මොරටු සරසවිය හඳුන්වාදුන් අයිකාඕ ප්‍රමිතියට අනුකූලව ඡායාරූප සැකසිය හැකි මෘදුකාංගය විද්‍යුත් හැඳුනුම්පතට යොදාගැනීමේ නියමු ව්‍යාපෘතිය දකුණු පළාතෙන් ඇරඹූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරල් ආර්.එම්.එස්.සරත් කුමාර මහතා පැවසීය.
දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසිහතක් ආවරණයවන පරිදි ව්‍යාපෘතිය සිදුවන බවත් මෘදුකාංගය ආනයනය කළා නම් විශාල මුදලක් වැයවන බවද ඒ මහතා පැවසීය.
මොරටුව සරසවියේ පශ්චාත් උපාධිධාරියකුවන හෂාන් රන්දෙව් ප්‍රනාන්දු මෘදුකාංගය නිර්මාණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට සුබ පැතුම්! තවත් අලුත් වැඩ කරන්න (නි)
සමරේ(ගාල්ල), එදා සිරිමා මැතිනියගේ උත්සාහය පස්සට ඇද්ද කට්ටියම තමයි අදත් රට ආපස්සට අදින්න දඟලන්නේ. (නදී)
රටට ඔබ වගේ තරුණයන් සම්පතක්. දළදා සමිදුගේ පිහිට ! (නදී)
සිරිමා මැතිනියට උවමනාවක් තිබ්බ අල්පෙනෙත්තේ සිට හැදෙයක්ම ලංකාවෙ හදන්න. එක කාලෙකදි ඒක වෙනස්වුණා. වැරදුන තැනට බැන බැන කාලේ ගත කරල වැඩැක් නැහැ. දරුවනේ කොහොම හරි අපේ රට උඩටම උස්සල තියපල්ලා. (නදී)
අර තාක්‍ෂණය දියුණු කරනවා යයි කියන ආයතනයේ ගැට වලට නම් අහුවෙන්න එපා පුතේ (නදී)
මව් බිමට පිරි නැමු මෙම නව සොයා ගැනීම කළ ඔබට අපේ ප්‍රණාමය. ආයු වන්නෝ සුඛං බලං. (අ)
අපේ ඉංජිනේරුවෝ ඉතාමත් දක්ෂයින්. ඕනෑම දෙයක් අලුතින් නිර්මාණය කරන්න පුළුවන්. නමුත් කිසියම් හේතුවක් නිසා ඇමතිවරු සහ නිලධාරීන් මේවා පිටරටින් ගෙන්වන්න උනන්දුවක් දක්වනවා. නව නිපැයුම්කරුවෝ අධෛර්යයට පත්කරන එකම ජාතිය අපි. (නි)
රන්ජිත්, මේක සොයා ගැනීමක් නෙවෙයි. මේක නිර්මාණයක්. (නදී)
මේ වගේ උත්තම පුද්ගලයින් මේ රටේ තියාගන්න ක්‍රමවේදයක් නැති එක ගැන නම් කණගාටුයි (නි)
ජය වේවා! (නි)
අපේ කොල්ලන්ට ජයවේවා! පහසුකම් දුන්නොත් හොඳ හොඳ නිර්මාණ කරලා ලෝකයටම පෙන්නයි (නි)
ඔබට සදා ජය! (නි)
නියම වැඩක් (අ)
හෂාන්ට මුදල් පරිත්‍යාගයක් කලොත් නරකද ඉතිරි කරගත් මුදලෙන් කාටසක් වත් අනිත් අයවත් දිරිමත් කරවීමට.(අ)
හෂාන්ට මුදල් පරිත්‍යාගයක් වැනි යමක් කළොත් නරකද? අනෙක් අයවත් දිරිමත් කිරීමට එය හේතුවේවි (නි)
සිරිලක දේ සිරිසැප දේ... (නි)