නාවල නිවසක ගෙවත්තේ සිටියදී ඉරිදා (31) වනජීවි නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කෙනර පැටවාගේ හිමිකරු ඉදිරිපත් කළ විස්තර කෙනර පැටවාගේ ශරීර ලක්ෂණ සමඟ නොසැසදෙන බව වනජීවී නිලධරයෝ කොළඹ මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා හමුවේ අද (01) කියා සිටියහ.
ඔවුන් ඉදිරිපත් කළ බලපත්‍රය ගැන සැකයක් ඇතැයි ඔවුහු පැවසූහ. 2014 වෙනුවෙන් බලපත්‍රයක් ඉදිරිපත් නොකළ බව ද ඔවුහු කීහ.
ඒ ගැන පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
සැප්තැම්බර 03-12 දක්වා මහියගනයේ පැවැත්වෙන පෙරහරට සහභාගී කරවා ගැනීමට හිමිකරු එස් එම් රොෂාන් අධිකරණයේ අවසරය පැතීය.
රුපියල් ලක්ෂ 50ක ඇයපකරයක් මත කෙනර පැටවා ඔහුට මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
ඇත්ගොව්වන් දෙදෙනා වන චන්දන කුමාර සහ ශසික මාලදක ගම්ලත් රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
මෙම අලි පැටවාගේ ඉදිරිපස පාදයේ විශ්කකම්භය අගල් 29 ක් වූ නමුත් ලියැවිල්ලාල් සඳහන් වී ඇත්තේ අඟල් 53ක් බවයි.
ජින්ටෙක් ආයතනය ලවා කෙනර පැටවාගේ ජාන පරීක්ෂණයක් කිරිීමට වනජීවී දෙපාර්තමේන්තුව උසාවි නියෝගයක් ද ලබා ගත්තේය.
අලි පැටවා අධිකරණයට ඉදිරිපත් කැරිණි.
ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ති, ඔයාට ඔච්චර වටිනවා නම් ගෙදෙර ගෙනිහින් තියාගන්නකෝ. (නි)
අලි පැටියා පවු නේද? (නි)
පුලස්තිගේ ප්‍රශ්නයම මටත් අහන්න තියෙනවා. උදාහරණයක් හැටියට බලපත්‍ර නැතුව අල්ලන මත්පැන් සාදවලට මුදාහරින්න පුලුවන්ද? මාත් මේ නොදන්නා හින්දයි අහන්නේ. (නි)
ප්‍රදීප්, අපි ඔබට වන හිංසනය ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර කාලය තුල සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හස්තීන්ට හිමි ගෞරවය පිළිබඳ තරමක් අධ්‍යයනය කරන්න බලන්න. එතකොට අශ්වයා අයිති කාටද හස්තියා අයිති කාටද කියලා පුංචි මොළයට වැටහේවි. (නි)
අලි සම්පත විනාශවන්නේ මිනිසුන්ගේ තියෙන බොරු උජාරුව නිසායි (නි)
අනේ මේ අලි පැටියට දෙන වදයක් (දිල්)
අහිංසක සතුන්ට කරන මේ අපරාධය නම් වහාම නවත්වන්න.(දිල්)
නිසි බලපත්‍රයක් නැත්නම් කොහොමද ඒ පැටියා පෙරහරකට දෙන්නෙ? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
තව චිරාත් කාලයක් අපට අලින් සමඟ පෙරහැර බලන්න වාසනාව ලැබේවා! (නි)
මට අහන්න තියෙන්නෙත් උපාලිගේ ප්‍රශ්නයමයි . මෙහෙවූ රටකට හිරු පායනවා පුදුමයි (අ)
රොහාන් කියන්නේ මොන අපරාධයක් ගැනද? (නි)
හොඳ නඩු තීන්දුවක් (නි)
කිසිවකුට හෝ සත්ව හිංසා ගැන කතාකිරීමට අවශ්‍ය නම් ඇයි අශ්ව රේස්, බලු රේස් සඳහා සතුන් යොදාගැනීමට එරෙහිව හඩනඟන්නේ නැත්තේ? (නි)
ප්‍රදීප්, අපිට අශ්වයින්ට වැඩිය අපේ අලි වටිනවා. ඒකයි මිනිස්සු අලි හොරුන්ටත් ඒවාට අනුබල දෙන බලධාරින්ටත් විරුද්ධව කතා කරන්නේ. ඔබට අයිතියක් තියෙනවා අශ්වයින් සහ බල්ලන් ගැන කතා කරන්න. (නි)
රොහාන්, අලියෝ නැති උනාම උඹද එතකොට පෙරහැරේ යන්නේ? අලියෝ ඉන්නේ ඕවට තමයි ඌට නිකන් කකා බිබී ඉන්න එකේ ඔය පෙරහැරේ රවුමක් දෙකක් ගියාම මොකද වෙන්නේ?මොකෝ ඌගේ ඇඟ බහිනවද? (නදී)
වඩා හොද නැද්ද දේශපාලකයෝ අලින්ට අන්දවලා පෙරහරට දානවා නම්? (නදී)
චින්තක, පැටියෙක් අල්ලන්න තව අලි කීයක් මරන්න ඇතිද? මේවා කැලා ඇතුලේ සැඟවිලා. පොඩි සතාට දාල තියෙන දන්වැල් ගාන දැක්කද? මෙවුන් ගෙන් වැඩ ගන්නවා උල් වලින් ඇන ඇන. පෙරහරත් ඒ වගේ හිංසාවක් සත්තුන්ට. . ඔයාල විනෝද වුනාට. අපි පෙරහැරවල් වර්ජනය කරමු. සත්තුන්ට වද දෙන නිසා. මම නම් බලන් නැහැ දැනටත්. (නදී)
බටහිර සංස්කෘතියේ මෙහෙයවීම මත බොහෝ දෙනාට සිංහල බෞද්ධ පෙරහරින් අලින් ඈත් කිරීමට අවශ්‍යව ඇත. (නදී)
වසන්ති ,ඔයා 100%ක් හරි (නි)
අලි හිමියා අලි පැටවාට ආදරේ නම්, අලියාව හොඳින් බලාගන්නවා නම්, කැලේට මුදාහැරලා කෲර මිනිසුන්ගේ වෙඩි පාරකට ලක් කරනවට වඩා වටිනවා ඔහුටම දීලා දාන එක (නි)
ඔය සතාව පුනරුත්තාපනය කරලා පොඩ්ඩක් හීලෑ වෙන්න ඇරලම පෙරහරල් වලට දැම්මොත් නේද හොඳ? (නි)
මෙතන සමහර අදහස් දකිද්දී මට හිතෙනවා සමහර මිනිස්සු ඉන්නේ තිරිසන් සතුන්ටත් පහළ කියලා (නි)
අනේ ඔය අලි ඇතුන් පෙරහරට දාන්න පෙර හීලෑද මද කිපිලාද යන්න සොයා බලන්න. නැත්නම් අහළ පහළ මිනිසුන්ට කකුල් අතේ තියාගෙන දුවන්න වෙනවා. (නි)
ඉක්මනින්ම අලි පැටියා නිදහස් වේවා! (නි)
මම නම් ප්‍රාර්ථනා කරන්නේ අලි ඇත්තු පෙරහැරවල් වලින් ඉවත්වේවා කියලා. එතකොටවත් මේ අහිංසක සතුන්ට නිදහසේ ජීවත් වෙන්න පොඩි හරි ඉඩක් ලැබේවි... (නි)