මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍ය අද සිට ඇරඹෙන අතර එහි ගමන් ගන්නා අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පශු වෛද්‍යවරුන් විසින් පරික්ෂා කරනු ලැබුවත් එම අලි ඇතුන්ගේ සැඟව ඇති ලෙඩ රෝග සම්බන්ධ තොරතුරු ගැනිම සඳහා නවතම කැමරාවක් ප්‍රථම වතාවට භාවිතා කරන බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා පැවසීය.
යම් අලියකුගේ පිටත හෝ අභ්‍යන්තර අස්ථිවල තුවාලයක් හෝ අස්ථි බිඳීමක් ඇති විට එම ස්ථානයේ රස්නයක් ඇති වන බවත් මින් පෙර අලි ඇතුන්ගේ රෝග තත්වයන් නිරික්ෂණය කිරිමට එම අලින් කොර ගසනා තුරු හෝ ඇගේ රස්නයන් ඇති බව නිරික්ෂණය කිරීමට සිදුවු නමුත් මෙම ‘ඇගේ උෂ්ණය මනින කැමරා’ මගින් යම් අලියකුගේ පිටත හෝ අභ්‍යන්තර අස්ථිවල තුවාලයක් හෝ බිඳීමක් ඇති විට එම ස්ථානයේ උණුසුමක් ඇති බව අලියා සිටින තැනට නොගොස් අඩි 10 ක පමණ දුරින් සිට දැනගත හැකි බවත් එමගින් තුවාල ඇති ස්ථානය නිරික්ෂණය කළ හැකි බවත් වෛද්‍ය වරු කියති.
මේ සඳහා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ පීඨාධිපති වෛද්‍ය අශෝක දංගොල්ල, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එරන්ද රාජපක්ෂ, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය මිස්සක විජේගුණවර්ධන යන වෛද්‍ය වරු මෙය ක්‍රියාත්මක කරති.
අදින් ඇරඹෙන කුඹල් පෙරහරේ සිට අවසන් රන්දෝලි පෙරහර දක්වා මෙම කැමරාව උපයෝගි කරගෙන අලි ඇතුන් ගේ සැගවි ඇති රෝග ඇත්දැයි පරික්ෂා කරන බවද ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
ඇමෙරිකාව රාත්‍රී කාලයේ සතුරා හඳුනාගෙන පහරදීමට මෙවැනි කැමරා සවිකළ ප්‍රහාරක අවි උපයෝගී කරගන්නවා (නි)
බොහොම හොඳයි (නි)
වෛද්‍ය දංගොල්ල මහතා ඉන්නවා නම් බයවෙන්න දෙයක් නැහැ. (නි)
ඉතා හොඳ සොයාගැනීමක් (නි)
පෙරහැර අවසන් වුණ පසු මේ කැමරාවට කරන්න වැඩ ගොඩක් තිබෙනවා. මේ කැමරාව අර කට්ටිය ගොඩක් ඉන්න අහවල් ස්ථානයේ ස්ථිරවම සවිකරලා තිබුණා නම් නියමයි නේද? (නි)
ඇගේ උෂ්ණය මනින කැමරාවක් හොයාගත් එක හොඳයි. නැත්තම් අලි ස්කෑනින් යන්ත්‍රයක් හදන්න වෙනවා (නි)