අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා සහය දක්වන ලෝ ප්‍රකට චීන සමාගමක් වන අලිබාබා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට කැමැත්ත පළ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණ විය. ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය.
ලෝ ප්‍රකට ෆෝබ්ස් සගරාවේ 2016 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ධනවත් ම පුද්ගලයන් අතරින් 33 වැනි ස්ථානය දිනා ගැනීමට අලිබාබා සමාගමේ (Alibaba) සභාපති ජැක් මා මහතා සමත් විය. අමෙරිකානු ඩොලර් බිලියන 20.5ක වත්කම් හිමි ඔහු චීනයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි බාබා නෙමෙයි, චීන බබා! (නි)
"අලි බබා සහ හොරු හතලිහ" කතාව එන්නේ අරාබි නිසොල්ලාසයේය. ඒ අලි බබා හොරෙක් නොවේ. ඉතා සාධාරණ දැහැමි මිනිසෙකි. හොරුන්ට වෙනම නායකයෙක් සිටියේය. ඒ නිසා කතාව හරිහැටි නොදැන අලි බබාට අපහාස නොකරන්න. (නි)
බලමු මේක කොහොම වෙයිද කියලා (නි)
මිට වසර කීපයකට කලින් අපට චීන "ටිඑන්ස්" සමාගම පිරමීඩ් පෙන්නුවා මතකද? (නි)
වැඩේ කෙරුනොත් හොඳයි. 'අලිබාබා‘ කියන්නෙ 'ඇමසෝන්' තරම්ම ලොකු කම්පැනි එකක්. (නි)
වොක්ස්වැගන් සමාගමත් නොදන්නා වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ලංකාවේ දැමීම වගේ දෙයක් වෙයිද දන්නේ නැහැ මේකත් (නි)
හොරු 100 ගානක්ම ඉන්න නිසා අලිබාබා අාවම වැඩේ සම්පුර්ණයි! අලුත් පොතක් ලිවුවහැකි අලිබබා සහ හොරු 100 කියලා. (නි)
දැන්නම් ටික ටික රට හොඳ අතට යනවා (නි)
අලි බබා එහෙන් . හොරු හතලිහ මෙහෙන් . තකට තක.(ම)
අනේ එන්න. හොරු හතලිහ මෙහෙ බලාගෙන ඉන්නවා (බ)
ගූගල් බැලුන්, වොක්ස්වැගන් වලට පස්සෙ අලි බබා..අලුතෙන් ඇතිවෙන රස්සාවලට චීනෙන් වත් කට්ටිය ගේන්න වෙයි (බ)
හොරු හතළිහේ නායකයා අලිබාබා එක්ක ඩීල් එකක් දාලාවද්ද? (නි)
වොක්ස්වැගන්, හොරණ ටයර් කම්හල, ගූගල් බැලූන්වලින් පසු ‘අලිබබා’ ගෙනේ. හොරණ ටයර් කම්හලට ගූගල් බැලූන්වලින් පසු ‘අලිබබා’ ගෙනේ..(බ)
තාම ගත්තේ ෆොටෝ එකක් පමණි. කට කියවිල්ල නම් ආයෝජනය කරලත් ඉවර වගේ. (බ)
මමද මන්දා චිනෙ අංක 1 සල්ලි කරයා (බ)
සෑම්, හොරු හතළිහේ නායකයා අලිබබා නොවේ. ඔවුන්ට වෙනම නායකයෙක් සිටියේය. කතාව නොදන්නවා නම් දන්නා කෙනෙකුගෙන් අහගන්න! (නි)
අර අරාබි නිසොල්ලාසයේ ඉන්න අලිබාබාට නම් බැරිවුණා හොරු හතලිහෙන් එකෙක් එක්කවත් ෆොටෝ එකක් ගන්න (නි)
අපි අවුරුදු දෙකකට කලින්නේ අලි බබා සමාගම වහලා දැම්මේ. (නි)
අලිබබාට අලිබබා එකතුවෙලා (බ)
අපේ ඇමතිතුමා ලොකු ජයග්‍රහණයක් කරලා වගේ සිනාසෙන්නේ. (නි)
මේ පාරවත් අපේ ඇමතිතුමා ඇත්තක් කියලා තිබ්බොත් හොදයි. අල්බාබා ලංකාවට ආවොත් අඩු මිලට බඩු ගන්න පුලුවන්. (නි)