මාදුරුඔය වල් අලින් රංචු පිටින් වැලි කන්දේ සුසිරිගම හා බෝඅත්තට කඩා වදිතියි ගැමියෝ අද පොළොන්නරුව මඩකලපුව මාර්ගය හරස් කැර උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ආසන්නතම හේතුව වුයේ සිවිල් ආරක්ෂක බළකායේ භටයකුට එල්ල වු වල් අලි ප්‍රහාරයකි.
පසු ගිය දින කිහිපයේ ගෙවල් 18 ක්ම වල් අලි විසින් කඩා දමන ලදැයිද ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණු කොළඹ ඉදන් කතා කරන්න එපා. ඒ මිනිස්සුන්ට ගම්බිම් අතහැර කොළඹට එන්න බැනේ. ඒ මිනිස්සු ගොවිතැන් කරගන ජීවත් වෙන මිනිස්සු. ඔබතුමා කතා කරන්නේ මින්ස්සු මැරුණට කමක් නෑ අලියා ඉතුරුවෙලා කියල වගේනේ. (දිල්)
'අලින්ට ඔවුන්ගේ ඉඩම් වෙන් කර දෙන්න සිරස් බැමි යොදා." ඔය කීවේ. (ස)
"මා ලිව්වේ වන සතුන් විනාශ කිරීමක් ගැන නොවේ. වන සතුන් එක් ප්‍රදේශයකට ගාල් කර සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක්" ගාල් කොරන්නේ කොහෙද මැණිකේ, මුන්දලට වෙන් කරල තිබෙන කොටසත් මේකල එලි කරලා ගෙවල් හදාගෙන තිබෙන කොට. (ස)
හැමදාම අපේ රටේ අලි ප්‍රශ්න. ! (ස)
මේ ප්‍රශ්නය ලංකාවේ පමණක් තියෙන ප්‍රශ්නයක් නොවේ. අලි ඇතුන් ඉන්න ඕනෑම දේශයකට තිබෙන ප්‍රශ්නයක්. ලෝකයේ ජනාවාස යම් කලෙක ඇතිවීද එතැන් පටන් සතුන් සහ මිනිසුන් අතර ගැටුම ඇති විය. මිනිසුන්ට වන හානි සහ පිඩා වැඩි වන අතරම ක්‍රමයෙන් සතුන් ද එකිනෙකා වඳවී යනු ඇත. කෙසේ හෝ මෙම තත්වය අවම කර ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. මෙතරම් යෝධ ව්‍යාපාර කරන එකේ අලි මිනිස් ප්‍රශ්නය අවම කිරීමට යම් වියදමක් දරා දිගු කාලීන ශක්තිමත් බැමි සැකසිය හැකිය යනු මගේ හැගීමයි. අසීරු ගුවන් පාලම්, දුර්ග මාර්ග සැකසීමට ලෝකයේ කෙතරම් තාක්ෂණ ක්‍රම තිබේද? එනිසා මේ ප්‍රශ්නය විසඳීම අසීරු නොවේ, එයට මුදල් යෙදවීමට සෑම රජයක් ම මැළි වීම මෙහි ඇති ප්‍රශ්නයයි. (ස)
අලි පරම්පරාව ගෙනියන්න අලි පැටව් නැහැ, අනික් උන් ටික කව්රු කව්රු හරි මරා දමාවි. (ස)
බමුණු 'මේකලා' කියන්නේ මේ අසරණ මිනිස්සුන්ටද? ලොව සියලු සත්වයෝ තමන්ගේ වර්ගයාට තමයි පක්ෂ වන්නේ. වන සතුන් වුණත් එහෙමයි බමුණු. (නි)
මිනිස්සු ටික ටික ඉදිරියේදී වඳ වෙනවා. මේ මියයන අලි මිනිස්සු වෙලා උපදීවි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අර එක මහත්තයෙක් මේ ළඟදී ගහකට නැග්ගෙත් අලි කරදර නිසා නේද? (නි)
ඈත ඉඳන් මේ ප්‍රශ්නේ දිහා බලන අපට මෙහි එතරම් බරක් නොදැනුනාට සැබවින්ම මෙයට මුහුණ දෙන අයගේ ජීවිත අවදානමේ. අලින්ට ඔවුන්ගේ ඉඩම් වෙන්කර දෙන්න සිරස් බැමි යොදා. සිරස් බැමිවලින් අලින්ට පනින්න බැහැ. ඒකනේ වගා ළිංවලට වැටුනාම ඔවුන්ට ගොඩ එන්න බැරි. (ස)
කරන්න දෙයක් නැහැ... ඒ සත්තුන්ටත් ඉන්න තැනක් තියෙන්න එපැයි. ඒ අහිංසක සත්තුන්ගේ වනන්තරේ එලි කරලා හතර වටෙන්ම වට කරගෙන ගෙවල් හදාගෙන ඉන්න කොට ඔහොම දේවල් වෙනවා. මිනිස්සු තමන් ගැනම හිතන එකේ ප්‍රථිපලය තමයි. (ස)
පව් අසරණ මිනිස්සු කාගෙන් පිළිසරනක්ද? පින්තුර වලින් මේවා දකින අපිට මේක බොහොම සරලව පෙනුනට, මේවට මුහුණ දෙන මිනිසුන්ගේ තත්වය කෙබදු ඇද්ද? සමහරු කියන්නේ සතුන්ගේ ප්‍රදේශ මිනිස්සු ආක්‍රමණය කරලා කියලනේ. හැබැයි සත්තුන්ට කලින් මිනිස්සු ජිවත් විය යුතුයි කියලයි මට නම් හිතෙන්නේ. මා ලිවේ වන සතුන් විනාශ කිරීමක් ගැන නොවේ. වන සතුන් එක් ප්‍රදේශයකට ගාල් කර සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක්.(නදී)