IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අලුත් කපුකමක්

2016-06-21-ent-14ආණ්ඩුවෙ ඉන්න ඉහළම පෙළේ ලොකු මහත්තයකුගෙ බිස්නස් කරන සහෝදරයෙක් ඉන්නව... උන්නැහේල එදා ඉඳලම බුලත් කොළ පාටියෙ කස්ටිය. හිටපු ලොකු තැන ඉන්න කාලෙන් රටේ ප්‍රධාන ආහාරය සරැවට බිස්නස් කරල හොඳට දියුණු වුණු මුන්නැහේ යහපාලන ආණ්ඩුවට ගෙනල්ල තමන්ගෙ කෙනකුට ඉහළටම යන්න ලොකුම තල්ලුව දුන්න කෙනෙක් හැටියටත් සැළකෙනව.

මුන්නැහේ කොච්චර යහපාලනේ වෙනුවෙන් පෙනී සිටියත් තමන්ට දියුණු වෙන්න අත දීපු හිටපු ලොකුතැන ළඟ කස්ටිය නම් අමතක කරල නැහැ... අදටත් ඒගොල්ලන්ට කතා කරල දුක සැප අහල බලනවලු. ඒත් වෙච්ච දේශපාලන කලබගෑනිය නිසා අත්පාටිය දෙකට කැඩුණ එක ගැන උන්නැහේ ඉන්නෙ හරි අසතුටින්ලු.

ඉතින් මේකට මොකක් හරි කරනව කියල කල්ගත කර කර ඉන්න කොට මේ ව්‍යාපාරික සහෝදරයාට  හිටපු ලොකුතැනගෙ සහෝදරයෙක් හම්බවුණා කියල කියැවෙනව. ඒ සහෝදරය ඒකාලෙ රට නිදහස් කරගන්න වැඩ කරපු නිසා රට සළකන කෙනෙක්...

මේ දෙන්නගෙ හමුවෙදි නොයෙක් දේ කතා වුණා කියල ආරංචියි. පක්ෂය නොබෙදී පවත්වාගෙන යන්න ක්‍රමයකුත් යෝජනා කළාය කියනව... අනිත් කරැණු රහසිගතව වාරණය වෙලා. හැබැයි මේ කතාබහ ඉවර වෙලා යන්න ලෑස්ති වුණ ව්‍යාපාරික සහෝදරය අන්තිමට මෙහෙම කිව්වලු...

"සර්, අපි මේ ගමන එකතු වෙලා යන්න ඕන... ප්‍රශ්න තියනව තමයි. හැබැයි තමුන්නාන්සෙයි මමයි විතරක් ගිහිල්ල මේක ඉහළට කතා කළොත් කිරි ගහට ඇන්න වගේ නිසා ප්‍රශ්න විසඳගන්න පුළුවන්... ඔය වෙන කපුවො වැඩක් නැහැ. අපිම වැඩේ කරමු..."

මේ කතාව අහන් හිටිය හිටපු ලොකුතැනගෙ සහෝදරය හිනාවෙලා ඔළුව වනමින් කතාව අනුමත කළා කියල ආරංචියි...

 

DESHAYA 



අදහස් (0)

අලුත් කපුකමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site