පින්නවල අලි අනාථාගාරයේ අලින්ටද අද (16) හිසතෙල් ගෑම චාරිත්‍රානුකූලව සිදුකැරිණි.
අලින්ට හිසතෙල් ගෑමෙන් පසු පලතුරු වට්ටියක්ද ලබාදුන් අතර එම අවස්ථාවට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා වනජීවි නිලධාරීහු ද සහභාගි වුහ.



COMMENTS
දේශපාලුවන්ගේ මේ විහිලු වැඩ මේ දේශපාලුවෝ දකිනෙ නැද්ද දවසකට එක අලියා ගැනේ අපිට අහිමි වෙනවා කියල, එකට මේ අයගේ විසදුම මොකක්ද? මේ වෙලාවේ අපිට ඕන කරන්නේ අල්ලාගෙන හීලෑ කළ අලින්ගේ හිස තෙල් ගෑම නෙමේ, අපෙ අලිසම්පත බේරාගැනීමටට වැඩ පිළිවෙලක්, මේ මිනිස්සු කරන්න වලේ අනුන් කරන දේ කොපි කරනවා මිසක්,මහජන සල්ලි ගිල ගිල ඔහේ ඉන්නවා (අ)
අදත් අහිංසක මනුස්සයෙක් අලියා ගහලා මැරිලා නේද? (නි)
රටේ එක පැත්තක මිනිස්සු අලින්ගේ ඔලුවේ තෙල් ගානවා, රටේ තව පැත්තක අලි මිනිසුන්ට ගහල මරා දානවා. (නි)
එතකොට උමයංගනා කියන්නේ මොකක්ද? (නි)
අලියා නම් හුරතල් තමයි. එ්ත් අලියා ගැහුවොත් ඒ හුරතලේ නැතුව යනවා. නවතින්නේ රෝහලේ (නි)
අෂිකා, ඔබ කිවුවා හරියටම හරි. (නි)
ඔබ හරි අෂිකා. අලි ඇත්තු වගේම අනික් සතුන්ටත් ජීවත්වෙන්න වන සම්පත රැකදීම මේ අයගේ යුතුකමයි. (නි)
අලි කියන්නේ ඉතා වටිනා සම්පතක් රටට. හරිම හුරතල් සතුන්! (නි)
අනේ මේ සත්තු ඉන්න විදිය බලන්නකෝ... (නි)
දේශපාලකයන්ගේ ඔය සත්ව කරුණාව දුප්පත් අහිංසක මිනිසුන්ටත් තිබුනා නම් වටිනවා (නි)
අලියා කියන්නේ බොහොම බුද්ධිමත් සතෙක් (නි)
පවු ඒ සත්තුන්ට හරිම සතුටු ඇති (නි)
මහින්ද අහස උසට නග්ගපු බඩු මිල බස්සලා දෙනවා කියලා බලය ගත් මේ ආණ්ඩුව දැන් අපිට පෙන්වන්නේ අලි සුරතල්. අපිට මේවායින් ඇති වැඩේ මොකද්ද? මන්ත්‍රී පර්මිට් වගේ අනවශ්‍ය වරප්‍රසාද කපා හැරලා පොඩි මිනිහට දැනෙන විදිහට බඩු මිල බස්සන්න. (නි)