අවුරුදු පහක අලි පැටවකු මහනුවර ගන්නෝරුවේදී නීතී වීරෝධිව සන්තකයේ තබා ගත් බව කියන තිදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රී නිත් විජේසේකර මහතා ලබන 20 දක්වා රිමාන්ඩ් කරනු ලැබුහ.
හොරණ කනන්විල වරුණ ලංකා විජේසිංහ කන්නන්ගර හා ඇත් ගොව්වා වන බණ්ඩාරගම ඩබ්ලිව් ආර් ජී සෝමරත්න අලි පැටියාද උසාවියට ගෙනවුත් තිබිණි.
මහේස්ත්‍රාත් අලි පැටවා බලා වාර්තාවක් ලබා දෙහිවල සත්වෝද්‍යානය මගින් අලි පැටියා උඩවලව ඇත් අතුරු සෙවණට බාර දෙන ලෙස දැන්වීය.
එහිදී ප්‍රතිකාර හා ආරක්ෂාව ලබා දෙන ලෙසත් ඇත් පැටවා භාර ගත් බවට ලිපියක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බස්නාහිර සහකාර වනජීවී අධ්‍යක්ෂ ඩබ් ලිව් ඒ ඒ ඩී යු ඉන්ද්‍රජිත් මහතාට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ටත් ගිය කලක්! (නි)
මොකද මේ අලින්ට කවදාවත් නැති තරමට ඉල්ලුමක්? (නි)
එතකොට මේ අලි පැටියාත්, අනික් අලි පැටවුන් 63 දෙනාත්, අර අම්මා මරා පැහැර ගත් අලි පැටියාත් හැර වෙනත් අලි පැටවුන් සිටීද? (ස)
කවදා වෙනකල් මෙහෙම රිමාන්ඩ් කරයිද? ඉන්පස්සේ? (නි)
තිලක ගොයියෝ, අලි කිරි මනුස්ස ශරීරයට බොහොම ගුණයිලු. අලි මස් වලින් හදන බිස්ටේක් සොසේජස් වලින් යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවාලු. (නි)
අලි පැටවුන් මිලට ගන්න ධනපති පිරිසක් රටේ ඉන්නවා කියන එක පැහැදිලියි. වන ජීවී අමාත්‍යංශයෙන් මේකට පිළිවෙළක් යොදන්න ඕනෑ. මොන දේ කළත් අවශ්‍ය මිනිහා අලි එකෙක් නෙමෙයි 10ක් වුණත් තියාගන්නවා නීති විරෝධිව. වැටළීමකින් අහුවුණොත් රටේ වාසනාව. මේකට විසඳුමක් ලෙස වාර්ෂිකව අලි 3ක්,4ක් වෙන්දේසියෙන් හෝ ටෙන්ඩර් මගින් විකුණලා වල් අලින් ටික බේරාගත්තා නම් හොඳ නැද්ද? (නි)
මිටි තැනින් වතුර බහිනවා කියන්නේ අපේ රටේ සාමාන්‍යයෙන් වෙන දෙයක්. අලි ඇත්තු පහර ගන්න හදපු උදවිය නිදැල්ලේ. කාගේවත් අලි බලාගත්ත අසරණ ඇත්ගොව්වා හිරේ. (නි)
මම දන්නවා රිමාන්ඩ් කරපු අලි හිමියා පරම්පරාවේම අලි ඉන්න කෙනෙක්. මේ හොර අලියෙක් වෙන්න හේතුව මොකද්ද කියලයි මම කල්පනා කළේ. කොහොම වුණත් මෙයාලා රටේ සියලුම පෙරහැර වලට අලි දෙනවා.එන් ජී ඕ සංවිධාන මේවට කැමති නැති බව අපි දන්නවා. පෙරහරින් අලි ඉවත් කරන්න ඩොලර් වලට ආවඩන ශ්‍රී ලාංකිකයෝ ගැන අපට දුකයි (නි)
