අත්අඩංගුවේ සිටින අලි ඇතුන් 15 දෙනකු බැඳුම්කරයක් මත තාවකාලිකව හිමිකරුවනට මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් දෙන ලද නියෝගය ජූලි හත් වැනි දා තෙක් වලක්වමින් කොළඹ මහාධිකරණය අද යලින් අතුරු තහනම දීර්ඝ කළේය.
අලි ඇතුන් හිමිකරුවන් විසින් ගොනු කැරුණු කරුණු වලට එරෙහි කරුණු ඇත්නම් ගොනු කරන ලෙස මනිලාල් වෛද්‍යතිලක කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිට නියෝග කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගේ තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලා නීතිපති විසින් ගොනු කැරුණු සංශෝධිත පෙත්සම නීත්‍යනුකූල නොවේයැයි අලිඇතුන් හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කීහ.
බෞද්ධ උත්සව හා වෙනත් අවස්ථාවලට රැගෙන යෑමට හැකි වන සේ එම අලි ඇතුන් එකකු රුපියල් තුන් කෝටියක බැඳුම්කරයක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වනජීවී නිලධරයනට නියෝග කර තිබිණි.
මහේස්ත්‍රාත්ගේ එම නියෝගය මනා පරීක්ෂණයකින් තොරව නිකුත් කළ එකක් බවත් මහාධිකරණය ප්‍රකාශ කළේය.
කැළයේ සිටින අලි ඇතුන් හොරට අල්ලා විකිණීම පිටුපස සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් සිටිතියි රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණි.
මේ අතර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන්ගේ හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසූයේ මෙරට හීලෑ අලි හිමියන් සියලු දෙනා කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් පෙරහරට සියලු හීලෑ අලි ඇතුන් සහභාගී කරවිය යුතු බවට පොරොන්දුවූ බවත් එවිට අලි හිඟයක් ඇති නොවන බවත්ය. සාධාරණ හේතුවකින් තොරව පෙරහරට අලි සහභාගි නොකරන අලි හිමියන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඇමැතිවරයා කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අලි මුදා හැරීමේ තහනම යළි දික්කරයි