මෙරට තව වසර පහකින් විශාල දියුණුවක් ලබන බවත් අලුත් පරපුරක් පක්ෂය බාරගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) බදුල්ලේ පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් පැවසීය.
‘අලුතින් සිතන අය, ජංගම දුරකථනයෙන් ලැප්ටොප් එකෙන් වැඩ කරන අයට මේ පක්ෂය බාර දෙන්න ඕනේ‘ යැයිද කී අගමැතිවරයා රජයේ ඉඩම්වල ජීවත්ව සිටින ජනතාවට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීමේ නීතිය මේ වසර අවසන් වීමට පෙර සම්මත කරගන්නා බවද කීවේය.
ඡායාරූප - ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැනුයි තේරිලා තියෙන්නේ. 26 සැරයක් පැරදිලා පක්ෂය අගාධයට වැටිලා යන්තම් පණ ආවා. දැන් මේක ආයෙත් පණ නැති කෙනෙකුට දීලා යන්න නම් එපා (නි)
මහත්තයෝ, අවංකවම කියන්නම් ඔයා ඔය පාවිච්චි කරන්නෙත් මහින්ද මහත්තයා හොයාගත් 'ට්‍රික්ස්' තමයි! (නි)
අවුරුදු පහෙන් දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ගිහිල්ලා තියෙන්නේ. අවුරුදු පහෙන් නෙමෙයි තව අවුරුදු තුනක් යන්න කලින් කරන දේවල් කරන්න. (නි)
අනේ ඔයාලගෙ දියුණුව අපිට පේනවා දැන් හොඳටම. දියුණුව කොහොමවෙතත් තව ටික දවසකින් ජීවත්වෙන්න බැරුව පාරට බහින අයට මොකද කරන්නේ? (නි)
ඔබ තුමා වගේ අපිට තව බදු ගහන බ්‍රේස්ලට් චුයින්ගම් සිහින මවන ෆ්‍රී වයිෆයි දෙන කෙනෙක්ටම බාර දෙන්න . ජය වේවා (බ)
තවම මදිද හිතට? (නි)
එහෙනම් පරණ අයට අබ සරණයි! (නි)
පක්ෂය කාගෙවත් බුදලයක් නොවේ බලය තාවකාලිකයි පසුවට හරි තේරුම් ගන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා සුදුස්සාට සුදුසු තැන දිමයි නායකයකුගේ වගකීම (බ)
ඒ වුනාට අගමැති තුමෝ තාම රටේ රජකරන්නේ දේශපාලුවන්ගේ බලයයි මැර බලයයිනේ. (බ)
අලුත් නායකයින් හදන්න කලින් හැදුනු නායකයා ශක්තිමත් කරන්න. හැදුනු නායකයා ආරක්ෂාකොට ශක්තිමත් කිරීම පක්ෂයේ හා පාක්ෂිකයා සතු යුතුකමක් නොව වගකීමකි (නි)
අලුත් පරපුර කියල ඇහෙන විට හිනා යනවා........අර විහාරමහා දේවි පාර්ක් එකේ හිටිය කට්ටියද? අනේ වාසනාවන්.. අම්මා බෙල්ල මිරිකලා මරපු නැති එක්කෙනෙකුත් ඉන්නව නේද? (බ)
ජනතාව අන්තයටම රජය කෙරේ කල කිරී ඉන්නේ. අපේක්ෂිත සහනයන් වෙනුවට ගෙවන බදු නිසා. පොදු ජනයා කිසිසේත් මෙවැනි දේ බලාපොරොත්තු වුනේ නෑ.තව ටික දවසකින් මහින්ද ගෙදර ගියා වගේම ඔබලාත් ගෙදර යවනවා. පක්ෂය තර කළාට පොදු ජනයාගේ ප්‍රශ්න අවසන් නොවේ. (බ)
රනිල් මහත්තයා ජනාධිපති වෙන්නකෝ. සරත් ෆොන්සේකා මහත්තයාව එතකොට අගමැති කරමු. ඔන්න ජය වේවා කිවුවා (නි)
ඔබ තුමා ලාබෙට දුන් කාර් එක හරිම අපුරුයි ජය වේවා ඔබ තුමා හරිම දක්ෂ බව පේනවා (බ)
නායකත්වය බාරදෙනවා කිව්වනම් පාෂිකයන්ට පොඩි මෙව්ව එකක් තියනවා ඔබ තුමා ගැන (බ)
වේදිකාවේ ඉන්න කට්ටිය දකිනකොට නම් හිතෙනවා මීට අවුරුදු ගානකට කලින් අලුතින් හිතන අයට පක්ෂය බාර දුන්න නම් හොඳයි කියල. (බ)
පක්ෂය බාර දුන්නාට නායකත්වය නම් කීයටවත් දෙන්නේ නැහැ නේද? (නි)
අනේ මහත්තයො, මොනවාහරි වැඩක් කරන්නකෝ අපිට දැනෙන්න. දැන් අවුරුද්දකුත් පිරෙන්න ළඟයි. තාම කතාව විතරනෙ. (නි)
අර ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කී එක්කෙනාට නම් තව විදියකට හිතන්න පුළුවන් වෙයි නේද? (නි)
එදා රට රැකීමට ආරම්භ කළ එජාපය අද නැහැ. බුදුදහමත් සිංහල ජාතියත් විනාශ කරන්න එපා, සිංහල ඡන්ද ඔබට අවශ්‍ය නම් (නි)
ජනතා අදහස් විමසන ලංකාදීප පුවත්පත මේ අපේ රටේ ලංකා මැණික වේ! (නි)
මොකද මේ හදිසියේම? කවුරුහරි මොනවාහරි කියලද? (නි)
ප්‍රතිචාර නම් නියමයි (නි)
ප්‍රතිචාර සියල්ලම අනෙක් පැත්තට නමුත් මෙතන ඡන්දයක් තිබ්බොත් මෙයා නවයකින් දිනනවා. ඒකයි හැටි (නි)
ඔය ලොතරැයි වෙළෙන්ඳාටම දුන්නොත් පක්ෂ සාමාජිකත්වයත් විකුණලාම දෙයි. මොකටද ඕක පාරේ විකුණ විකුණා යන්නේ. (නි)
අනේ හොඳ ආරංචියක්. කොහොමද ටිකිරි මොළේ? (නි)
මේ අාටක නාටක ඇති. හැමදාම කටමැත දොඩවනවා විතරම තමා (නි)