තහනමට ලක්වූ ග්ලයිපොසේට් නම් වල්නාශකය වෙනුවට මෙරටට ගෙන්වූ ග්ලුෆොසියේට් නම් උග‍්‍ර විෂ සහිත වල් නාශකය අද හෝ හෙට තහනම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
මේ වල් නාශකය පිළිබඳව කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් මේ සතිය ආරම්භයේ දී එම වල්නාශකය තහනම් කිරිමට ඔවුන් පොරොන්දු වූ බවත් උන්වහන්සේ කීිහ.
තේ වගාවේ වල් නාශක මර්දනය සඳහා ග්ලූෆොසියේට් නමැති මෙම වල් නාශකය ගෙන්වා ඇත්තේ ජනාධිපත් හෝ අගමැතිවරයාගේ කිසිදු අනුදැනුමකින් තොරව නිලධාරින් ගේ වුවමනාවට බවත් පෙනීයන්නේ යැයි ද රතන හිමියෝ පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස විස නැති අහාර අනුබව කිරීමෙන් සෞඛ්‍යට හිතකරය. (ර)
අවට ගියාට තහනම් කාරණා වැඩ පිළිවෙලක් නොවේ මහජනයා බලාපොරොත්තු වන්නේ, ක්‍රමවත් වැඩපිළිවෙලක් විශේෂඥයන්ගෙන් සමන්විත කොමිටියකින්, රේගු නිලධාරින්ගේද සහභාගිත්වයෙන්, පොලිස් විශේෂ කාර්ය බළකායත් හිටියට කමක් නැ, එහෙම නැත්තම් සමහර කූට නිලධාරීන් මේවා හංගල යටි මඩි ගහනවා (බ)
රටේ ප්‍රබලයන් දෙපළ නොදැනුවත්ව තව කොච්චර මගඩි වැඩ මේ හෙන්චයියලා කරනවා ඇත්ද? (බ)
හාමුදුරුවනේ ඔය විදිහට ඉතින් පොහොර ගෙන්වන වාරයක් වාරයක් ගානේ ජනාධිපති තුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කරල විසදුම් හොයන්න ගියත් ඔය වැඩේ කරන්න ලැබෙන්නෙ නැහැ. විජය කියනව වගේ මේ සදහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. (බ)
තේ වගාවේ වල් නසන එක දැන් හරි කරදරයක් වෙලා. මිනිස් ශ්‍රමයත් දැන් හොයාගන්න හරිම අමාරුයි. එම නිසා නිවැරදි වල් නාශකයක් හඳුන්වාදීම රජයේ වගකීමක්.ගේන ඒවා හොඳ නැත්නම් ඉක්මනටම රජය මැදිහත් වෙලා හොඳ එකක් ගෙන්වා දෙන්න.නැත්නම් තේ වතු වලට අබ සරණයි (බ)
පොඩි බබාලා වෙන්න ඇති වල්නාශක ගෙන්වන්නේ. එකක් තහනම් කරා ඊටත් වඩා වකුගඩු වලට විෂ වල්නාශකයක් ගෙන්වන්නේ බබාලා නිසානේ. (හේ)
එතකොට මේවා ගෙන්නපු අයට දඩුවම් කරන්නේ නැද්ද?(හේ)
ජයරත්න, ඔබ හරි. රතන් හාමුදුරුවෝ ඉතාම විශිෂ්ඨ කාර්යයක් කරනවා වස විස නැති ආහාර සංවර්ධන වැඩ පිළිවෙලට. හැබැයි, ඔබවහන්සේ වගේ තව සීයක් වත් ඕන වෙයි ඔය විදිහට මේ හොර වැඩ නවත්වන්න නම්, ක්‍රමවත් වැඩ පිළිවෙලක් හදන්න මුලිකත්වය ගන්න අපේ හාමුදුරුවනේ! (ර)