IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අලි පැටවා ලක්ෂ 50ක බැඳුම්කරයක් මත මුදා හරී

නාවල නිවසක ගෙවත්තේ සිටියදී ඉරිදා (31) වනජීවි නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කෙනර පැටවාගේ හිමිකරු ඉදිරිපත් කළ විස්තර කෙනර පැටවාගේ ශරීර ලක්ෂණ සමඟ නොසැසදෙන බව වනජීවී නිලධරයෝ කොළඹ මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා හමුවේ අද (01) කියා සිටියහ.

ඔවුන් ඉදිරිපත් කළ බලපත්‍රය ගැන සැකයක් ඇතැයි ඔවුහු පැවසූහ. 2014 වෙනුවෙන් බලපත්‍රයක් ඉදිරිපත් නොකළ බව ද ඔවුහු කීහ.

ඒ ගැන පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

සැප්තැම්බර 03-12 දක්වා මහියගනයේ  පැවැත්වෙන පෙරහරට සහභාගී කරවා ගැනීමට හිමිකරු එස් එම් රොෂාන් අධිකරණයේ අවසරය පැතීය.

රුපියල් ලක්ෂ 50ක ඇයපකරයක් මත කෙනර පැටවා ඔහුට මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

ඇත්ගොව්වන් දෙදෙනා වන චන්දන කුමාර සහ ශසික මාලදක ගම්ලත් රුපියල් පනස් දහසක  ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

මෙම අලි පැටවාගේ ඉදිරිපස පාදයේ විශ්කකම්භය අගල් 29 ක් වූ නමුත් ලියැවිල්ලාල් සඳහන් වී ඇත්තේ අඟල් 53ක් බවයි.

ජින්ටෙක් ආයතනය ලවා කෙනර පැටවාගේ ජාන පරීක්ෂණයක් කිරිීමට වනජීවී දෙපාර්තමේන්තුව උසාවි නියෝගයක් ද ලබා ගත්තේය.

අලි පැටවා  අධිකරණයට ඉදිරිපත් කැරිණි.

  DSC00834 DSC00836 DSC00850 DSC00860 DSC00865

DSC00870

ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර

 



අදහස් (0)

අලි පැටවා ලක්ෂ 50ක බැඳුම්කරයක් මත මුදා හරී

මිතිල Monday, 01 September 2014 04:35 PM

වසන්ති, ඔයාට ඔච්චර වටිනවා නම් ගෙදෙර ගෙනිහින් තියාගන්නකෝ. (නි)

:       0       0

අබේපාල Monday, 01 September 2014 04:44 PM

අලි පැටියා පවු නේද? (නි)

:       0       0

උපාලි Monday, 01 September 2014 09:45 PM

පුලස්තිගේ ප්‍රශ්නයම මටත් අහන්න තියෙනවා. උදාහරණයක් හැටියට බලපත්‍ර නැතුව අල්ලන මත්පැන් සාදවලට මුදාහරින්න පුලුවන්ද? මාත් මේ නොදන්නා හින්දයි අහන්නේ. (නි)

:       0       0

සත්‍යයා Monday, 01 September 2014 11:30 PM

ප්‍රදීප්, අපි ඔබට වන හිංසනය ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර කාලය තුල සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හස්තීන්ට හිමි ගෞරවය පිළිබඳ තරමක් අධ්‍යයනය කරන්න බලන්න. එතකොට අශ්වයා අයිති කාටද හස්තියා අයිති කාටද කියලා පුංචි මොළයට වැටහේවි. (නි)

:       0       0

සමන්ති Tuesday, 02 September 2014 12:21 AM

අලි සම්පත විනාශවන්නේ මිනිසුන්ගේ තියෙන බොරු උජාරුව නිසායි (නි)

:       0       0

දයා අලහකෝන් Monday, 01 September 2014 10:15 AM

අනේ මේ අලි පැටියට දෙන වදයක් (දිල්)

:       0       0

රොහාන් සෞදි Monday, 01 September 2014 10:28 AM

අහිංසක සතුන්ට කරන මේ අපරාධය නම් වහාම නවත්වන්න.(දිල්)

:       0       0

පුලස්ති Monday, 01 September 2014 10:54 AM

නිසි බලපත්‍රයක් නැත්නම් කොහොමද ඒ පැටියා පෙරහරකට දෙන්නෙ? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

සම්පත් Monday, 01 September 2014 11:17 AM

තව චිරාත් කාලයක් අපට අලින් සමඟ පෙරහැර බලන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

සේරම් Tuesday, 02 September 2014 02:45 AM

මට අහන්න තියෙන්නෙත් උපාලිගේ ප්‍රශ්නයමයි . මෙහෙවූ රටකට හිරු පායනවා පුදුමයි (අ)

:       0       0

චින්තක Monday, 01 September 2014 11:18 AM

රොහාන් කියන්නේ මොන අපරාධයක් ගැනද? (නි)

