අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල අලින් විසින් විනාශ කරනු ලබන නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (21) බත්තරමුල්ලේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.
ප්‍රජා සහභාගීත්වයෙන් ඒකාබද්ධ වනජීවී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවකාශය පිළිබඳව සාකච්ඡා කිරීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ බව පැවසූ අමාත්‍යවරයා අලි ඇතුන් නිතර ගැවසෙන ප්‍රදේශ හැර ආරක්ෂිත ස්ථානවල එම නිවාස ඉදිකිරීමටත් වඩාත් සුරක්ෂිත අභ්‍යන්තර වී ගබඩා ඉදිකිරීමටත් තීරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි වැට දිගට මී මැසි පෙට්ටි හදන එක තමා හොඳම ක්‍රමය. වෙන රටවල් සාර්ථකව අත්හදා බලපු දෙයක්.අලි මී මැසි සද්දෙට බයට එන්නේ නැහැ . (නි)
මම අහලා තියෙනවා දෙහි, නාරං ගස් වගේ ජාති වවන එකත් හොඳයි කියලා. (නි)
මී මැස්සොයි වැටයි ගෙනල්ලා සවිකරලා බලමුද? (නි)
අහලා තිබුණාට දෙහි, නාරං ගස් වගේ ජාති වවන එක හොඳයි කියලා විද්‍යාත්මකව ඔප්පුකරලා තියෙනවද? (නි)
මේ දෙන්නම වන ජීවීන්ට අදරයි. ඒ නිසා හොදක් වේවි. (ම)
මට නම් මෙයාව විශ්වාස කරන්න බැහැ. මොකක් හරි යටිකුට්ටු වැඩක් ඇති. (බ)
අලි පොත තියෙනවද කියලත් බැලුවනම් හොඳ නැද්ද, ඔය ගමන්ම? (බ)
මීමැසි පෙට්ටි සවි කිරීම පිළිබඳ සොයලා බලන්න. එම වැඩ පිළිවෙල සාර්ථක නම් හොඳ අදායම් මාර්ගයක් උදා කර ගන්න පිළිවන්. (ම)
මීමැසි පාලනයත් අරඹන්න (බ)
සාකච්ජා වලට වඩා විසදුම් කටයුතු වේගවත් කළොත් නේද හොද. (ම)
මහත්වරුනි, වියදම ගැන හිතන්නේ නැතිව හොඳ වැටක් ගහන්න. අලියි මිනිස්සුයි දෙගොල්ලොම ඉන්න ඕනි, ගැටුම් නැති කරගන්නත් ඕනි. හොඳම විසඳුම තමයි වැට. සමහර රටවල කිලෝ මීටර් දහස් ගණන් වැටවල් තියනවා සතුන් ආරක්ෂා කරන්න. (බ)
නිවාස ඇමති සහ වන ඇමති? මේකට කරන්න ලොකු දෙයක් නෑ. අලින්ට අයිති කැලේ කපල නිවාස හදන එක නවත්තන්න. කැල එළිකරන එක නවත්තන්න. (අ)
මේක අලි ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි නේ. මේක ගෙවල් ප්‍රශ්නෙට විසඳුමක් නේ. (බ)
හොඳ වැඩක්.නමුත් කල්පවතින හා ආරක්ෂාකාරී විසඳුමක් මිස පැලැස්තර ඇලවීමක් නොවිය යුතුයි. (නි)
වසර 21 කට පසුව සුබ නිමිති (ම)
අලින්ට අයිති කැළය අලින්ට දෙන්න (නි)
දෙවි පිහිටයි. හොඳ විසඳුමක් ලබාදෙන්න (නි)
හොඳ වැඩක් (නි)