බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් දෙකක් අලුත්ගම හා දර්ගා නගරයේ පැවැත්වීමට යාම නිසා අද (9) එම පෙදෙස්හි පොලිස් ආරක්ෂාව දැඩි කර ඇත.
අවට පොලිසි වලට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ කොමාන්ඩෝ භටයන්ද ජල ප්‍රහාරක රථ හා කැරළි මර්දන රථද සීරුවෙන් තබා ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ඉහළ පෙලේ පොලිස් නිලධරයෝ පිරිසක්ද එහි යවනු ලැබ සිටිති.
ඡායාරූප - සරත් සිරිවර්ධන







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඥානසාර හිමියන්ට ඕන වෙලා තියෙන්නේ මොනහරි කරලා වීරයෙක් වෙන්න. අන්තිමට විනාශ වෙන්නේ අහිංසක ජීවිත (බ)
දේශපාලන අතුරේ යාම (ම)
හාමුදුරුවනේ, පිරිසිදු සිංහල බෞද්ධයෝ ඔබ සමඟයි. ඉදිරියේදී තව සමහරු එකතුවේවි (නි)
අපිට දුක හිතෙන්නේ සිවුරක් දමාගෙන මේ දේශපාලන වැඩ කරන නිසා (නි)
ඔබවහන්සේට ජය අපේ හාමුදුරුවනේ! (නි)
ඇති වැඩක් බොදු බල සේනාවට (ම)
ජයවේවා! (නදී)
එහෙම කළ එක හොඳයි (නි)
අපේක්ෂකයෝ රැස්වීම් තියන්නේ ආධාරකරුවෝ වැඩිපුර ඉන්න තැන්වල. මෙහෙම තැනක බොදු බලේ රැස්වීම් තියන්නේ ඇයි? (නි)
අපේ හාමුදුරුවෝ විතරයි දැන් තිබෙන බලාපොරොත්තුව (නි)
බෞද්ධයනි, පෙරට එන්න! ජාතිවාදය,ආගම්වාදය වපුරා බුද්ධාගම හෑල්ලුවට ලක්කරන අයට විරුද්ධව පෙළගැසෙන්න (නි)
අපේ හාමුදුරුවන්ට අපේ උපරිම සහයෝගය දෙනවා (නි)
අපේ හාමුදුරුවන්ට ජය! (නි)
බොදු බල සේනාවට ජයවේවා! (නි)
හාමුදුරුවනේ,ප්‍රශ්න නම් ඇති කරගන්න එපා (නි)
කිසිදු ප්‍රශ්නයක් නම් ඇතිවෙන්න දෙන්න එපා. අපිට මේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති (නි)
අනවශ්‍ය ප්‍රශ්න ඇතිනොකර ඕනෑ දෙයක්... (නි)
බුදුන් වහන්සේ තම අනුගාමිකයන්ට වදාළේ ධර්මෙයෙහි හැසිරෙන ලෙසයි. ධර්මය බබළන්නේ එවිටයි. යමෙක් මෝහය නිසා රාගයෙන් ද්වේශයෙන් හැසිරෙයිද ඔහු හෝ ඇය අකුසල් සිදුකරගනියි. සැමටම යතාවබෝධය පහළ වේවා! (නි)
රාජිත කරපු දේ අස්වැන්න (බ)