කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දට මින් පසු කුණු බැහැර නොකරන බව කොළඹ මහනගර සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (09) දැනුම් දුන්නේය.
කුණු බැහැර කිරීම සඳහා ජා ඇළ ඒකල ප‍්‍රදේශයේ අක්කර 35ක පෞද්ගලික ඉඩමක් ලැබී ඇති බවත්, ඊට කුණු බැහැර කිරිමට අවසර දෙන ලෙසත් නිතිඥවරයා ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ත එ්කලට මොකද වෙන්නේ? (නි)
ඒක හොඳයි... මම හිතන්නේ ඒකල ජන ශුන්‍ය ප්‍රදේශයක්.... අතීසාරෙට තව තව අමුඩ ගහන්ට අමුඩ ලැබේවා.... (ර)
මිනිස් ජනාවාසයක් නොමැති තැනක මෙය බැහැර කළා නම් නේද හොඳ? මීතොටමුල්ලත්, එ්කලත් ඉන්නේ මිනිසුන් නේද? (නි)
ජා ඇළ ඒකල ප‍්‍රදේශයේ ගම්වාසීන් , දැන් ඔයාල කවදාටද පාරවල් වහල උද්ගෝෂණය කරන්නේ ? (බ)
ගුවන් තොටුපළ, ගුවන් හමුදා කඳවුරු, කර්මාන්ත ශාලා, නිවාස යෝජනා ක්‍රම ඇතුළු විශාල ජනතාවක් ජීවත්වන ජා ඇල- ඒකල කුණු දැමීමට සුදුසු ප්‍රදේශයක් නොවේ. (නි)
ජා ඇළ නිරතුරුව මාර්ග තදබදයෙන් යුක්ත ප්‍රදේශයකි. මේ නිසා තව තවත් මාර්ග තදබදයද වැඩිවනු ඇත. කුණු දැමීමට තෝරාගතයුත්තේ මෙවන් ප්‍රදේශ නොවේ. (නි)
ගම්මන්පිල සහ වීරවංශ ළඟදීම ඒකලින් මතුවෙනු අපිට දැකගන්න ලැබේවි (නි)
හිසරදයට කොට්ටය මාරුකරලා. (නි)
සෑම මහල් නිවාසයකම රූෆ් ටොප් එකේ හා අනෙකුත් තනි නිවාස වලට කුණු ප්‍රතිචක්‍රීකරණය කරන වැඩපිළිවෙලක් සකස් කළයුතුය. සෑම ගෙදරකටම පාට දෙකකින් කුණු දැමීමට භාජන ලබාදීමෙන් ඉතිරිවන කෑම වෙනමත්, ප්ලාස්ටික් හා යකඩ, වීදුරු වෙනමත් එකතුකර ප්‍රතිචක්‍රීකරණය කළයුතුයි. (නි)
වෙන රටවලත් මේ වගේ කුණු කඳු ගහනවද? මම තායිවානෙ සංචාරයක් කළා. එහේ දිනපතා එකතුවෙන කුණු දවාලමින් විදුලිය නිපදවනවා (නි)
මේ ගැන මහජන අදහස් විමසුවාද? නැති ප්‍රශ්න ඇතිකරන්න එපා (නි)
කොළොන්නාව ආසනය නියෝජනය කරන මරික්කාර් මහතාට පින්! අපගේ ස්තුතිය ඔහුට! (නි)
කොළඹ නගරයේ ජීවත්වෙන මිනිසුන්ගේ කුණු ගොඩගහන්න ඕනෑ කොළඹ කොහේහරිනේ. ඒකල ජනතාව මේකට විරුද්ධව නැඟීසිටින්න ඕනෑ. ඒකල විතරක්ඒ නෙමෙයි අවට විශාල පළාතක මිනිසුන් මේකට විරුද්ධව එක්වෙන්න ඕනෑ. කොළඹ මිනිසුන්ගේ කුණු ඒකලට මොකටද? දැන් ඔය හැමදේම දෙන්නේ බත්තරමුල්ලට හින්දා ඒ පැත්තට ඕකත් ගෙනිච්චා නම් හොඳයි. අපි මේ වැඩේට විරුද්ධයි. (නි)
තව ටික කලකින් කුණු කඳු යායක් බිහිවෙලා උසම කුණු කන්දකුත් ඇතිවෙලා අර එවරස්ට් කන්ද තරණය කරනවා වගේ සුද්දෝ ලංකාවටත් ඒවිද දන්නේ නැහැ ලොව උසම කුණු කන්ද තරණය කරන්න. (ර)
කමක් නැහැ චතුරි. යහපාලන කුණුනේ (නි)
ඒකල කියන්නෙ ජනශූන්‍ය, වෙනම පිහිටි ප්‍රාන්තයක්ද. පේනවා නේද කොළඹ කුණු ටික ටික ගමට ගේන්න හදන හැටි. වෙනස පැහැදිලියි. (නි)
අක්කර 35 ක් ලැබෙනවා නම් එතන කුණු කඳු හදන්නේ නැතුව කසල ප්‍රතිචක්‍රීකරණය කරන කම්හලක් හැදුවා නම් මොකද? ඒකල කියන්නෙත් මීතොටමුල්ල වගේ ජනාකීර්ණ පැත්තක්. ලංකාතිලක හරි. (නි)
කුණු ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපේ මිනිස්සු කොයිතරම් පොලිතින් මලු භාවිතා කරනවද? පාරට විසි කරනවද? ප්ලාස්ටික් පොලිතින් ඇසුරුම් භාවිතා කරන ආයතනත් මේවට වග කියන්න ඕනෑ. ඔවුන් වෙළඳ පොළට දමන ප්ලාස්ටික් බෝතල් වලට වගකියන්න කිසිවෙකුත් නැහැ. මීටවැඩිය වගකීමක් ඔවුන්ට දිය යුතුයි (නි)
එ්කල ප්‍රදේශයේ කුණු දමන්න අවසර ගන්න උවමනා නැහැ. කොහොමත් අනවසරයෙන් කුණු ගෙනවිත් දමලා ඒ පළාතම දුගඳයි. අවසර අරගෙන කරනකොට ගෙවල් අත ඇරලා යන්න වෙන්නේ. සිරිලක දේ සිරි සැප දේ (නි)
ඒකල ඉන්නේ බුරුවොද? අපි නැගිටිමු නැත්නම් අපේ ළමයින්ට කන්න වෙන්නේ කුණු. (අ)
ඒක හොඳයි. කටුනායක බහිනකොටම කුණුකන්දත් බලාගෙනම ගෙදර යන්න පුළුවන්. (අ)