
(අංජුල මහික වීරරත්න)
මෙරට වගා කිරිම සඳහා නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් කළ පර්යේෂණ අතිශය සාර්ථක වී ඇත.
ඉහල අස්වැන්නක් සහිත මෙන්ම ඉතාමත් මිහිරි රසයකින් යුත් මෙම දෙළුම් ප්‍රභේද දෙක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තවත් මාස කිහිපයකින් මෙරට වගාව සඳහා හඳුන්වා දීමට නියමිතය.
දැනට බහුලව වගාව සඳහා භාවිත කරන්නේ ආනයනික දෙළුම් විශේෂයන්ය. දෙළුම් බීජ මෙන්ම පලතුරක් ලෙස භාවිතයට ගන්නා දෙළුම් වැඩි ප්‍රමාණයක් මෙරටට ඉන්දියාව හා වෙනත් රටවලින් ආනයනය කරනු ලබයි.
මේ නිසා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වීම වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව දෙළුම් ප්‍රභේද දෙක හඳුන්වාදීම සඳහා පර්යේෂණ කළේය.
මෙම එක් ගසකින් මාස අටක් ඇතුලත කිලෝග්‍රෑම් 10 – 15 ත් අතර අස්වැන්නක් ලබා ගත හැකි අතර ගසක ආයු කාලය වසර 35ක් බව ප්‍රකාශ වී තිබේ. වසර පුරාම ඵල දරණ මෙම ප්‍රභේද ප්‍රධාන කන්නයට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බව මෙතෙක් සිදු කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියන් ගස්ලබුයි, ඉරිඟුයි ගෙනැල්ලා අපේ රටට ආවේණික එම ශාක විනාශ වෙන්න ඇරියා. දැන් වසයි පොහොරයි ගහ ගහා රස නැති ඉරිඟු සහ ගස්ලබු කනවා. මේකත් ඒ වගේ මගඩියක්ද දන්නේ නෑ. උගතුන් පවා විශ්වාස කරන්න බැරි කාලයක් මේ...
පිටරටට ඇදීයන මුදල් ඉතිරිකරගන්න පුලුවනි මෙම නව ප්‍රභේදය නිසා.