ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම කොළඹ කොම්පඤ්ඤවීදීයේ පිහිටි විසුම්පායේ දී අද (18) පෙරවරුවේ ආරම්භ විය.
මෙම සැසිවාරය මහජනතාව සඳහා වන අතර ඒ වෙත පැමිණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අදහස් හා යෝජනා ලබාදෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසිමේ කමිටුව ආරාධනා කර සිටි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක ව්‍යවස්ථාවට භාෂාව හෝ ආගම අදාල නැත. ආගම පුද්ගලික දෙයකි. එය රජයට අදාල නැත. රටකට සහ රජයකට අදාල වනුයේ ශ්‍රී ලංකික ජාතිකයෙක්ද යන වග පමණි. සුළු ජාතිකයින් වශයෙන් හැදින්වීම ව්‍යවස්ථාවෙන්ම නවතාදැමිය යුතුය. කොටසක් සුළු ජාතිකයින් වශයෙන් හැදින්වීම අවු 30 අපේ විනාශයද හේතු වූ බව වටහාගෙන නැවතත් මෙම මෝඩ ක්‍රියාව නොකිරීමට සියලුදෙනාම සහයෝගය දිය යුතුය. (බ)
අපේ අදහස් ඇතුළත් කරනවා කියලා මොකක්ද තිබෙන මිනුම් දණ්ඩ? ඔන්න අපි අදහස් විමසුවා කියලා දැනටමත් ලියාගෙන තිබෙන ව්‍යවස්ථාව ඉදිරිපත් කරයි. (නි)
ලංකාවට තියන ලොකුම ප්‍රශ්නේ මේකද ? (ම)
මේවා සම්මත වෙන්නේ නැහැ. කාලය, මුදල් නාස්තිය පමණයි. රටේ සංවර්ධනයට ව්‍යවස්ථාව බාධාවක් නොවේ. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ව්‍යවස්ථාව බාධාවක් නොවේ. රටට අවශ්‍ය කරන වැඩ තිබියදී සමහර දේශපාලකයන්ගේ උවමනාවන් තමයි මේ කරන්නේ. (නි)
ඉස්සෙල්ලම බලන්න ඕනි මේ කමිටුවේ කවුද ඉන්නේ කියල..හරි සිංහල බෞද්ධ නියෝජනයක් නැති මේ කමිටුව අපේ සිංහල අදහස් වලට තැනක් දේවිද? බොරු රගපෑම්...මේක සුළු ජාතීන්ගෙන් හැදිච්ච කමිටුවක්...(බ)
කමිටුවේ බාගෙට බාගයක් ඉන්නේ සුළු ජාතිය..මෝඩ වැඩ (බ)
අපේ රට ජාතිය වට්ටලා ඉවරයි, සමතලා කිරීම කෙරීගෙන යනවා අපුරුවට, අසන්න දකින්න ලැබෙන හැම ව්‍යාපති වල දිශානතිය යොමුවෙලා තියෙන්නේ ඒ සදහායි.(ම)
වෙස් මුහුණු හැංගිලා බැන්දට නටන්න ඕනෑ එළියේ, (ම)
අවංක බාවය අපි දකින් නැහැ (බ)
ලෝකයේ දියුණු මිනිසුන් අභයාවකාශය තරණය කරලා අපට අවශ්‍ය නොයෙකුත් දේ සොයා දීමට උත්සාහ කරනවා . ජපානය දැන් බල ශක්තිය නිපදවන්නෙත් අභයාවකාශයේ සූර්ය පැනල සවි කරලා. අපි දැනුත් උත්සාහ කරන්නේ 2500ක් ආපස්සට යන්න. වැඩවසම් දුර්දාන්ත රාජ්‍ය පාලන ක්‍රමයට යන්න. අලුතින් හිතන්න කැමති නැහැ. (ම)
මෙතැන සිංහල බෞද්ධ නියෝජනය නැහැ කියන කෙනාට පුලුවන්ද මෙතැන ඉන්න අය ජාතිය ආගම අනුව අපිට දැන ගන්නත් එක්ක වර්ග කරලා පෙන්නන්න.(ම)
අලුත් ගමන කොහෙන් කෙලවර වේද ? (ම)