වල් අලි දඩයමේ ගොස් වල් අලියකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රීසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බූත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ දක්නට ඇත.
කතරගම වනජීවී අඩවිය භාරව සිටි විශ්‍රාමලත් අඩවි වන නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් අදහස් පළ කරයි.
ජේ.පී.ඉරේෂන් නමැති සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයාය. ඔහු දක්ෂ දඩයක්කාරයෙකි. ඔහු ප්‍රිය කර ඇත්තේ අලි ඇතුන් දඩයම් කිරිමටය. ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩි කා මිය ගොස් ඇත. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියාගෙන්ම මැරුම් කෑවේය.
ඉන්පසු ඔහුගේ මිත්‍රයෝ යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදි කළහ. එහි මෙසේ සඳහන් කර ඇත.
"ගල්ගේ ප්‍රදේශයේ පාලකවරයා හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කාරයකු වන ජේ.පී.ඉරේෂන් සිහිවීම පිණිසයි
උපත - 1877 අප්‍රියෙල් 03
විපත - 1923 නොවැම්බර් 12
ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිවටනය ඉදි කරන ලදි.
ඔහු සාමදානයේ සැතපේවා".
මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට පැවති නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩී යන්නට පටන් ගත්තා. සොහෙන ගැන නිතර වාර්තා කරන ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවි දෙපාර්තමේන්තුවට දන්වා ඇත. මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් රාජකාරී කරන කාලයේ සොහොන කැඩී ගිය කිහිප විටකම එම කාර්යාලයට දැන්වු හැම අවස්ථාවකම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් සොහොන අලුත්වැඩියා කළේය. හෙන වදින බැවින් දැනට ඔවුහු මෙම සොහොන් කොතේ උස අඩි 20 කට විතර අඩු ඇති අතර මේ අවට ගම්වල මිනිසුන් කියන්නෙ සුද්දා අලි මරපු නිසා එම අලින්ගේ ආත්ම සුද්දාගේ සොහොනෙනුත් පලි ගන්නා බව ගැමියෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන කතරගම යන අයට පාවිච්චි කරන්න වැසිකිළි ටිකක් හැදුවා නම් හරි නේද? (නි)
ඔය මගුල ගලවල විසි කරන්න තියෙන්නේ. (බ)
මේ සුද්ද අපරාධ කරුවෙක් මේ කොත සමතලා කළ යුතුයි. (අ)
මේවා ගලවල දාන්න (ම)
අකුණු සන්නායකයක් සවි කරන්න (ම)
පාලින්ද ඔයා හරි මොකට කියනවද (බ)
මෙහෙම එකක් බදුල්ලෙත් තියෙනවා මම හිතන්නේ , එ්කටත් වාර්ෂිකව අකුණු වදිනවලු , ඒ සුද්දානම් අලි ඇතුන් එක්දහස් ගානක් මරල තියෙනවලු (බ)
ඕනෑම අපරාධ කාරයකුට ස්වභාව දහම පවා එරෙහි වනවා එයට විරුද්ධව වැඩ කිරීමට කාටවත් බැහැ....(බ)
කාලකන්නිය මුට හෙන ගහලත් මදි. ඕක සමතල කරන්න ඕනේ (බ)
නෑ මෙතන අරලිය ගහක් හෙම හිටවල .(අ)
අලි මරපු එකට නෙමෙයි මේ හෙන ගහන්නේ. තැනිතලා තැනක මේ වගේ කුළුණක් සවි කරාම එකට හෙන ගහන එක අහන්නත් දෙයක්ද? (ම)
දැන් ඔය ලංකාවේ සිදුවෙන අපරාද වලට එහනම් කොච්චර හෙන හතක් වදින්න ඕනද?අලි මරපු සුද්දට බනින කට්ටිය මේකට මොකද කියන්නේ...? (අ)
අපි ඔතන මැරුණු අලි වෙනුවෙන් හොඳ ස්මාරකයක් හදමු අර සුදු අපරාධ කාරයාගේ නම සටහන් කරමු එංගලන්තෙන් එන සුද්දන්ට කියවගන්න පුලුවන් විදියට ඉංග්‍රීසි භාෂාවෙනුත් ලියමු (බ)
මේ වගේ අයටත් කුලුණු හදනවද?(හේ)
ඔය වගේ තැනක කුළුණක් සවී කරාම ඒකට අකුණු ඇදිලා එනවා . ඕකෙ හැඩය වෙනස් කරනම් සමහරවිට ඔය තත්වය නැති වෙලා යාවි.(හේ)
සුද්ද අලි මැරුවට ඔහොම හෙන වදිනවානම් ලංකාවේ දේශපාලකයෝ මිනී මරපු විදිහට තුන්සිය හැටපස් දවසෙම හෙන ගහන්න එපයී (ම)
හොඳ ආදාර්ශයක් (අ)
හෙන ගහනවා කියන්නේ මොකක්ද කියල විද්‍යාත්මකව නොදන්නා සිංහලයන්ටම හොඳයි මේ කතා (බ)
ඔය සොහොන ගලවා දමනු. (අ)
යටත් විජිත සමයේ නටඹුන් මේවා (නි)
අලි මැරීම නම් ලොකු අපරාධයක් තමා. නමුත් මේ ස්ථානයේ ස්වභාවය අනුවයි හෙණ පාත්වෙන්නේ. උස්වූ ස්ථානයක උල්වූ තුඩක් තිබීම එයට හේතුවක්.ඔය කුලුණම ගළවා කන්ද පාමුල සවිකළොත් හෙණ වැදීම නතරවෙයි. (නි)
මත් පාලින්දගේ කතාව අනුමත කරනාව ඕක කඩලා විසිකළා නම් ඉවරයි (අ)
කඩලා විසි කරමු වැඩක් නෑ (අ)
අපි මේක ගලවා දමනවා ජන ජීවිතයට තර්ජනයක් හෙන වැදීම අලි දැන් බළලුන් ලවා කොස් ඇට බාවන කාලේ , හෙන වදින්නේ කළු ගල් වලට වෙන්නැති (අ)