2005න් පසු පැවැති ආණ්ඩුවේ සිටි ඇමැතිවරුන්ට පක්ෂයෙන් සිදුවූ අකටයුතුකම් පිළිබඳව තමා සමඟ පැවසූ අය එදා ඔවුන්ට කරදර කළ අය පස්සෙන් ගොස් අද අලුත් බලවේග හැදීමට යාම ගැන පුදුම හිතෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ පැවැති උත්සවයක දී පැවසීය.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ හිටපු අමාත්‍යවරයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අට වැනි ගුණානුස්මරණ උළෙලට සහභාගී වෙමිනි.
‘එවකට ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්න මතු වූ විට පක්ෂයේ සමගිය ආරක්ෂා කිරීම සඳහා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා කැපවිමෙන් ක්‍රියා කළා. ඒ ආණ්ඩුවේ සිටි සමහර ඇමැතිවරු එදා මට කිව්වා ජෙයරාජ් ඇමැතිතුමා ඉන්නකොට අපි අපේ ප්‍රශ්න එතුමාට කිව්වා, දැන් අපට ඔහු නැති නිසා පක්ෂයේ දුක්ගැනවිලි කියන්න ඉන්නේ ඔබතුමා තමයි කියලා. එදා මට එහෙම කිව්ව ඇමැතිවරුන්ගේ නම් වුණත් කිව හැකියි. නමුත් මම කියන්නේ නෑ.
මට තියෙන පුදුමට එදා මට එහෙම කිව්ව අයත් ඒ අයට කරදර කළ අය පස්සේ ගොස් අද අලුත් බලවේග දහන්න යාමයි.‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොරකම ගැන මොකුත් කියන්නෙ නැද්ද? (බ)
බැසිලුයි,විමලයි පක්ෂේත් කාලා මහින්දවත් නැතිකරයි කියපු කට්ටිය අද ඒ දෙන්නව ඔලුව උඩින් තියන්. යන්නේ අනේ මෙහෙමත් මිනිස්සු ,(බ)
දැන් ඉතින් ඔක්කොම හොරුනේද? (අ)
ඔබතුමා පුදුම වෙන දේවල් තව ඉස්සරහට තියේවී(අ)
හැම තැනම කියන්නේ කොටවන කතා. දැන්නම් දයාවතී වගේ. (බ)
ආපෝ මෙයාට මේ තනතුර ලැබුණු දවසේ ඉදන් අපි ඉන්නෙත් පුදුම වෙලා වගේ තමයි. (බ)
අපිත් කැමතියි රටට සහ අපිට වැදගත් දෙයක් අහන්න (නි)
දැන් වැඩි කතා එපා, රටට දැනෙන වැඩක් කරන්න (නි)
දැන්නම් අපිට කතා අහලා එපාවෙලා (නි)
කිසිම අලුත් දෙයක් නැහැ. රටේ හැමදෙයක්ම හිස් කළයක් වගේ. (නි)
නිහතමානී මිනිසුන් දැන් දැන් හැසිරෙන ආකාරය ගැන අපිට පුදුමයි (නි)
අපිට නම් පුදුම ඔබතුමාලා ගැනයි (නි)
එහෙම තමයි, කාලයත් සමඟ හැමදේම අලුත් වෙනවනේ (නි)
අරය මෙයා ගැන නොකියා ඔබ තුමා හරියට කටයුත්තු කලොත් දුන්න පොරොන්දු අමතක නොකර ඉටු කලොත් ජනතාව ඔබතුමා ඉදිරියට ගෙන යයි ඉදිරි පරපුර පාට වැළඳගෙන නැති බව අමතක නොකරන්න (රේ)
