අධිකරණ නියෝගයක් අනුව ව්‍යාජ ලේඛන සහිත අලි පැටවුන් දෙදෙනෙක් වනජීවී භාරයට ගැනීමට බදාදා (07)පස්වරුවේ ඇරැව්වල, පන්නිපිටියේ අලි රොෂාන් ගේ නිවසට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ගිය අවස්ථාවේදී මාධ්‍ය සහායකුට අලි රොෂාන්ගේ පිරිසක් පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි .
පහර කෑ මාධ්‍ය සහායකයා අලි රොෂාන්ගේ නිවසේ තාප්පයෙන් පිටත සිටි බවත් ඔහු පැමිණි යතුරුපැදියට ද පහර දීමෙන් හානි සිදුවී ඇති බවටත් පිළියන්දල පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.
අලි රොෂාන්ගේ බිරිඳට ද මෙම මාධ්‍ය සහායකයා පහර දී ඇතැයි අලි රොෂාන්ගේ බිරිඳ ද පැමිණිල්ලක් කර ඇති අතර පහරදීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මේ වන විට පරික්ෂණ අරඹා ඇති බවත් දෙපාර්ශවයම සාමදාන වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව දන්වා ඇති බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි රොෂාන්ගේ පිරිසක් මාධ්‍ය සහායකයකුට පහරදීලා