IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අලි ප්‍රශ්නෙට ඇමැතිගෙන් පිළිතුරක්

වනජීවී ඇමැති හා ඔහුගේ නිලධාරීන් ලංකාවේ අලි 270 ක් සිටින බව පවසන බවත් එසේ අලි සිටිනම් ඇසළ මහා පෙරහර සඳහා සතර මහා දේවාලවලින් එකකට අලි පස්දෙනෙක් ලබාදෙන ලෙස තමා අභියෝග කරන බවත් ඒ සදහා වැය වන සියලු  වියදම් හා ගමන් ගාස්තු සියල්ලම තමා  දරන බවත් මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා අද (28 ) මහනුවරදී පැවසීය.

වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන්  මේ සම්බන්ධව කළ විමසීමකදි කියා සිටියේ එම අභියෝගය සඳහා පිළිතුරු දිමට තමා සුදානම් නැති බවත් ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ද ඇතුළත්ව පිහිටුවා ඇති මෙරට හීලෑ අලි ඇතුන්ගේ සංගමයෙන් දළඳා පෙරහර සඳහා සහභාගි කරවා ගත හැකි අලි සම්බන්ධ වාර්තාව තමාට ලැබුණු පසු බස්නායක නිලමේවරයාට නිසි පිළිතුරක් දිය හැකි බවයි.

web628G_7130



අදහස් (0)

අලි ප්‍රශ්නෙට ඇමැතිගෙන් පිළිතුරක්

ඩෙන්සිල් Tuesday, 28 June 2016 04:24 PM

එයාලා කියනවා. අපි අහගෙන ඉන්නවා. (නි)

:       0       0

ජගත් Tuesday, 28 June 2016 04:24 PM

මේ පිළිතුර ගැන නම් අපිට සෑහීමකට පත්වෙන්න අමාරුයි (නි)

:       0       0

දේවසිරි Tuesday, 28 June 2016 11:46 PM

අතීත කාලේ අලි පෙරහර සඳහා භාවිතා කළේ වාහන නැති නිසා. අද වාහන තිබෙනවා. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 29 June 2016 01:32 AM

මම නම් කියන්නේ මෙතනදී ඇමතිතුමා හරි (නි)

:       0       0

අර්ජුන රණවන Wednesday, 29 June 2016 01:32 AM

ඇමතිතුමා අලි ගෙනත් දුන්නොත් ඉල්ලා අස්වෙනවද? (නි)

:       0       0

නිහාල් ක්‍රිස්ටි Wednesday, 29 June 2016 02:31 AM

නිළමෙලා ඇමතිලා කරන කියන දේවල් වලින් අපි ගොඩක් දේවල් තේරුම්ගෙනයි ඉන්නේ

:       0       0

දහම් ධර්මරත්න කුණ්ඩසාලේ Wednesday, 29 June 2016 02:47 AM

ගරු ඇමතිතුමනි, ඔබතුමා කොහෙන්හරි අලි ගෙනවිත් දෙන්න. ඒ අයත් අභියෝගය බාර අරගෙන වියදම් නොසළකා අනෙක් දේවල් බලාගනීවි (නි)

:       0       0

අශාන් Wednesday, 29 June 2016 03:11 AM

බුදුන් වහන්සේ දේශනාකළේ සෑම සත්වයෙකුටම අවිහිංසාවාදී වන ලෙසය (නි)

:       0       0

ලියනගේ රාමනායක Wednesday, 29 June 2016 03:37 AM

මේක අලි හොරුන්ගේ ව්‍යාපාරයක්. ඇමතිතුමා මේවට අහුවෙන්නේ නැහැ (බ)

:       0       0

දර්ශන Wednesday, 29 June 2016 04:12 AM

දේවසිරි කියන විදිහට අලි වෙනුවට වාහන ගමුද? (නි)

:       0       0

මැටිපහන Wednesday, 29 June 2016 04:26 AM

සතුන් පෙරහැර වලට පාවිච්චි කරන එක බුද්ධාගමට අනුව වැරදියි. ඔය සතුන්ට ආගමක් කියලා එකක් තේරෙන්නේ නැහැ. දම්වැල් වලින් සහ ලණු වලින් ගැට ගහලා තියෙන්නේ. ලිහලා බලන්නකෝ එයා මොනවද කරන්නේ කියලා. ඇත්ගොව්වාත් ඉතින් ලොකු අය කියන පදේට නටනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 572 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site