එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාල් අල් හුසෙන් කුමරු අද (07) උතුරේ සංචාරයක නිරත විය.
අල් හුසෙන් කුමරු අද උදෑසන පළමුව උතුරු පළාත් ආණ්ඩුකාර ජී.එස්. පලිහක්කාර යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළේ කාර්යාලයට ගියේය. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී මහ ඇමති සී.වී. විග්නේෂවරන් හා පළාත් සභා මහ ඇමති වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවත් වීය. අනතුරුව යාපනයේ චුන්නාගම්හි පිහිටි අනාථ කඳවුරකටද අවසානයේ යාපනය නල්ලූර් කෝවිලටද යෑමට නියමිතය.
මේ අතර අල් හුසේන් කුමරු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට එද්දී අතුරුදහන් වූවන්ගේ නෑයන් පිරිසක් අල් හුසෙන් කුමරුන්හට කියා සිටියේ අතුරුදන් වූ තම දූදරුවන් ගැන කිසිදු හෝඩුවාවක් නොමැති හෙයින් ඔවුන් සොයා ගැනීමට රජය දැනුවත් කරන ලෙසය. යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවත්විය යුතු බවට ඔවූහු කීහ.
උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්, ආනන්දි ශෂිදරන් ඇතුළු දේශපාලන නායකයෝ ද අල් හුසේන් කුමරු හමුවූහ.
සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් ඉරිදා පස්වරුවේ නැගෙනහිර චාරිකාවක නිරතවිය.
නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් සහ නැගෙනහිර පළාත් අමාත්‍යවරුන් සහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් හමුවී වෙන වෙනම ද රජයේ හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කළේය.
ගැටුම් වලින් පීඩාවට පත්වූ වැසියන්ද හමුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් සොයා ගැනීමට රජය දැනුවත් කරන ලෙසය. ඔවුන් වෙන රටවල රැකියා කරනවා ඔහොම කීපදෙනෙක් අසු උන මතකද?(කෞ)
කුමාරය ඔලුව වනනවා තේරෙනවා වගේ. අනේ මගේ රටට ගිය කලක්(කෞ)
හොඳ ගමනක්.(හේ)
ඉදිරියේදී සුද්දෝ එක පෙළට ශ්‍රී ලංකාව ඔවුන්ගේ දඩබිමක් කරගන්නේ කෙසේද කියා සොයා බැලීමට පැමිණෙනු ඇත (නි)
කටුනායක ගුවන්තොටුපලක් එක්ක පලාලි ගුවන්තොටුපලේ ගුවන් යානා ගොඩබැස්ස පුළුවනම් මේ එන අය ගොඩබහින්නේ යාපනේ-පලාලි වලට. (බ)
කුමාරයා ත්‍රස්තයින්ට පොදු සමාව දියයුතු නැහැ කිවුවා නේද? (නි)
මෙයාල හැමෝම ආ සැනින් උතුරට තමයි යන්නෙ. (බ)
මෙයාල හැමෝම ආ සැනින් උතුරට තමයි යන්නෙ. (බ)
කුමාරවරු උතුරට විතරක් වඩින්නේ මොකද ? දකුණේ ජනතාවත් කියන දේවල් ඕන තරම් තියෙනවානේ (බ)
යුද්ධය කියන එක කොහොමටත් අපරාධයක් තමයි. කවුද යුද්ධය පටන් ගත්තේ. අවි ගත්තෝ අවියෙන් නැසේ කියල තමා කියන්න ඕනෑ. (බ)
රටට ගිය කලක්! (නි)
අපි බලමු කුමාරයා කොහොම කෙනෙක්ද කියලා (නි)
කොටි ඔහේ රජ කරන කාලේ කොරපුව ගැනත් ඔය කුමාරයට කිව්වනම් නේද හොද? (බ)
ලංකාවේ අනිත් පළාත් වලට ප්‍රශ්න ඇත්තේම නැද්ද? මේ මොකක්ද උතුරට හා නැගෙනහිරට විතරක්. (ම)