරු රස්සාව පවා අත්හැරලා ගියා. (නදී)
මේ මනුස්සයට තමන්ගේ ආණ්ඩුව කලේ කරපුවා දැන් මතක නැහැ. රට විනය ගරුකව සැදී ගෙන එනකොට එකට බොරු බේගල් අෑදා මිනිසුන් මුලාවේ දමනවා (නදී)
දැන් මෙයාල පොලිසියට හරිම බයයි වගේ. ඒ මදිවට කියන බොරු (නදී)
ඔය කවුරුත් එකයි. ජනතාව එ්ක දන්නවා. ලගදීම ජනතාව නියම පිළිතුර දෙයි. (නදී)
මේ නොකියා කියන්නේ ඒ අය කරපු වැඩ සහ දිනුවොත් කරන්න හිතාගෙන ඉන්න වැඩ වෙන්න ඇති. අපිට පහුගිය කාලයේ දේවල් මතකයි... (නි)
ජනතාව මෝඩ කරන්න කියන කතා !!! (නි)
යූඑන්පිය කරන වැඩේ වැරදියි. ඒත් තමන්ගේ අයත් ලංගමට මිලියන 1400ක් ගෙවන්න තියෙද්දී මෙහෙම කියන එක කුජිතයි නේද ? (නදී)