උතරු මැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා තුන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට නියමිත අපෙක්ෂකයින් තෝරා ගැනෙන සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි. මහා ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පරීක්ෂණ මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ජෝෂප් මයිකල් පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක හා පක්ෂ භාණ්ඩාගාරික සෙනරත් කපුකොටුව යන මහත්වරු ද එක් වූහ.
මෙවර නවක අපෙක්ෂකයින් තුන්සීයකට වඩා අධික ප්‍රමාණයක් අයදුම් කළ බවත් කිසිදු සමාජ විරෝධී ක්‍රියාවකට හෝ වංචා දූෂණ චෝදනාවකට ලක් වූ කිසිදු අපේකෂකයකුට නාම යෝජනා නොදෙන බවත් මහාලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිදු අය ඉඳියිද ??
මේ පැත්තට අපි පිරිසුදු මදිනම් අපි අනිත් පැත්තෙන් ඉල්ලනවා! කවුරුත් දන්නවා කොහොම වුනත් චන්දෙ දිනන්නේ අන්තිම අපිරිසුදුම අපේක්ෂකය බව...අපරාදේ කියන්න බෑ, ඒ අතින් අපේ අපේ චන්ද දායකයන්ට පුදුම ටේස්ට් එකක් තියෙන්නේ?!
හැම පක්ෂයකින්ම ඉල්ලන අය පිරිසිදුද නැත්ද බලන්න හේනේ මාමා ගාවට යවල බලන්න .
මේ පාරත් සන්ධානයට විශිෂ්ඨ ජයක් නියතයි
එහෙනම් කවුරුවත් නැති වෙයි !
ආවට පස්සේ තමයි බලා ගන්න පුලුවන් වෙන්නේ
තේරීම් කමිටුව සුපිරිසිදුයිද කියලා අපි දැන ගන්නේ කොහොමද?
එනකොට බෝ පැල...ආවට පස්සේ ඹාඳුරා...
කොට ඇදපු අලින්ට හම්බ වෙන්නේ නෑ
සුපිරිසිදු වුණාට වැඩක් නෑ.පුලුවන් නම් ඡන්දේ දිනලා පෙන්නන්න.මේක අභියෝගයක්.
මේ වතාවෙත් පැරදුනොත් නම් මම ආයිත් ඡන්දේ දෙන්නේ නෑ. මේ අන්තිම පාර.
මටනම් පිස්සු වගේ මෙයාලා....
කට වචනෙට නැතුව ක්‍රියාවෙනුත් එහෙම කරනවානම් ඇත්තටම ආදර්ශමත්....
අපි නොදන්නවායැ මෙයාලගේ පිරිසිදුකමේ තරම...
මම හිතුවේ මේ ඉන්නේ මාස්ටර් බ්ලාස්ටර් කියල
පිරිසිදුවට නාලා එහෙම ගියා නම් මටත් ගන්න තිබුණා
නියමයි.සෑම පක්ෂයකටම ආදර්ශයක්
ප්රධාන පක්ෂ දෙකම මැරයන් , කුඩුකාරයන් නාම යෝජනා වලට ඉදිරිපත් නොකිරීමට ගත්ත තිරණය ඉතාම හොද දෙයක් . මම හිතන්නේ මිට කලින් වෙන්න ඕනේ දෙයක් ප්‍රමාද වෙලාහරි වෙච්ච එක මට බොහොම අගේ. භාරත ගේ දුව හිරුනික ඉල්ලපු දේ පක්ෂ දෙකම පිළිඅරගෙන තියන එක හිටත බොහොම සන්තොසි .
දැන් නිකන් සුදනෝ වෙන්න හදනවා.අපි නොදන්නවායැ
අනික් පිළේ අය අපිරිසිදුද එතකොට?
පින්තුරේ ඉන්න සමහර අයගේ පෙනුමෙම තියනවා මහජනයාට සේවය කරන ලක්ෂණ.
බොරු කියනවා කියලා මෙහෙමත් බොරු කියනවද අප්පා
එතකොට ඔය නාමයෝජනා මණ්ඞලයේ ඉන්න අයට මොකද වෙන්නේ
පාර්ලිමේන්තුවට තේරී පත්වුණාට පස්සේ නරක දේවල් කළොත් එතකොට මොකද වෙන්නේ?
මොනවා සාකච්චා කලත් සන්ධානේ තාම දින්නන්නේ
දෑන් ල0කාවෙ ටිපෙක්ස් විකුනන එක නතර කරලද?
අර මාමාව දැක්කහම හිතාගන්න පුලුවන්
එතකොට තේරීම් කමිටුවේ ඉන්නේ පස්පවු වලින් ආරක්ෂා වූණු නියම පිරිසිදු අයද? දෙවියන්ගේ පිහිටයි ඔබ සැමට!
දූෂිත වැඩ කරන්න බලයක් නොතිබුණු නිසා ඔක්කොම පිරිසුදුයි තමයි
කිලිනොච්චි යනවා කියල මැදවච්චි යනවා, ඕනගොනෙකුට යුද්ද කරන්නත් පුළුවන්, මෙහෙම කියපු අය නේද සම්මුඛ පරීක්ෂක මණ්ඩලයේ ඉන්නේ, ආහාර සම්බන්ද ආයතනයක් කාපු කෙනෙකුත් ඉන්නවා, බොරු විදින කෙනෙකුත් ඉන්නවා මෙයාල දම්මලද පිරිසිදු චරිත තෝරාගන්නේ....?
අනේ හාමුදුරුවනේ මට නම් බොරු කියන්න බැහැ.අපේ පක්ෂයෙන් නම් දෙන්නේ හොදම අයට.පිරිසිදු පෝස්ටරුත් ගහලා තියෙන්නේ.!
හැබෑවටම එහෙම කරනවා නම් පක්ෂෙට හොද අනාගතයක් නිකන්ම ගොඩ නැගේවි
පෙරහරේ යන ඇත්තු තමයි ගන්න වෙන්නේ
පක්ෂය මොකක් වුණත් හොද ආදර්ශයක් දුන්නේ
සුපිරිසුදුයි කියන්නේ යනතැන සුද්ධකරන අයටනේ.
සොරිම තමයි..?
විපක්ෂයේ ඉදගෙන කොහොමද අනේ වංචා කරන්නේ? මේ හැමෝම තවමත් අති පිරිසිදුයි
ඔන්න දුරකතනයෙනුත් නාම යෝජනාවක්....