(නිමල් ජයරත්න)

පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ කුඩා ඇළක කොන්ක්‍රීට් බෝක්කු බටයක් තුල සිර වී සිටි මාස හතරක් පමණ වයසැති  අලි පැටියකු මුදාගැනීමට වැලිකන්ද වනජීවී නිලධාරීහු සමත් වූහ.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එම අලි පැටියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව වැලිකන්ද අඩවි ආරක්ෂක කේ.ඩී. ජානක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ය.

බීමට ජලය සොයා පැමිණි වන අලි රංචුවකින් මග හැරුනු එම අලි පැටියා ඇළට වැටී කුඩා බෝට්ටුවක හිර වන්නට ඇති බවට සැකකරන ජනක මහතා කීවේය.