:       0       0

එරංග Monday, 01 September 2014 11:22 AM

හොඳ නඩු තීන්දුවක් (නි)

:       0       0

ප්‍රදීප් Monday, 01 September 2014 11:32 AM

කිසිවකුට හෝ සත්ව හිංසා ගැන කතාකිරීමට අවශ්‍ය නම් ඇයි අශ්ව රේස්, බලු රේස් සඳහා සතුන් යොදාගැනීමට එරෙහිව හඩනඟන්නේ නැත්තේ? (නි)

:       0       0

වසන්ති Monday, 01 September 2014 11:37 AM

ප්‍රදීප්, අපිට අශ්වයින්ට වැඩිය අපේ අලි වටිනවා. ඒකයි මිනිස්සු අලි හොරුන්ටත් ඒවාට අනුබල දෙන බලධාරින්ටත් විරුද්ධව කතා කරන්නේ. ඔබට අයිතියක් තියෙනවා අශ්වයින් සහ බල්ලන් ගැන කතා කරන්න. (නි)

:       0       0

රුවන් Monday, 01 September 2014 11:56 AM

රොහාන්, අලියෝ නැති උනාම උඹද එතකොට පෙරහැරේ යන්නේ? අලියෝ ඉන්නේ ඕවට තමයි ඌට නිකන් කකා බිබී ඉන්න එකේ ඔය පෙරහැරේ රවුමක් දෙකක් ගියාම මොකද වෙන්නේ?මොකෝ ඌගේ ඇඟ බහිනවද? (නදී)

:       0       0

සීලා Monday, 01 September 2014 12:07 PM

වඩා හොද නැද්ද දේශපාලකයෝ අලින්ට අන්දවලා පෙරහරට දානවා නම්? (නදී)

:       0       0

වීරා Monday, 01 September 2014 12:15 PM

චින්තක, පැටියෙක් අල්ලන්න තව අලි කීයක් මරන්න ඇතිද? මේවා කැලා ඇතුලේ සැඟවිලා. පොඩි සතාට දාල තියෙන දන්වැල් ගාන දැක්කද? මෙවුන් ගෙන් වැඩ ගන්නවා උල් වලින් ඇන ඇන. පෙරහරත් ඒ වගේ හිංසාවක් සත්තුන්ට. . ඔයාල විනෝද වුනාට. අපි පෙරහැරවල් වර්ජනය කරමු. සත්තුන්ට වද දෙන නිසා. මම නම් බලන් නැහැ දැනටත්. (නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 02 September 2014 04:17 AM

බටහිර සංස්කෘතියේ මෙහෙයවීම මත බොහෝ දෙනාට සිංහල බෞද්ධ පෙරහරින් අලින් ඈත් කිරීමට අවශ්‍යව ඇත. (නදී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 02 September 2014 04:17 PM

වසන්ති ,ඔයා 100%ක් හරි (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 01 September 2014 01:20 PM

අලි හිමියා අලි පැටවාට ආදරේ නම්, අලියාව හොඳින් බලාගන්නවා නම්, කැලේට මුදාහැරලා කෲ‍ර මිනිසුන්ගේ වෙඩි පාරකට ලක් කරනවට වඩා වටිනවා ඔහුටම දීලා දාන එක (නි)

:       0       0

ඉසුරන්දි Monday, 01 September 2014 01:53 PM

ඔය සතාව පුනරුත්තාපනය කරලා පොඩ්ඩක් හීලෑ වෙන්න ඇරලම පෙරහරල් වලට දැම්මොත් නේද හොඳ? (නි)

:       0       0

දයාල් Tuesday, 02 September 2014 07:35 AM

මෙතන සමහර අදහස් දකිද්දී මට හිතෙනවා සමහර මිනිස්සු ඉන්නේ තිරිසන් සතුන්ටත් පහළ කියලා (නි)

:       0       0

ජනිත් Tuesday, 02 September 2014 07:42 AM

අනේ ඔය අලි ඇතුන් පෙරහරට දාන්න පෙර හීලෑද මද කිපිලාද යන්න සොයා බලන්න. නැත්නම් අහළ පහළ මිනිසුන්ට කකුල් අතේ තියාගෙන දුවන්න වෙනවා. (නි)

:       0       0

සුනිල් Monday, 01 September 2014 03:36 PM

ඉක්මනින්ම අලි පැටියා නිදහස් වේවා! (නි)

:       0       0

හනීෆා Monday, 01 September 2014 04:06 PM

මම නම් ප්‍රාර්ථනා කරන්නේ අලි ඇත්තු පෙරහැරවල් වලින් ඉවත්වේවා කියලා. එතකොටවත් මේ අහිංසක සතුන්ට නිදහසේ ජීවත් වෙන්න පොඩි හරි ඉඩක් ලැබේවි... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 147 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 230 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 180 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 492 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1176 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 564 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1296 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1541 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site