අනේ පව් ඇත් ගොව්වා? ඇයි එයා හිරේ දැම්මේ? ඒක එයාගේ රස්සාවනෙ. (ස)
හේරත්, මටත් හිතුනේ ඒකමයි. ඒ මිනිස්සු ඔය නීති බලපත්‍ර ගැන දන්නේ නෑ. ඒවා දන්නවනම් අලි බලයි ද රස්සාවට. (ස)
අනේ ඇත්තටම අලින්ට ගිය කලක්. වල්ලපට්ට වගේ වෙලා අලිත් දැන්. (ස)
අභාග්‍යකට හෝ බලපත්‍රයක් ඇතිව හෝ නැතිව මිනිසෙක් ළඟ ඇති දැඩිවන අලියාගේ ජීවිතය වඩාත් සුරක්ෂිතයි කැලේ ජිවත්වෙනවට වඩා. මොකද ඌට කැලේ නිදහසේ ඇවිද ගෙන තමාට රිසිසේ ආහාර ගන්ට තියෙන නිදහසට මිනිසා විසින් සිමා පනවලයි තියෙන්නේ. කැලේ සතුන්ට අයිති, උන් ගැවසෙන සහ ආහාර ගන්ට උන්ට පුරුදු තැන්වලට මිනිස්සු බලෙන් රිංගගෙන ගෙවල් හදල, වගා කරලා. ඉතින් අලි හෝ අනිත් වනසතුන් තමන්ට පුරුද තැන්වලට කෑම සොයා ගෙන එනකොට උන්ගේ ජිවිතවලට හානි වන අන්දමේ කටයුතු කරනවා. වෙඩි වැදිලා එහෙමත් නැතිනම් වෙඩි තියල අලින් සහ අනෙකුත් සතුන් බොහෝ දෙනෙක් මිය යනවා. වනජීවී නිලධාරීන් අලි ඇති කරන මිනිසුන්ගෙන් උන්ව ඇති කරන්න ලයිසන් චෙක් කරනවා වගේ, කැලේ ඉන්න සතුන්ටත් තමන්ගේ නිජ භූමිය වන කැලේ නිදහසේ ජිවත් වීමේ අයිතිය තහවුරුවන ලයිසන් එක දෙන්ට කටයුතු කලොත් හොඳ නැතිද මහජනයා දැනුවත් කර සහ ඔවුන්ගේ සහයෝගයත් අරගෙන. ඒවගේම යල්පැනගිය නීති අහෝසි කරලා දැඩි නීති ක්‍රමයක් හඳුන්වල දෙන්ටත් ඕනේ. එන් ජි ඔ කාරයෝ ගැන කියනවනම් ඒගොල්ලෝ නිකන් බොරුවට කෑගහනවා. එහෙමනම් මුළු ලෝකෙම කොයි ගෙදරකවත් බල්ලෝ බලල්ලුවත් ඇති කරන්න හොඳ නැහැනේ ? පොලිසිවල සත්තු ඉන්න හොඳ නැහැ. අන්ධ මිනිසුන්ට මග පෙන්වන්න බල්ලන්ව යොදවන්ට හොඳ නැහැ. සත්තු වත්ත තියෙන්න හොඳ නැහැ. (ස)
මේ වගේ දෙයක් කරන්නේ මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සු වෙන්න ඇති (දී)
එහෙනම් අලි පැටියා ඔව්න්ට දුන්නේ මොකද ,මේ රජයේ ඇමති වරුන්ගේ විෂයන් පිරිහිලා ජනතාව ඒ ගෙන කලකිරිලා (දී)
මේකත් අර බුදු රුව අතේ ගහගෙන හිටපු බෞද්ධ සුදු කාන්තාව රිමාන්ඩ් කළා වගේ වැඩක්. ඇත්ගොව්වා ගේ රස්සාව අලි බලන එක. හොරට මිලට ගත්ත බස් එකක් පාරට දාල අහු උනොත් රියදුරාවත් හිරේ දානවද ? (ස)
මෙහමත් රටක්. පුදුම නඩු තීන්දුවක් නේ? අර අහිංසක ඇත්ගොව්වා? (ස)
