යහපාලන රජයට අභියෝගයක් කරන්නට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් බිහි කර ඇති බවත් එයින් සිදුවන හානිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව අනාගත දේශපාලනයට පවා බලපාන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා ස්වයං රැකියා උපකරණ බෙදාදිම සදහා යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ අද (07)පැවැති උත්සවයකදී පැවසීය.
‘අද ලංකාවේ ඕනැම දේශපාලන පක්ෂයක් පිහිටුවන්නත් ඕනැම කෙනෙකුට දේශපාලනය කරන්නත් කතා කරන්නත් යෝජනා ඉදිරිපත් කරන්නත් වත්මන් ජනාධිපතිගේ හා අගමැතිගේ යහපාලන රජය යටතේ සම්පුර්ණ නිදහසක් හා අයිතියක් ලබා දිල තියෙනවා.
මට ඉතිහාසය දිහා බලනකොට මතක් වෙනව මගේ පියාත් ලලිත් ඇතුලත්මුදලි මහතාත් ඒ කාලෙ අවශ්‍යතාවයක් උඩ රාජාලියා පක්ෂය බිහි වුණේ. ඒ වකවානුවෙදි ප්‍රේමදාස මහත්තයා ඝාතනය වුණා, ලලිත් ඇතුලත් මුදලි මහත්තයා ඝාතනය වුණා. රාජාලියා පක්ෂය ලක්ෂ ගාණක් ගත්ත නමුත් මගේ පියා හා ඔහු එක්ක හිටපු හැමෝටම ඩී.බී.විජේතුංග ඡනාධිපතිගෙ ආරධනාවෙන් අන්තිමට මහගෙදර වු එක්සත් ජාතික පක්ෂයට නැවත යන්න වුණා‘ යැයි ද දිසානායක මහතා සදහන් කළේය.
ගමේ ගොඩේ පක්ෂ බෙදිල ගහ මරාගන්නෙ නැතුව ජනාධිපතිත් අගමැතිත් එකතුව සමගිව පෙන්වා ඇති ආදර්ශය ගමේ සියලුම දෙනාත් ආදර්ශයට ගෙන රට දියුණුව කරා ගෙන යැම සදහා එකතු වන්නැයි ද මන්ත්‍රිවරයා රටේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමන්ගේ පියා, දක්ෂ සහ උගත් ඒ වගේම ආදර්ශවත් දේශපාලකයෙක්. ඔබ තුමාත්, ඔබතුමාගේ සහෝදරයත් කළ යුත්තේ ඒ පියාගේ අඩි පාරේ ගිහින් යහපත් හා දක්ෂ දේශපාලකයි වී පියාගේ නම හා ගෞරවය රැක ගැනීමයි. (බ)
චතුරි මහා බැංකු අදිපතිගෙන් ඉල්ලලා දෙන්න හොදේ... (අ)
අපිට දේශපාලන කතා අහලාම ඇතිවෙලා (නි)
මයන්ත මහතා ගැන මම අද නිහතමානිවම සතුටු වෙනවා
අළුත් පක්ෂ පිහිටුවාගෙන වලිකන්නේ කෙසේ හෝ නැවත බලයට ඒමෙ කෑදරකමෙන්. නැතුව ජනතාවට ඇති ආදරයෙන් නොවෙයි. ශ්‍රී.ලං.නි. පක්ෂය නැවත බලයට එනවා කියන්නෙ රාජපක්ෂ පරපුරේ දේශපාලනය එතැනින් නිමයි කියන එකයි (නි)
මයන්ත මහත්තයෝ, ඔබතුමාම කියනවා වගේ ඔබතුමාගේ පියලත් ඔහොම කළානේ. ඉතින් ඔබතුමා කලබල නොවී ඉන්න, අලුත් පක්ෂයක් හැදුනොත් එකත් ටික කලකින් ලොකු පක්ෂ දෙකෙන් එකකට එකතු වෙනවනම් ඔබතුමාට කොහොමටත් කලබල වෙන්න දෙයක් නැහැනේ. ඉතින් ඇයිද මේ කලබල? (බ)
මුලින්ම කියන්න ඕනේ, පක්ෂය කඩාගෙන එලියට ගියේ දැන් ඉන්න ජනපති.! (අ)
අලුත් පක්ෂය දේශපාලනයට විතරක් නෙවෙයි රටේ ඒකීය භාවයටත් බලපානවා (බ)
තාත්ත කළදේ නොකළොත් පුතා නොට්ටිගෙ පුතා වෙනව කියල කතාවක් තියෙනවා (බ)
රණවිරුවන් වෙනුවෙන් අඬනවා, නමුත් බලය තියෙනකොට. ඔවුන් වෙනුවෙන් කිසිම දෙයක්. දුන්නේ. නැහැ (බ)
කාව නලවන්නද ඔය කතා කියන්නේ? (හේ)
අලුත් පක්ෂයක් පිහිටෙව්වා කියලා ඔබ තුමාලට තියෙන අමාරුව මොකක්ද?(හේ)
මේක පක්ෂයටම තමයි ගොඩක් බලපාන්නේ.(හේ)