හැමදාම මහින්ද භීතිකාව ගැන කියවන්නෙ නැතුව මහත්තයෙක් වගෙ වැඩ කළා නම් හොදයි නේද? (නි)
ඔය කතා නෙමෙයි, ඇයි අර ඕස්ට්‍රේලියාවේ සමාගමකින් අල්ලස් ඉල්ලුව කතාව? (නි)
අත්දැකීම් නැති මිනිසෙක් එකවර ජනපති පුටුවට වාඩි කරපුහම ප්‍රතිපල භයානකයි !!!!(රේ)
ඕකට පුදුමවෙවී ඉඳලා හරියනවද ඉතින්? (නි)
දැන් ඔය කතා කියලා වැඩක් තියෙනවද? (නි)
අනුන්ගේ ඕපා දූප කියව කියව උදේ ඉදන් රෑ වෙනකම් බනින එකනම් අඩුවක් නැතුව කරනවා.. කරන මෙලෝ වැඩක්නම් නෑ (බ)
මහින්දගේ කාලේ නම් බලවත් තනතුරු දැරුවේ වෙනත් පක්ෂ වලින් පැමිණි අයනේ (නි)
ඊටවඩා පුදුම දේවල් දැන් දැන් සිද්ධවෙනවා මහත්තයෝ (නි)
අනිත් අයට ඇඟිල්ල දික්කරන්නේ මොනවගේ අයද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)
කාගෙ කාගෙ කිල්ලෝට වල හුණු තිබෙන බව දැන් අපි දන්නවා (නි)
හීනමානය හරිම භයානකය. එපමණයි මට කියන්න තිබෙන්නේ (නි)
රටේත් ජනතාවගේත් වර්තමානයේ ඇති ප්‍රශ්නය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය පමණක්ම නොවන බව කව්රුත් තේරුම් ගතයුතුය. යමක නායකත්වය සිය කැමැත්තෙන්ම යමෙකුට පැවරුවේ නම් එය ඉදිරියට ගෙනයාමට ඉඩ නොහැරීම අද ශ්‍රීලනි. පක්ෂයේ පවතින එකම ගැටළුවයි. හිටපු හොරු ටික හිරගෙදරට යවා ඉන්න හොරු ටික ගැන වගබලා ගන්නේ නම් මෙම රාජ්‍ය පාලනය ගැන අපි සතුටු වෙමු. (නි)
කතාව ඇත්තනේ! වැරදි කාරයෝ ඔක්කොම එකතුවුනහම එකට එකතුවෙලා කතා ගොතල ගොනාට අන්දන්න ලෙසිනේ. වෙන විකල්පයක් නැහැනේ! (හේ)
අර ඕස්ට්‍රේලියානු රූපවාහිනීවල සහ පුවත්පත්වල ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තියෙන පුවත නිසා අපේ රටට බලවත් අපකීර්තියක් එල්ලවෙලා තියෙනවා. මේ ගැන මොකුත් කියන්නේ නැද්ද? (නි)
හරියට හරි කැටවල. එ්ත් මගේ ගොඩේකම රැකගෙන මම ඉන්නවා. දැන්නම් මගේ රටේ නොවෙයි ඉන්නේ. අපි හිතන්න ඕනෑ හැමදාම එකවගේ නැහැ කියල. මෙහෙම කතා කියනකොට දැන් ඉන්න අයත් හුඟක් පරිස්සම් වෙන්න ඕනෑ. එකක් කියන්නම්, කරන දෙයක් එළිපිට කරන්න කවුරුත් දැනගන්න ඕනෑ. තමන් රැකෙන්න බලාගෙන පරණ හිතවතුන් පාවාදෙන්න හොඳ නැහැ. (නි)
