එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාල් අල් හුසෙන් කුමරු අද (07) උතුරේ සංචාරයක නිරත විය.
අල් හුසෙන් කුමරු අද උදෑසන පළමුව උතුරු පළාත් ආණ්ඩුකාර ජී.එස්. පලිහක්කාර යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළේ කාර්යාලයට ගියේය. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී මහ ඇමති සී.වී. විග්නේෂවරන් හා පළාත් සභා මහ ඇමති වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවත් වීය. අනතුරුව යාපනයේ චුන්නාගම්හි පිහිටි අනාථ කඳවුරකටද අවසානයේ යාපනය නල්ලූර් කෝවිලටද යෑමට නියමිතය.
මේ අතර අල් හුසේන් කුමරු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට එද්දී අතුරුදහන් වූවන්ගේ නෑයන් පිරිසක් අල් හුසෙන් කුමරුන්හට කියා සිටියේ අතුරුදන් වූ තම දූදරුවන් ගැන කිසිදු හෝඩුවාවක් නොමැති හෙයින් ඔවුන් සොයා ගැනීමට රජය දැනුවත් කරන ලෙසය. යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවත්විය යුතු බවට ඔවූහු කීහ.
උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්, ආනන්දි ශෂිදරන් ඇතුළු දේශපාලන නායකයෝ ද අල් හුසේන් කුමරු හමුවූහ.
සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් ඉරිදා පස්වරුවේ නැගෙනහිර චාරිකාවක නිරතවිය.
නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් සහ නැගෙනහිර පළාත් අමාත්‍යවරුන් සහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් හමුවී වෙන වෙනම ද රජයේ හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කළේය.
ගැටුම් වලින් පීඩාවට පත්වූ වැසියන්ද හමුවිය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල් හුසේන් උතුරේ
බමුණු Monday, 08 February 2016 05:02 AM
ඔවුන් සොයා ගැනීමට රජය දැනුවත් කරන ලෙසය. ඔවුන් වෙන රටවල රැකියා කරනවා ඔහොම කීපදෙනෙක් අසු උන මතකද?(කෞ)
ප්‍රදීප් Sunday, 07 February 2016 01:59 PM
කුමාරය ඔලුව වනනවා තේරෙනවා වගේ. අනේ මගේ රටට ගිය කලක්(කෞ)
රේණුක Monday, 08 February 2016 07:11 AM
හොඳ ගමනක්.(හේ)
ප්‍රනාන්දු Sunday, 07 February 2016 04:50 PM
ඉදිරියේදී සුද්දෝ එක පෙළට ශ්‍රී ලංකාව ඔවුන්ගේ දඩබිමක් කරගන්නේ කෙසේද කියා සොයා බැලීමට පැමිණෙනු ඇත (නි)
කවී Monday, 08 February 2016 07:30 AM
කටුනායක ගුවන්තොටුපලක් එක්ක පලාලි ගුවන්තොටුපලේ ගුවන් යානා ගොඩබැස්ස පුළුවනම් මේ එන අය ගොඩබහින්නේ යාපනේ-පලාලි වලට. (බ)
බමුණු ආරච්චි Wednesday, 10 February 2016 11:58 PM
කුමාරයා ත්‍රස්තයින්ට පොදු සමාව දියයුතු නැහැ කිවුවා නේද? (නි)
ජයවික්‍රම Sunday, 07 February 2016 10:02 AM
මෙයාල හැමෝම ආ සැනින් උතුරට තමයි යන්නෙ. (බ)
ජයවික්‍රම Sunday, 07 February 2016 10:02 AM
මෙයාල හැමෝම ආ සැනින් උතුරට තමයි යන්නෙ. (බ)
සොපි Wednesday, 10 February 2016 08:24 AM
කුමාරවරු උතුරට විතරක් වඩින්නේ මොකද ? දකුණේ ජනතාවත් කියන දේවල් ඕන තරම් තියෙනවානේ (බ)
අබේරත්න Sunday, 07 February 2016 10:49 AM
යුද්ධය කියන එක කොහොමටත් අපරාධයක් තමයි. කවුද යුද්ධය පටන් ගත්තේ. අවි ගත්තෝ අවියෙන් නැසේ කියල තමා කියන්න ඕනෑ. (බ)
සෝමපාල Monday, 08 February 2016 02:51 AM
රටට ගිය කලක්! (නි)
අබය Monday, 08 February 2016 02:53 AM
අපි බලමු කුමාරයා කොහොම කෙනෙක්ද කියලා (නි)
අතුල Sunday, 07 February 2016 11:31 AM
කොටි ඔහේ රජ කරන කාලේ කොරපුව ගැනත් ඔය කුමාරයට කිව්වනම් නේද හොද? (බ)
සුදේශ් Monday, 08 February 2016 03:32 AM
ලංකාවේ අනිත් පළාත් වලට ප්‍රශ්න ඇත්තේම නැද්ද? මේ මොකක්ද උතුරට හා නැගෙනහිරට විතරක්. (ම)