මේක තමා ලංකාවේ නීතිය,අලි පැටියව බලාගන්න මිනිහ කොහොමද දන්නේ මේ පැටිය හොරෙන් ගත්ත පැටියෙක් කියල,මිනිහට රැකියාවක් නැති නිසා හොර බොරු නොකර අලි පැටියව බල ගත්ත,අන්තිමට හිරේ යන්නත් උනා,රැකියාවක් නැතිව හොරකන් කරන මිනිසුන් කොපමණ අපේ රටේ සිටීද? (ස)
පව් නේද ? (නදී)
පව් වැඩේ.(නදී)
අලි පැටියට අම්මත් නැති උනා.(නදී)
අනේ පවු, අලි පැටියට දැන් පාලු ඇති (නි)
කරුණාකර අවරුදු 5 ට අඩු අලි පැටවූ ළඟ තබාගැනීම පුද්ගලයන්ගේ තරා තිරම නොබලා තහනම් කරන්න මේ සිමාව අව්රුදෙන් , අව්රුද්ද වැඩි කරන්න . (උදහරණ 2015 -6. 2016-7 වශයෙන්) අවරුදු 5 ට අඩු අලි පැටවූ සියලු දෙනා අලි අනාථාගාරයට භාර දෙන්න , නැත්තම් අලි පැටවූ ගන්න අලි මැරීම නිසා කැලේ අලි රංචු වන්දවේවි , අලි කැලේ සහ පින්නවල සිටියහම හොඳටම ඇති , බුදුරජාණන් වහන්සේ අලි පිට තබා ධාතු වඩම්මන්න, කියා දේශනා කර නැත , බුදුදහම සතුන්ට හිංසා කරනවට විරුධය , හින්දු ආගමත් එසේමය , එමනිසා පෙරහැරවල් වලට අලි ගෙනයාම කරුණාකර නවත්වන්න .(ස)
අලි වගේ විශාල සත්තුත් හංගන්න තරම් දක්‍ෂ මිනිස්සු ඉන්න ලෝකයෙ තියන එකම රට හැටියට ලංකාව ගිනස් පොතෙත් සටහන් වෙයි.කවුරු මොනව කිව්වත් ඒක අපට කොච්චර ආඩම්බරයක්ද.?ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒකට හම්බවෙන කප් එකත් උස්සයිද කියන එකයි,!!!(ස)
එයි,පියල්. ඔබත් කැමතියි වගේ අලි හොරකම් කරනවට! ය, පෙරහරට අලි ඉන්නම ඕනද? අයි ඇමතිවරුන් ටිකක් සරසලා අරන් ගිහාම නරකද? තමාගේ මහන්තත්ත කම පෙන්නන්න අහිංසක සත්තුන්ගේ නිදහස නැති කරන එක හරිද? ඔබ වගේ අය ගැන අපට දුකයි! (ස)
දැන් යූ.එන්.පී. එක නැත්තටම නැතිවෙලා නිසා සල්ලි තියෙන කට්ටිය හිතනවා ඇති තමන්ම අලි පැටියෙක් හදා ගත්තම හරි කියලා (ස)
අලි හොරකම ගැන වනජීවී ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කළ නිර්භීත කතාව හරි අපූරුයි. නියමයි. ඒ විදිහටම වැඩත් කෙරෙනවා නම් හොඳයි.අර ආණ්ඩුවේ ඇමති කෙනෙක් හෙළිදරව් කළ අලි පැටවු 63 දෙනා ගැනත් හොයලා උන්ට පිහිටක් වෙන්නකෝ.පින් සිද්ධ වෙනවා. අම්මාගෙන් වෙන් වුණ කිරි බොන වයසේ පැටවු. අපි ඡන්දෙ දෙන්නම් (නි)
අනේ මෙහෙම ලංකාවක් .අනේ මෙහෙම තණ්හාවක්. රත්තරන් පොලු වගේ ගුද මාර්ගයේ ගහගන යන්න පුළුවන් තරමේ පැටවූ නම් මේ වෙනකොට පැටවූ කීයක් රට යවලද? අපරාදේ විදේශ විනිමය ලබාගන්න විදිහක් නැහැනේ.මොවුන් හොරෙන් ලංකාව ඇතුලේ අරන් යන්නේ කිහිල්ලේ ගහගන වත්ද ආයුබොවන්ඩ? (ස)