60% ශ්‍රී ලාංකිකයන් එදා කළ ඒ ක්‍රියාව ශ්‍රී ලංකාවට සහ ඉදිරි පරම්පරාවට කෙසේ බලපාවිද? (නි)
ඔව් ඔව් කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැතුව, තමන්ගේ ඉතාම කිට්ටු අයට විතරක් ඇහුම්කන් දෙන අය තමා සමහරුන්ට හොඳ. මේ ඔක්කොම ලෙඩ තියෙන්න ලංකා දේශපාලනයේ. (නි)
දැන් සුසිල් සහ ප්‍රියදර්ශන හොඳ? ඒගොල්ලෝ වැරදි කරලා නැහැ. මේකද තමයි යහපාලන ප්‍රතිපත්තිය. අපිටත් දැන් පුදුම හිතිලා තියෙන්නේ. (නි)
ඇත්තටම මොකද වුණේ, මොකක්ද කළේ කියලා පැත්තකට වෙලා කල්පනා කරනවා නම් මේ වගේ කතාකරන්නේ නැතිවෙයි. අන් සියලුමදේට වඩා මනුෂ්‍යත්වය ලොකුයි. කලක් එකට කටයුතු කළානේ. වැරදි හැමකෙනාගේම තියනවා. එ්ත් කියන්නේ සංහිඳියාව කියලා. ලණු දෙන අයගෙන් පරිස්සම් වුණොත් හොඳයි මම හිතන්නේ. (නි)
කැටවල මහතා කියන කතාවට යමක් එකතු කරන්න කැමතියි. එ්ක අත්දැකීම් නැතිකමම නෙමෙයි නේද. මේ හිතන විදියට ඔක්කොම පරිපුර්ණ මිනිස්සු කොහෙද ඉන්නේ? මිනිස්සු එකට වැඩකරනකොට ප්‍රශ්න ඇතිවෙන එක ස්වාභාවිකයි (නි)
අර බුදු පිළිම ඉවත්කරන්න යන එක ගැන දැනගෙන ඒ ගැනත් මොකක්හරි කියනාතුරු අපි නොඉවසිල්ලෙන් බලාඉන්නවා (නි)
අගේ ඉදන් කන කාපු මිනිස්සු ගැනයි පුදුමේ (බ)
අපිනම් පිටරටකට ඇවිල්ල රටගැන වගේම අපි ගැනත් හිතමින් ඉන්නවා. ඔය හැමෝටම කියංනක් ඕනේ එකම එක දෙයි. කරුණාකරලා රට හදපල්ලා. අනිත් රටවල් බලාගෙන ඉද්දිදී දියුණු වෙනවා. අපි හැමදාම ජාතිබේද කියා කියා පක්ෂ බෙදා කිය කියා පස්සට යනවා. (බ)
දැන්වත් කතාව නවත්තල අරය මෙය වැඩ කරන්න දෙන්නේ නැහැ කියල නාහෙන් අඩන්නේ නැතුව ජනාධිපති කෙනෙක් වගේ හැසිරෙන්න,රටට දැනෙන වැඩක් කරන්න (බ)
මෙතුමාගේ කටට කිසිම පාලනයක් නෑ.මයික් එකක් ගාවට ගියාම ඔහේ කියවනවා.උපදේශකයෝ වත් මැදිහත් වෙලා යන උත්සවයට ගැලපෙන ආකාරයේ කතාවක් සකස් කරදුන්නොත් තනතුරේ ගෞරවය රැකගන්න පුළුවන් වෙයි.(ම)
ඒ කාලේ ජෙයරාජ් සහ සිරිසේන අප දැක්කේ ගලිවර් හා ලිලිපුට්ටෙක් වගෙයි. (බ)
තමන් නිවැරදි නම් ජනතාව තමා සමඟ සිටින බව දන්නවනම් කවුරු මොන පක්ෂ හැදුවත් කලබල වෙන්න ඕනි නෑ.මේ හැටි අඬන්නේ රටේ මිනිස්සු තමන්ට කොයි තරම් කැමතිද කියල දන්න නිසා වෙන්න ඇති.(ම)
අනෙත් දේවලුත් කියපු එකේ ඔය නම් ටිකත් කියලා දැම්මා නම් ඉවරනේ. (බ)