වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලෑ අලි ඇතුන් පිළිබඳ පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලිපි ලේඛන වලට ඇතුළත් කිරීම සම්බන්ධව වනඡිවී දෙපාර්තුමේන්තුවේ එම ලේඛන භාරව සිටි ලිපිකාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
වනයේ සිටින අලි පැටවුන් අල්ලා මුදලට විකුණන ජාවාරම් සම්බන්ධව සිදුකළ විමර්ශන වලදි ව්‍යාජ ලේඛන සැදිම සම්බන්ධව මෙම ලිපිකාරිනියව අත් අඩංගුවට ගෙන ඇති අතර දැනට අලි රොෂාන් නමැත්තාගේ පුද්ගලයෙකුද අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් මේ සම්බන්ධව විමර්ශන වලදී මෙම ලිපි ලේඛන වෙනස් කිරීම් සම්බන්දව වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සම්බන්ද බව තහවුරු වු බවත් ඔහු පැවැසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි බබා තවම මුල් පුටුවේ , තාත්ත පෙන්සන් ගියා. හොරු 40 තමයි වැරදි (බ)
මේ අලි රොෂානි නේ (බ)
පහත් තැනින් යයි ගලා ජලේ! (බ)
එතකොට අලියෙක්ගේ දතක් ගලවගන්න බැරිනම් වනජීවී ඇමති වෙලා මොකටද කියපු වනජීවී ඇමතිතුමා. (බ)
අලි වැඩේ කැලේ ඉන්න අලි ගැන හොයන්න ඉස්සර කකුල් දෙකේ අලි ගැන හෙව්වොත් හොදෛ(ස)
හිටපු අාන්ඩුව කාලේ හැම වැඩක්ම සිදුවුනේ මේ ආකාරයට තමා, (බ)
එතකොට මේවා මෙහෙයවපු හොර නිළමේවරු අල්ලන්නේ කවද්ද? (බ)
මම හිතන්නේ ලිපිකාරිණියක් වගේ උසස් තනතුරක් දරන කෙනෙක් මේවගේ වැඩක් කරන්නේ නැහැ. පියන් , කා.කා. ස. හෝ සනීපාරක්ෂක කම්කරුවෙක් අල්ලලා හිරේ ඇරියානම් හරියට හරි. ලොකු ලොක්කෝ ඔක්කොම අහිංසකයි. (බ)
මේගොල්ලොත් මෙයාව නිකන කරන්නේ දොළ පිදේනි වලට රැවටිලා තමයි මේවා කරන්නේ , දැන් ඉතින් කාල වරෙන්කො (බ)
අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු වැටලීම් අංශ ප්‍රධානියා කවදද අත්අඩංගුවට ගන්නේ (බ)
පහත් තැනින් බසී ජලේ (බ)