ඇමරිකාවේ පමණක් සිටින අපගේ විශේෂඥයින් සියල්ල එකතුකර ගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රටක් බවට පත් කිරිමට එයම ප්‍රමාණවත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පිටිපන හෝමාගම තාක්ෂණික නගරය සඳහා මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවයකට සහභාගී වෙමිනි.
‘දැනුම ඇති ඕනෑම පුද්ගලයකු අපගේ රටට ගන්නවා යන ප්‍රතිපත්තියෙහි ඇමරිකාව කටයුතු කරනවා. ඔවුන් ඉදිරියට යන්නේ ඒ නිසයි. දැනුම ඇති ශ්‍රී ලාංකිකයන් මෙරට රඳවාගෙන නවෝත්පාදන ආයතන බිහි කිරිම දියුණුවේ මුලයි’.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එයාලට විභාග පාස්වෙන්න ඕනෑ නැද්ද? (නි)
ඇමෙරිකාවේ විතරක් නෙමෙයි විශේෂඥයින් ඉන්නේ. බොහොමයක් අයට ගෙදර සිට වැඩකරන්න දීලයි තියෙන්නේ. ඔබට අපේ උදව් නොමිලේ ගන්නත් අපේ පඩිය ලංකාවට ආර්ථිකයට උදව් කරගන්නත් පුළුවන්. දියුණු රටවල් සමඟ ගිවිසුමක් අත්සන් කරන්න. එවිට අපට ලංකාවේ සිට රටවල් දෙකටම වැඩ කරන්න පුළුවන්. (නි)
අපේ රටේ නිලධාරිවාදයයි දේශපාලකයන්ගේ කොමිස් ගැහිල්ලයි තියෙනකම් මේ රට දියුණු කරන්න බැහැ. නව නිපැයුම් වලට තැනක් දෙනවද? රට දියුණු කරන්නේ කොහොමද අපේ රටේ එ්වට තැන දෙන්නේ නැතුව. (නි)
එතකොට බලවත්ම රට වෙන්නත් පුළුවන්.(හේ)
ඇමෙරිකාවේ ඉන්න අය ඔහේ ආවම ඒ පහසු කම් ඔහේ දෙන්න පුලුවන්ද? (හේ)
ඒ වුනාට ලංකාවේ සිටින කුහක උගතුන් නිසා මෙහේ ඉන්න උගතුන් ලංකාවට එන්න කැමැති නෑ.(හේ)
අගමැතිතුමනී... මීට මාස කිහිපයකට කලින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පත් වුන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඒ තනතුරට ආවේ දකුණු ආසියාවේ ඉහළම තනතුරක් පැත්තට දමලා.. එ්ත් මොකද වුනේ.. මෙහෙ ඉන්න කාලකන්නි දේශපාලුවොන්ගේ තුට්ටු දෙකේ ගොන් වැඩ ඉදිරියේ තමන්ගේ හිතට එරෙහිව වැඩ කරන්න අකමැති වුන නිසා ඉල්ලා අස් වුණා..(බ)
එ්කනේ අපේ අය ලංකාව ඇතුළේ තවත් අලුත් රටක් හදන්න හදන්නේ (නි)
කාටද ආඩම්බර . .දැන් කඩිගුලක් ඇවිස්සුන වගේ කට්ටිය වෙඩි පත්තුකරයි (හේ)
මේ විවිධ අදහස් දිහා බැලුවම මට හරි කණගාටුවක් දැනෙනවා. අපිට වරදින තැන පැහැදිලියි. අපි බලන්න ඕනෑ කියන කාරණාව හරිද වැරදිද යන්නයි. දෙවනුව මේවා ක්‍රියාත්මක වෙනවද යන්නයි. තෙවනුව ඒ වෙනුවෙන් ගනුලබන තීන්දු තීරණ මොනවද යන්නයි (නි)
මෙයට කලින් උගත් බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ඇතිකරගත යුතුයි. නැත්තම් ඒ මිනිස්සුත් මෙහෙ ඇවිත් බෝඩ් කෑලි එල්ලාගෙන පාරවල්ගානේ රස්තියාදු වෙයි. (නි)
