වනජීවී ඇමැති හා ඔහුගේ නිලධාරීන් ලංකාවේ අලි 270 ක් සිටින බව පවසන බවත් එසේ අලි සිටිනම් ඇසළ මහා පෙරහර සඳහා සතර මහා දේවාලවලින් එකකට අලි පස්දෙනෙක් ලබාදෙන ලෙස තමා අභියෝග කරන බවත් ඒ සදහා වැය වන සියලු වියදම් හා ගමන් ගාස්තු සියල්ලම තමා දරන බවත් මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා අද (28 ) මහනුවරදී පැවසීය.
වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් මේ සම්බන්ධව කළ විමසීමකදි කියා සිටියේ එම අභියෝගය සඳහා පිළිතුරු දිමට තමා සුදානම් නැති බවත් ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ද ඇතුළත්ව පිහිටුවා ඇති මෙරට හීලෑ අලි ඇතුන්ගේ සංගමයෙන් දළඳා පෙරහර සඳහා සහභාගි කරවා ගත හැකි අලි සම්බන්ධ වාර්තාව තමාට ලැබුණු පසු බස්නායක නිලමේවරයාට නිසි පිළිතුරක් දිය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා කියනවා. අපි අහගෙන ඉන්නවා. (නි)
මේ පිළිතුර ගැන නම් අපිට සෑහීමකට පත්වෙන්න අමාරුයි (නි)
අතීත කාලේ අලි පෙරහර සඳහා භාවිතා කළේ වාහන නැති නිසා. අද වාහන තිබෙනවා. (නි)
මම නම් කියන්නේ මෙතනදී ඇමතිතුමා හරි (නි)
ඇමතිතුමා අලි ගෙනත් දුන්නොත් ඉල්ලා අස්වෙනවද? (නි)
නිළමෙලා ඇමතිලා කරන කියන දේවල් වලින් අපි ගොඩක් දේවල් තේරුම්ගෙනයි ඉන්නේ
ගරු ඇමතිතුමනි, ඔබතුමා කොහෙන්හරි අලි ගෙනවිත් දෙන්න. ඒ අයත් අභියෝගය බාර අරගෙන වියදම් නොසළකා අනෙක් දේවල් බලාගනීවි (නි)
බුදුන් වහන්සේ දේශනාකළේ සෑම සත්වයෙකුටම අවිහිංසාවාදී වන ලෙසය (නි)
මේක අලි හොරුන්ගේ ව්‍යාපාරයක්. ඇමතිතුමා මේවට අහුවෙන්නේ නැහැ (බ)
දේවසිරි කියන විදිහට අලි වෙනුවට වාහන ගමුද? (නි)
සතුන් පෙරහැර වලට පාවිච්චි කරන එක බුද්ධාගමට අනුව වැරදියි. ඔය සතුන්ට ආගමක් කියලා එකක් තේරෙන්නේ නැහැ. දම්වැල් වලින් සහ ලණු වලින් ගැට ගහලා තියෙන්නේ. ලිහලා බලන්නකෝ එයා මොනවද කරන්නේ කියලා. ඇත්ගොව්වාත් ඉතින් ලොකු අය කියන පදේට නටනවා. (නි)