(සුජිත් හේවාජුලිගේ )
ස්ත්‍රී පුරුෂ ආනන්‍යතාවයෙන් බැහැර පුද්ගලයන්ට කිසියම් නිත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන බව පැවසෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මැතිසබයේ ප්‍රබල හඬක් නැගීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වෙති.
මෙම පනත් කෙටුම්පතට මහා සංඝරත්නයේ සහ විවිධ පාර්ශවවල දැඩි විරෝධයක් දැනටමත් පළවී ඇත.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය 9 වැනිදා ඉදිරිපත් කෙරුණු අතර එය ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවට විරෝධතා ගොනු කිරීමට පනත ඉදිරිපත් කළ දින සිට දින 14 ක කාලයක් ලැබෙයි. මෙම කාලයේදී අධිකරණයට විරෝධතා පෙත්සම් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව සූදානම් වෙමින් සිටිති.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය සහ කාන්තාවන් සවි බල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානය පත්කිරීම සහ නම් කිරීම සඳහාද වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් සහිත තැනැත්තන් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාද ඒ හා සම්බන්ධ සහ එයට අනුශාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකැයි එහි සඳහන්වේ. පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොද අදහසක් ස්ත්‍රී හො පුරුෂ නොවන පුද්ගලයන්ටද සමාජය තුළ සමාන හා ගෞරවාන්විත පිලි ගැනීමක් හිමිවිය යුතුයි. එයට එරෙහිව වන්නේ කවර ඝනයේ මිනිසුන් දැයි හිතා ගන්නට බැහැ. විශේයෙන්ම සියලු සත්වයන් හට කරුණාව දැක්වු ගෞතම බුදුරජාණන්ගේ අනුගාමිකයන් මෙවැනි සමාජය සුවපත් කරන කරුණු වලට එරෙහි වන්නේ කුමන පදනමකින් දැයි ප්‍රශ්නකි.
ලිංගිකත්වය ඇති හෝ නැති හෝ ද්වි ලිංගික කියා හෝ මනුෂ්‍යයෙක් පහත් කොට නොසැලකිය යුතුය . ඔවුනටද සමාජයේ සමාන අයිතිවාසිකම් තිබිය යුතුය. නමුත් එය සම ලිංගික චර්යා සම්මත කිරීමක් ලෙස යොදා නොගන්න.
මේ පනතේ කොටසක් ව තිබුණේ සම ලිංගික ක්‍රියාකාරකම් සහ විවාහ අනුමත කිරීම. ඒක ඉවත් කර හෝ සංශෝධන කර ඇත්ද ? මෙය හුදෙක්ම පිනා, සාගල් වැනි අයගේ අභිමතාර්ථ සපුරා ගැනීමටයි.
පන්සලේ වෙන දේවල්වල හැටියට මහා සංඝරත්නය මොකට විරුද්ධ වෙනවද?
ගොනා හැරෙන්නේ මොකටද කියලා අපි දන්නවා..මේ අර "අවමංගලයා" ගේන්න හදපු "පොන්න පනතමයි" හරිනේ ඉතිං රනිල්,සාගල,අකිල වගේ උන් ඉන්නකොට මේ වගේ ඒවා එනවා...ඔය අධිකරණ ඇමතියා එදා හිටපු ස්ථාවරයෙම ඉඳීවි කියලා හිතනවා..බලමු..
ඕකට සමාජයටම බලපාන පනත් හදන්න අවශ්‍ය නෑනේ... අරයාට අරයා එක්ක පවුල් කන්න දැනටමත් අපි අවසර දීලනේ තියෙන්නේ...!
හැම දේටම සංඝ රත්නය හොට දාන්නේ ඇයි.මේ කියන ජන කොට්ඨාශය මහණවී නැතිනම් ඒ කණ්‌ඩායමටත් සමාජීය පිලිගැනීම ලැබුණම චීවරධාරීන්ට තියෙන ප්‍රශ්නය මොකක්ද? ඉන්දුනීසියාව පිලිපීනය තායිලන්තය වැනි මොන්ගොලයිඩ් ජන වර්ගය ජීවත්වන රටවල මේ ජනතාව 2% තරම් ඉන්නව.
උපතින් එන තමන්ගෙ දුර්වලකම් කවුරුත් කියල ගෙන්නගත්තෙ නැහැ, ලප කැලැල් , ලිංගික දුබලතා පිහිටීම් වලට අපහාස කරන්නෙ නියම බෞද්ධයන් නෙවෙයි.
පුම ඉතිරිි බව උලුප්පා දැක්වීම ම වරදෙකි. සමාජයේ මනුෂ්‍යයන් එසේ වර්ග නොකර සිටීමෙන් හා මනුෂ්‍යයන්ට සමාන අයුරින් සැලකීමෙන් බොහෝ ගැටලු ඉබේම අහෝසි වේ. රටේ ඇති ප්‍රශ්නය මෙය නොවේ.