චතුරි වගේ අය රැවටුනාට අපි නම් රැවටෙන්නේ නැහැ (නි)
ඔව් ඔව් විකුණලා දාන්න සේරම ටික. එතකොට පුළුවන් ධනපතීන්ට නැගිටින්න (නි)
ඉන්දියානු විශේෂඥයින් එකතු කරගත්තොත් ලංකාවට මොනවා වෙයිද? (නි)
ලංකාව ඇමරිකාව වගේ විශාල රටක් නොවේ. ලංකික වුණත් ඇමරිකාවේ විශේෂඥයින් දක්ෂතා පෙන්වන්නේ එම පරිසරයට හා සංස්කෘතියට අනුවයි. ලංකාවේ ඇමරිකාව වැනි පරිසරයක් සහ සංස්කෘතියක් නොමැති බැවින් එම දක්ෂතා ලංකාවේදී නැවතත් බලාපොරොතුවිය නොහැකියි. ලංකාවට අාවේණික සහ සංස්කෘතියට අවශ්‍ය දක්ෂතා ගොඩනැගෙන්නේ එම පරිසරය තුළින්මයි. විදේශයකට ගිය පුද්ගලයෙකුට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍යවන ක්‍රමයක් නැතුව, හැමදාමත් අපි තුන්වෙනි ලෝකයේ රටක්නෙ කිය කියා හූල්ල හූල්ලා තමා ඉන්න වෙන්නේ (නි)
කෝ අර මේ ආණ්ඩුව වැඩක් කරන්නේ නැහැ කියලා අදහස් පළකරන දේශප්‍රේමී මහත්වරු මේකට කිසිම අදහසක් දාලා නැහැනේ. (නි)
කතාව නම් හොඳයි. නරකද ඉන්නා අයට රට එපාවෙන වැඩ නොකර ඉන්න වැඩකළොත්. (නි)
ඔන්න නමේ අගට නිව්යෝර්ක්, කැලිෆෝනියා, වොෂින්ටන් ආදිය එකතුකර ගනිමින් අදහස් දාන දේශප්‍රේමී විශේෂඥයින්ට නියම අවස්ථාවක් රටට සේවය කරන්න. (නි)
චාමර සමඟ මම එකඟයි (නි)
ඇමෙරිකාව හරි වෙන රටක් හරි කරන දේ කරන්න යන්නේ නැතුව, අපට ආවේණික දේශීයත්වයට ගැළපෙන ක්‍රමවේදයක් දේශපාලන අවංකභාවය තුළ භාවිතා කළොත් රට දියුණුවෙයි. (නි)
ඔය තියන මුල්ගල් කොච්චර පැලවෙලා තියෙනවද?
ලංකාවේ ගෙදරක ඉන්න කෙනෙකුට වුනත් අමතර ආදායමක් ගන්න ඊබේ වැනි වෙබ් අඩවි වලින් පුලුවන් .රු 200ට ලංකාවේ විකුණන ටී බෑග් පැකට් එක ඩොලර් 10ට විකුණන්න පුලුවන් ඊබේ එකේ. රට සල්ලි හොයන්න සරලවම පුලුවන් මේ වගේ දේවලට රජයක් විදිහට ඔබතුමාල ලංකාවට පේ පෑල් අරන් දෙන්න මහා පරිමාණ දේවල් ගැන විතරක් හිතන්නේ නැතුව..(බ)
ලෝකේ බලවත්ම රට වෙන්නේ හොදම හමුදාව ඉන්න රට නෙමෙයි. හොදම විද්‍යාඥයන් ඉන්න රට. (බ)
වැල් බයිලා කියන්න එපා අගමැති තුමා. අපේ රටේ දක්ෂයෝ ගොඩක් මෙහෙ වේලෙනවා. ඒ අතරින් ඇමරිකාවට ගිය ටික දෙනෙක් දක්ෂකම් දක්වනවා. රටේ දැනට තියෙන රක්ෂා ටිකත් ඉන්දියාවට පිනට දෙන්න යනවා .නිදහස ලබල අවුරුදු 68 ක් ගියා.එජාප ශ්‍රී ලංකා රජයයන් තිබ්බ. අද වෙනකොට අපි අරාබියට බැලමෙහෙවරකම් පිණිස කාන්තාවන් යවන හිඟන රටක් වෙලා. (බ)
දීර්ගකාලින සැලසුම් අපේ අයට හරියන්නේ නෑ. අපේ මිනිස්සුන්ට නැතිම දේ තමයි ඉවසීම. (බ)
ඉන්දියාවේ විශේෂඥයෝ ටික ගෙනාවොත් මොනවා වෙයිද ලංකාවට? (බ)