අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල අලින් විසින් විනාශ කරනු ලබන නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (21) බත්තරමුල්ලේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.
ප්‍රජා සහභාගීත්වයෙන් ඒකාබද්ධ වනජීවී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවකාශය පිළිබඳව සාකච්ඡා කිරීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ බව පැවසූ අමාත්‍යවරයා අලි ඇතුන් නිතර ගැවසෙන ප්‍රදේශ හැර ආරක්ෂිත ස්ථානවල එම නිවාස ඉදිකිරීමටත් වඩාත් සුරක්ෂිත අභ්‍යන්තර වී ගබඩා ඉදිකිරීමටත් තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි-මිනිස් ගැටුමට සජිත් විසඳුම් සොයයි
සනත් Tuesday, 22 September 2015 01:25 AM
අලි වැට දිගට මී මැසි පෙට්ටි හදන එක තමා හොඳම ක්‍රමය. වෙන රටවල් සාර්ථකව අත්හදා බලපු දෙයක්.අලි මී මැසි සද්දෙට බයට එන්නේ නැහැ . (නි)
දර්ශන Tuesday, 22 September 2015 01:53 AM
මම අහලා තියෙනවා දෙහි, නාරං ගස් වගේ ජාති වවන එකත් හොඳයි කියලා. (නි)
විදුර Tuesday, 22 September 2015 02:27 AM
මී මැස්සොයි වැටයි ගෙනල්ලා සවිකරලා බලමුද? (නි)
විදර්ශන Tuesday, 22 September 2015 02:34 AM
අහලා තිබුණාට දෙහි, නාරං ගස් වගේ ජාති වවන එක හොඳයි කියලා විද්‍යාත්මකව ඔප්පුකරලා තියෙනවද? (නි)
ගමගේ Tuesday, 22 September 2015 02:48 AM
මේ දෙන්නම වන ජීවීන්ට අදරයි. ඒ නිසා හොදක් වේවි. (ම)
මැටිපහන Tuesday, 22 September 2015 03:30 AM
මට නම් මෙයාව විශ්වාස කරන්න බැහැ. මොකක් හරි යටිකුට්ටු වැඩක් ඇති. (බ)
රඛිත් Tuesday, 22 September 2015 03:43 AM
අලි පොත තියෙනවද කියලත් බැලුවනම් හොඳ නැද්ද, ඔය ගමන්ම? (බ)
ධර්ම ජයවික්‍රම Tuesday, 22 September 2015 04:17 AM
මීමැසි පෙට්ටි සවි කිරීම පිළිබඳ සොයලා බලන්න. එම වැඩ පිළිවෙල සාර්ථක නම් හොඳ අදායම් මාර්ගයක් උදා කර ගන්න පිළිවන්. (ම)
දුමින්ද Monday, 21 September 2015 02:28 PM
මීමැසි පාලනයත් අරඹන්න (බ)
ඉසුරන්දි Tuesday, 22 September 2015 04:20 AM
සාකච්ජා වලට වඩා විසදුම් කටයුතු වේගවත් කළොත් නේද හොද. (ම)
සමීර Monday, 21 September 2015 02:50 PM
මහත්වරුනි, වියදම ගැන හිතන්නේ නැතිව හොඳ වැටක් ගහන්න. අලියි මිනිස්සුයි දෙගොල්ලොම ඉන්න ඕනි, ගැටුම් නැති කරගන්නත් ඕනි. හොඳම විසඳුම තමයි වැට. සමහර රටවල කිලෝ මීටර් දහස් ගණන් වැටවල් තියනවා සතුන් ආරක්ෂා කරන්න. (බ)
හිරාන් Monday, 21 September 2015 03:02 PM
නිවාස ඇමති සහ වන ඇමති? මේකට කරන්න ලොකු දෙයක් නෑ. අලින්ට අයිති කැලේ කපල නිවාස හදන එක නවත්තන්න. කැල එළිකරන එක නවත්තන්න. (අ)
ඉමේෂ් Tuesday, 22 September 2015 05:54 AM
මේක අලි ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි නේ. මේක ගෙවල් ප්‍රශ්නෙට විසඳුමක් නේ. (බ)
මහානාම - කඳාන Monday, 21 September 2015 05:22 PM
හොඳ වැඩක්.නමුත් කල්පවතින හා ආරක්ෂාකාරී විසඳුමක් මිස පැලැස්තර ඇලවීමක් නොවිය යුතුයි. (නි)
රොහාන් Tuesday, 22 September 2015 06:36 AM
වසර 21 කට පසුව සුබ නිමිති (ම)
මහානාම - මතුගම Monday, 21 September 2015 07:34 PM
අලින්ට අයිති කැළය අලින්ට දෙන්න (නි)
සුජීව ප්‍රංශය Monday, 21 September 2015 08:54 PM
දෙවි පිහිටයි. හොඳ විසඳුමක් ලබාදෙන්න (නි)
ප්‍රනාන්දු Monday, 21 September 2015 09:00 PM
හොඳ වැඩක් (නි)